The Leader News
BREAKING
Top Ad
පුවත්

ගල් අඟුරු අර්බුදය : 'ටෙන්ඩර් ක්‍රමවේදය හෝ පිරිවිතරයන් වෙනස් කළේ නෑ' - බලශක්ති ඇමති

T

The Leader Desk

February 3, 2026 • 3:15 PM

ගල් අඟුරු අර්බුදය : 'ටෙන්ඩර් ක්‍රමවේදය හෝ පිරිවිතරයන් වෙනස් කළේ නෑ' - බලශක්ති ඇමති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටෙන්ඩර් ක්‍රමවේදය හෝ පිරිවිතරයන් වෙනස් කළේ නෑ.
  • අපි වැඩ කළේ ඒ අනුවයි'' ගල් අඟුරු ආනයනය කරනු ලැබුවේ 2023 පිරිවිතර ටෙන්ඩර් ක්‍රමවේදයට අනුව ක්‍රියා කළ බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අවධාරණය කර සිටියි.
  • ඔහු එබව කියා සිටියේ, ආනයනික ගල්අඟුරු ගැටලුව සම්බන්ධයෙන් අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
  • වගකීමක් රහිත අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමෙන් වළකින ලෙස ඔහු විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):
ටෙන්ඩර් ක්‍රමවේදය හෝ පිරිවිතරයන් වෙනස් කළේ නෑ. ගල් අගුරු වල ගුණාත්මක තත්වය පිළිබදව විශේෂ තත්වයක් මතුවුණොත් කළ යුතු දේ ටෙන්ඩර්/ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුල තියෙනවා. අපි වැඩ කළේ ඒ අනුවයි''

ගල් අඟුරු ආනයනය කරනු ලැබුවේ 2023 පිරිවිතර ටෙන්ඩර් ක්‍රමවේදයට අනුව ක්‍රියා කළ බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අවධාරණය කර සිටියි.

ඔහු එබව කියා සිටියේ, ආනයනික ගල්අඟුරු ගැටලුව සම්බන්ධයෙන් අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

වගකීමක් රහිත අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමෙන් වළකින ලෙස  ඔහු විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.

ගල්අඟුරු ආනයනයේදී ටෙන්ඩර් ක්‍රමවේදය හෝ පිරිවිතර ක්‍රමවේද වෙනස් නොකළ බවත් ගල් අඟුරුවල ගුණාත්මක තත්ත්වය පිළිබදව විශේෂ තත්ත්වයක් මතුවුවහොත් ගතයුතු ක්‍රියාමාර්ග ටෙන්ඩර්/ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ අඩංගුවන බවත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබුවේ ඒ අනුව බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

තවද ගල් අගුරු සැපයීම් හෝ ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මතුවිය හැකි ගැටළු විසදීම සම්බන්ධව අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදයට අනුකූල ක්‍රමවේදයක් ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ අඩංගු බවත් ක්‍රියාත්මක වී ඇත්තේ ඒ අනුව බැවින් සාවද්‍ය ප්‍රකාශ නොකරන ලෙස තමා විපක්ෂ මන්ත්‍රීන්ගෙන් ඉල්ලා සිටින බවද බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි වැඩිදුරටත් පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා,

"කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව හිටපු රෙජීමයේ ඥාති සම්බන්ධතා තිබු සමාගමක් එම සම්බන්ධතා භාවිතා කරමින් ගල් අගුරු සැපයීම සිදුකරමින් සිටියා. මෙවර ඔවුන්ද ටෙන්ඩරයට සහභාගි වුනත් ටෙන්ඩරය ලබාගත නොහැකි වුණා. සමහරු කතා කරන්නේ ඔවුන් වෙනුවෙන්.

හදිසි අවශ්‍යතාවක් මතුවුනොත් ගල්අඟුරු මිලදී ගැනීමක් සඳහා අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය මගින් ලබාදීලා තියෙනවා. එහෙම මිලදී ගැනීමක් කළත් ඉන් අලාභයක් සිදුවෙන්නේ නෑ. දැනට නැව් තොග 6ක් වරායට ඇවිත් තියෙන්නේ. පළමු සහ තෙවැනි තොගවල යම් වෙනස්කමක් ඇතත් ඉතිරිය අවශ්‍ය මට්ටමට තියෙනවා."
 

 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...