ජනවාරි මාසයේදී ඝාතනයට ලක්වු සුබ්‍රමනියම් සුගීර්දරාජන්, ලසන්ත වික්‍රමතුංග හා හා බලහත්කාරයෙන් පැහැර ගන්නා ලද ප්‍රගීත් එක්නැලිගොඩ යන මාධ්‍ය වේදීන් තිදෙනාට මලින් පහනින් උපහාර දක්වමින් 2026 ජනවාරි 31 වැනිදා මුලතිව් මාධ්‍ය සමාජයේදී එම අනුස්මරණය සිදු කර තිබුනේ මුලතිව් මාධ්‍ය සමාජයේ සභාපති ශන්මුගම් තවසීලන්ගේ ප්‍රධානත්වයෙනි.
මාධ්‍යවේදීන් අනුස්මරණයෙන් අනතුරුව මුලතිව් නගරයේ සහ බස්නැවතුම් පොළ තුළ කළු ජනවාරිය සම්බන්ධයෙන් අත් පත්‍රිකාවක් බෙදා හැරීමටත් මුලතිව් මාධ්‍ය සමාජය කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් වැඩිම පිරිසක් ඝාතනය කරන ලද මාසය ‘කළු ජනවාරිය’ ලෙස හැඳින්වේ.
සිංහල, දෙමළ, ඉංශ්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන් ලියන ලද එම අත්පත්‍රිකාව මගින් අවධාරණය කර ඇත්තේ මාධ්‍යවේදීන්ගේ ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලබන්නන් සියල්ලන්ට පාහේ දණ්ඩ මුක්තිය පමණක් නොව වරදාන ද සලසා දෙමින්, සත්‍යය හෙළි කොට යුක්තිය ඉටු කරන්නට කිසිදු වෙහෙසක් නොගන්නා ආණ්ඩු දිගින් දිගටම බලයට පත්වන නිසා රටම කලුවරේ බවයි.
සිසු දරුවන් පස් දෙනකු මරා දැමීම පිළිබඳව ලොවට හෙළි කිරීම නිසා මීට විසි වසරකට ඉහත දී ඝාතනය කෙරුණු සුබ්‍රමනියම් සුගීර්දරාජන් ද සිහිපත් කරන එම අත් පත්‍රිකාවේ සදහන්ව ඇත්තේ ඔහුගේ ඝාතනයට පෙර හා පසු ඝාතනය කරනු ලැබූ හෝ පැහැරගෙන අතුරුදහන් කරනු ලැබූ හෝ මාධ්‍ය ශ්‍රමිකයන් ගණන පනහකට ආසන්න අතර ඉන් සාතිශය බහුතරය දෙමළ බවයි.
“ දෙමළ මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුගීර්දිරාජන් අද ජීවතුන් අතර සිටී නම් 56 හැවිරිදිය. එහෙත් අදින් 20 වසරකට පෙර, 36 වැනි වියේ පසුවෙද්දී රාජ්‍ය මිනීමරුවන් විසින් ඔහුගේ ජීවිතය තොර කරන ලදී.ඔහු ඝාතනය කරනු ලැබුවේ 2006 අවුරුද්දේ දෙවැනි දවසේ රජයේම හමුදා විසින් ත්‍රිකුණාමලයේදී සිසු දරුවන් පස් දෙනකු වෙඩි තබා ඝාතනය කර තිබු ආකාරය ඔප්පු කෙරෙන බිඳහෙළිය නොහැකි ඡායාරූපගත සාක්ෂි වලින් හෙළි කළ නිසාය. ශ්‍රී ලංකා ආණ්ඩුව කියා තිබුනේ එම සිසුන් මිය ගියේ ඔවුන් රැගෙන ගිය බෝම්බයක් පුපුරා යාමෙන් බවය. සත්‍යය හෙළි කළේ සුගීර්දරාජන්ය. ඔහුට කලින් ද ඔහුට පසුවද ඝාතනය කරනු ලැබූ හෝ පැහැරගෙන අතුරුදහන් කරනු ලැබූ හෝ මාධ්‍ය ශ්‍රමිකයන් ගණන පනහකට ආසන්නය. ඉන් සාතිශය බහුතරය දෙමළය..”
සුගීර්දරාජන්ගේ මරණයෙන් සිව් වසකට පසු 2010 ජනවාරි 24 වැනිදා පැහැර ගන්නා ලද ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුලු වැඩි පිරිසක් එම බියකරු ඉරණමට ජනවාරි මාසයේ දී ගොදුරු වු බව එම අත් පත්‍රිකාව මගින් මුලතිව් මාධ්‍ය සමාජය වැඩි දුරටත් සිහිපත් කර දී තිබේ.





