රජය සැලසුම් කර ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති යූ.ඩී. නිශාන්ත ජයවීර ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය ඇමැතිවරයා මේ අදහස් පළ කළේ බදු පදනම පුළුල් කිරීමේ අරමුණින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරනු ලබන බදු ගෙවිය හැකි ව්‍යාපාරික ප්‍රජාව ප්‍රමුඛ මහජනතාව දැනුවත් කිරීමට කොළඹ අවට විශේෂ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක එක්වෙමිණි.
ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය දා කොළඹ ප්‍රධාන වාණිජ කලාප කේන්ද්‍ර කරගනිමින් විශේෂ ක්ෂේත්‍ර දැනුවත් කිරීමේ වැඩසටහනක නිරත විය.
පිටකොටුව, පංචිකාවත්ත සහ කොල්ලුපිටිය යන ප්‍රදේශ ආවරණය කරමින් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලුම මට්ටම් නියෝජනය වන පරිදි නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වුහ. මෙහිදී අදාළ ප්‍රදේශ වල ව්‍යාපාරික ප්‍රජාවගෙන් සහ වෙළෙඳ සංගම් වලින් රාජ්‍ය නිලධාරීන් වෙත ඉහළ සහයෝගයක් හිමිවීම විශේෂත්වයකි.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වනුයේ, නව බදු ගෙවන්නන් හඳුනා ගැනීමයි. එයින් බදු ගෙවීමට සුදුසුකම් ලබන නව ව්‍යාපාරික ස්ථාන හඳුනා ගැනීම මෙහි මූලික අරමුණකි.
වැට් (VAT) සහ එස්.එස්.සී.එල් (SSCL) ලියාපදිංචිය, එකතු කළ අගය මත බදු (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (SSCL) සඳහා ලියාපදිංචි විය යුතු වාර්ෂික පිරිවැටුම් සීමාවන් ඉක්මවා ඇති ව්‍යාපාර හඳුනාගෙන ඔවුන්ව ලියාපදිංචි කිරීම සඳහා මඟපෙන්වීම තවත් අරමුණක් විය.
සේවා පිළිබඳ දැනුවත් කිරීම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නන් වෙත ලබාදෙන මාර්ගගත (Online) සේවාවන් සහ බදු ගෙවීමේදී පවතින සරල ක්‍රමවේද පිළිබඳව ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමද මෙහිදී සිදු විය.
බදු උපදේශනය, ව්‍යාපාර පවත්වා ගෙන යාමේදී පැනනගින බදු ගැටලු සඳහා ක්ෂේත්‍රයේදීම විසඳුම් සහ උපදෙස් ලබාදීමද සිදු කෙරිණි.
මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර ද එක්වූ අතර, ඔහු ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා සෘජු බදු ආදායම් නිසි පරිදි කළමනා කරණය කරගැනීම අත්‍යවශ්‍ය බවයි.
එසේම ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ නිලධාරීන් ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් ක්ෂේත්‍ර වැඩසටහනේ ප්‍රගතිය සහ නවී කරණ සිදු විය යුතු ආකාරය පිළිබඳව කරුණු සොයා බැලූහ.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, බදු ගෙවන්නන් වෙත අවධාරණය කර සිටින්නේ, මෙය බදු ගෙවන්නන් අපහසුතාවයට පත්කිරීමට නොව, සාධාරණ බදු ක්‍රමයක් ස්ථාපිත කිරීම සහ රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා ජනතාව සහ රජය අතර පවතින සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට ගන්නා ලද පියවරක් බවයි.
ඒ අනුව, බදු ගෙවිය යුතු සියලු දෙනාගෙන් ක්‍රමවත්ව බදු එකතු කිරීම හරහා ජනතාව වෙත පැවරී ඇති පීඩනය ඉවත් කොට බදු සහන ලබාදීමට අවශ්‍ය ආර්ථික පසුබිම සකස් කිරීම මෙවැනි වැඩසටහන්වල අපේක්ෂාවයි. නව බදු පැනවීමකින් තොරව, බදු ජාලය පුළුල් කිරීම සහ බදු එකතු කිරීම කාර්යක්ෂම කිරීම මගින් වැඩි බදු ආදායමක් රැස්කර ගැනීම අත්‍යවශ්‍ය බව ද මෙහිදී අවධාරණය කෙරිණි.
ඉදිරියේදී දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
(සටහන | ජේ.මුණසිංහ)




