The Leader News
BREAKING
Top Ad
පුවත්

ගල් අඟුරු නැව් තුනම බාලයි ! - හදිසි මිලදී ගැනීම් දුෂිතයන්ට රන් ආකරයකි...

T

The Leader Desk

February 3, 2026 • 6:37 AM

ගල් අඟුරු නැව් තුනම බාලයි ! -  හදිසි මිලදී ගැනීම් දුෂිතයන්ට රන් ආකරයකි...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රට තුළට රැගෙන ආ ගල් අඟුරු නැව් තුනක් ප්‍රමිතියෙන් තොර වී තිබියදීත් ගිවිසුම් අහෝසි නොකර තවදුරටත් ගල් අඟුරු ගෙන්වීමට අවස්ථාව ලබා දී තිබෙන බව ද ඔහු පැවසීය.
  • ජාතික නිදහස් පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව ද සඳහන් කළ විමල් වීරවංශ තවදුරටත් මෙසේ ද පැවසීය.
  • මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇය එබව සඳහන් කර ඇත.
  • '' දුෂිත බලශක්ති මාෆියාව ඉන්ධන, විදුලි හා ගල්අඟුරු ජාවාරම සඳහා යොදා ගන්නා මෙවලම ලෙස භාවිත කරන්නේ ‘හදිසි මිලදී ගැනීම්’ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


රට තුළට රැගෙන ආ ගල් අඟුරු නැව් තුනක් ප්‍රමිතියෙන් තොර වී තිබියදීත් ගිවිසුම් අහෝසි නොකර තවදුරටත් ගල් අඟුරු ගෙන්වීමට අවස්ථාව ලබා දී තිබෙන බව ද ඔහු පැවසීය.

ඊයේ (පෙබ. 2) ජාතික නිදහස් පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව ද සඳහන් කළ විමල් වීරවංශ තවදුරටත් මෙසේ ද පැවසීය.

“වසරකට ගල් අඟුරු නැව් තිස් අටක් පමණ අවශ්‍ය වෙනවා. මුහුදේ පවතින රළු ස්වභාවය නිසා අප්‍රේල් මාසයට පෙර ගල් අඟුරු නැව් තිස් අටම ගොඩබා අවසන් කළ යුතුයි. එත් තාමත් ගෙන්වලා තියෙන්නේ නැව් තුනයි එම නැව් තුනත් ප්‍රමිතියෙන් තොරයි.

ගල් අඟුරුවලින් සිදුවුණ පාඩුව මහජනතාව මත පටවන්න හදනවා. පවතින තත්ත්වය පාවිච්චි කරලා හදිසි මිල දී ගැනීම් සිදු කරලා හොරා කන්න හදනවා. සමස්ත පාඩුව විදුලි පාරිභෝගිකයන් මත පටවන් ලෑස්ති වෙනවා. මේ අනුව ඉදිරි කාර්තුවේදී විදුලි බිල සියයට විස්සකින් ඉහළ දමන්න සැලසුම් කරමින් සිටිනවා.

බාල ගල් අඟුරු භාවිත කිරීමෙන් යන්ත්‍රවලට බලපෑම් සිදුවෙන්න පුළුවන්. ගල් අඟුරු ගෙන්වීම ප්‍රමාද වුණාම සිදුවෙන්නේ ඩීසල් මාෆියාවෙන් විදුලිය මිල දී ගන්න. එකේ පාඩුවත් ජනතාව මත පැටවෙනවා. බලයට ආවේ පට්ට වැඩ්ඩෝ කියලා කොහොමද පට්ට වැඩ්ඩන්ගේ වැඩ.”

 


ගල් අඟුරු සැපයුම, ‘රන් ආකාරයක්’ බවට පත් කර ගැනීමේ  සුදානමක් - රෝහිණී කවිරත්න

627365411 4310531929222085 9177295802378283533 n
මේ අතර මාතලේ දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පවසන්නේ, ‘හදිසි මිලදී ගැනීම්’ ලේබලය යටතේ මිලදී ගැනීම මගින්, ගල් අඟුරු සැපයුම, ‘රන් ආකාරයක්’ බවට පත් කර ගැනීමට ආණ්ඩුවේ පිරිසක් උත්සහ කරන බවයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇය එබව සඳහන් කර ඇත.

