The Leader News
BREAKING
Top Ad
පුවත්

ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝගයක් !

T

The Leader Desk

February 2, 2026 • 4:38 PM

ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝගයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (02) නියෝග කළේය.
  • මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ ශ්‍රි ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනිමේ ගනුදෙනුවේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධ නඩුවේ තුන්වැනි සැකකරු ලෙස නම් කරමිනි.
  • කාල සීමාවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් දහයක් මිලදී ගැනීමට සූදානම් වූ අවස්ථාවේ සිදුවූ බවට චෝදනා ලද දූෂිත ගනුදෙනුවකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
  • එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ නඩුවේ තුන් වැනි සැකකරු ලෙස චමල් රාජපක්ෂගේ බාල පුත් ශමින්ද්‍ර රාජපක්ෂ නම් කරන ලෙසට නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (02) නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ ශ්‍රි ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනිමේ ගනුදෙනුවේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධ නඩුවේ තුන්වැනි සැකකරු ලෙස නම් කරමිනි.

2012 -13 කාල සීමාවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් දහයක් මිලදී ගැනීමට සූදානම් වූ අවස්ථාවේ සිදුවූ බවට චෝදනා ලද දූෂිත ගනුදෙනුවකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ නඩුවේ තුන් වැනි සැකකරු ලෙස චමල් රාජපක්ෂගේ බාල පුත් ශමින්ද්‍ර රාජපක්ෂ නම් කරන ලෙසට නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බවය.

ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනට රතු වරෙන්තු නිකුත් කරන්න නියෝග

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිය මෙම නඩුවේ සෙසු සැකකරුවන් වන අතර ඔවුන් මේ වනවිට ඇප මත මුදාහැර සිටිති.

කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ දැනට ඇමරිකාවේ පදිංචි බව  කියන සැකකරු අත් අඩංගුවට ගැනීමට ජාත්‍යාන්තර පොලිසියේ සහාය ලබා ගන්නා ලෙසය.

රතු වරෙන්තු නිකුත් කිරීමට පියවර ලබා ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

එයාබස් ගනුදෙනුවේ සංක්ෂිප්ත අතීතය

2012 -13 කාල සීමාවේ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා 13ක් ඉවත් කර ඒ වෙනුවට අලුත්ම යානා 14ක් සේවයට එක් කරගැනීමට යෝජනාවක් ගෙනැවිත් තිබිනි. ඒ යානා අතරින්  A330 යානා 6ක් සහ  A350 යානා 4ක් මිලදී ගැනීම සඳහා ප්‍රංශ එයා බස් සමාගම සමග ගිවිසුමක් අත්සන් කෙරිනි.

මේ ගනුදෙනුවේ බරපතල වංචාවක් පිලිබඳ තොරතුරු අනාවරණය වූයේ 2020 වසරේ ජනවාරි මාසයේ බ්‍රිතාන්‍යයේ බරපතල වංචා විමර්ශන කාර්යාලය සිදුකළ විමර්ශනයකිනි.  එයාර්  බස් යානා 10ක් මිලදී ගැනීම සඳහා ප්‍රංශයේ එයාබස් සමාගම ඇමරිකානු ඩොලර් 16.84ක අල්ලසක් ලබා දිමට පොරොන්දු වි සිටි බව මෙම විමර්ශනයේ දී අනාවරණය විය.

එහිදි හෙළි වූයේ ශ්‍රි ලංකන් සමාගමේ එවක ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරියට අයත් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමක ගිනුමකට එම මුදලින් ඩොලර් මිලියන 02ක් බැර කර ඇති බවය.

පසුව මෙරට සිදුකළ විමර්ශන වාර්තාවක් මත පදනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය. එම වාර්තාවට අනුව කපිල චන්ද්‍රසේනගේ බිරියට ඇයත් සමාගම නමින් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමට ලැබුණු මුදල් සිංගප්පූරුවේ ගිනුමක් මගින් කපිල චන්ද්‍රසේන ඔස්ට්‍රේලියාවේ ඇති ඔහුගේ ගිනුමකට මාරු කර යවා තිබුණු බවය.

තවදුරටත් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙරට ගිනුම් දෙකකට ද සිංගප්පූරුවෙන් මුදල් හුවමාරු වී ඇතැයි අනාවරණය කරගත්තේය. මෙම ගිනුම් දෙක අතර ශමින්ද්‍ර රජාපක්ෂට අයත් බැංකු ගිනුමකට 2013 දී ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ හැට දහසක මුදලක් බැර වී තිබිණි.

මේ සම්බන්ධයෙන් ශමින්ද්‍ර රාජපක්ෂගේ ප්‍රකාශයක් සටහන් කරගැනීමට උත්සාහ කළ ද ඔහු ඇමරිකාවේ වාසය කරන බැවින් එය සාර්ථක වූයේ නැත.

හිටපු කතා නායක චමල් රාජපක්ෂගෙන් ද මීට අදාලව ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මේ අතර මේ එයාර් බස් ගනුදෙනුව පිළිබඳ තීරණ ගැනීමේ දී අදාල අධ්‍යක්ෂ මණ්ඩලයේ ශමීන්ද්‍ර රාජපක්ෂ සිටි බවත් ඊට අදාල රැස්වීම කතානායක නිල නිවසේ පවත්වා ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබිණි.

| lankasara

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝගයක් ! | The Leader