'' දුෂිත බලශක්ති මාෆියාව ඉන්ධන, විදුලි හා ගල්අඟුරු ජාවාරම සඳහා යොදා ගන්නා මෙවලම ලෙස භාවිත කරන්නේ ‘හදිසි මිලදී ගැනීම්’ ය. එම ගණුදෙනු බහුතරයක් අන්ත දුෂිත ය. සමාන්‍ය ක්‍රමයට වඩා වැඩි මිලක් මිලක් ගෙවා ලාභ ලැබීමට බලශක්ති මාෆියාව කටයුතු කරයි. ඒ සඳහා සෑම විටම ඔවුන් ප්‍රකාශ කරන්නේ හදිසි මිලදී ගැනීම් සිදු නොකරන්නේ නම් රට අඳුරේ තැබීමට සිදුවන බවය.

 

නැවත වරක් විදුලිය කැපීමක් පිළිබඳ භීතිය මවමින් ස්පොට් ටෙන්ඩර් ක්‍රමය යටෙත් ‘හදිසි මිලදී ගැනීම් ලෙස’ ගල් අඟුරු නැව් 8 සිට 10 දක්වා  මිලදී ගැනීමට රජය උත්සහ දරයි.

 

හදිසි මිලදී ගැනීම් බලශක්ති කේෂ්ත්‍රයේ දුෂිතයින්ට රන් ආකාරයකි. එය විදුලි මිල ඉහළ යාමට හේතු වන බැවින් විදුලි පාරිභෝගිකයාට ද, රටට ද විනාශයකි.  රටේ සම්පත් අන්ත දූෂිතයින් කිහිප දෙනෙකු අතට යාමට හේතුවකි. පැහැදිලිව ‘අල්ලස - දුෂණය’ යටතේ ගැනෙන වරදකි.

මේ වන විටත් ආණ්ඩුව ප්‍රශ්නකාරී ගල් අඟුරු මිලදී ගැනීමක් සිදු කර ඇත. මේ වන විට ගල් අඟුරු නැව් 6 ක් ලංකාවට මුහුදු සීමාවට පැමිණ ඇත. තවත් නැව් හතරක පැටවීම් ආරම්භ කර ඇත.

එසේ තිබියදී, හදිසි මිලදී ගැනීම් සිදු කිරීමට උත්සහ දැරීම තවත් අන්ත දූෂිත ගණුදෙණුවට අවස්ථාව සලසා ගැනීමකි.

 

නිසි වෙළාවට ඛනිජ තෙල් ආනයනය නොකර හදිසි මිලදී ගැනීම් ලෙස ඛනිජ තෙල් මිලදී ගැනීම පිළිබඳ නඩු විභාගයක් මේ වන විට ඇරඹී ඇත. හදිසි මිලදී ගැනීම් ලෙස සිදු කළ ප්‍රමිතියෙන් බාල ඉන්ධන නිසා මෝටර් රථ විනාශ විය. ඩීසල් විදුලි බලාගාර මාෆියාව නිසා විදුලි බිල ඉහළ යන්නේය. යෝජිත ගල් අඟුරු හදිසි මිලදී ගැනීම් බහුරතයක් ද, එවැනිම දුෂිත ගනුදෙනු වෙති.

 

නිසි ක්‍රමවේදයකින් ගල් අඟුරු මිලදී ගැනීමට රජයට මාස 11 ක කාලයක් තිබුණි. එය සිදු නොකර දුෂිත හදිසි ගණුදෙනුවකට රජය උත්සහ දරයි. මේ දුෂිත උත්සාහයන් වැලැක්වීමට අදාළ සියලු ආයතන පියවර ගත යුතුව ඇත.''

Hon. Rohini Kavirathna
MP, Matale District,
Samagi Janablawegaya.
rohinikavirathna@aol.com

 

කෙසේවුවද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, ගල් අඟුරු ‘හදිසි මිලදී ගැනීම්' සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත්තේ, කුමන බලපෑම් පැමිණියද අඛණ්ඩ විදුලිය සැපයීමට බාධාවක් නොවීමට ගනු ලැබූ පුර්ව ක්‍රියාමාර්ගයක් ලෙස බවයි. ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම විසින් ආනයනය කල නැව් 5ක ගල් අඟුරු මේවනවිට ගොඩබා අවසන් අතර අද දිනයේ 6වන නැවේ ගල් අඟුරු ගොඩබැම් ආරම්භ කිරීමට නියමිතය.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගල් අඟුරු නැව් තුනම බාලයි ! - හදිසි මිලදී ගැනීම් දුෂිතයන්ට රන් ආකරයකි... | The Leader