ක්‍රියාත්මක කළ මාරාන්තික උපවාසය තාවකාලිකව අත්හිටුවූ බව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය අද පස්වරුවේ පැවසීය.
අත්තනෝමතික ලෙස සංවර්ධන නිලධාරීන් ආයතනගත කිරීම නතර කිරීම, ආයතනගතවීමකින් තොරව දීර්ඝකාලීනව පාසල් පද්ධතියේ රැඳීමට හැකියාව ලැබීම සහ පාසල්වල වසර 7ක් ගුරුවරු ලෙස කටයුතු කළ පාසල් සංවර්ධන ගුරුවරු ගුරු සේවයට ඇතුළත්වීමට අවශ්‍ය ක්‍රමවේදය නිර්මාණය කිරීම යන කරුණුවලට ජනාධිපතිවරයා එකඟ වූ බව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විරාජ් මනරංග කීය.
ජනාධිපතිවරයාගේ එකඟතාවය එම සංගමය විශ්වාස කරන බවත් එම එකඟතාවන් බිඳවැටුණොත් දැවැන්ත ක්‍රියාමාර්ගවලට යෑමට කිසිදු අවස්ථාවක පසුබට නොවන බවත් ඔහු වැඩි දුරටත් කීය.
වසර 7ක පමණ කාලයක් පාසල්වල ගුරුවරු ලෙස සේවය කළ එම සංගමයේ සාමාජිකයන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය දින 9ක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයේ නිරතවිය. මාරාන්තික උපවාසයට එක්ව සිටි සංවර්ධන නිලධාරීන් හත්දෙනාගෙන් හය දෙනෙකුගේ සෞඛ්‍ය තත්වය අයහපත්වීම හේතුවෙන් අවස්ථා කිහිපයකදී රෝහල්ගත කළහ.
| ජනපති සහ පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ආරාධනය අනුව පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර හමුවක් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
පවතින ගැටලුවලට වගකිව යුත්තේ වත්මන් ආණ්ඩුව හෝ තමන් නොවුවද වෘත්තිකයන් ලෙස වර්තමානය වන විට තමන් වෘත්තීමය සහ සමාජයීය ගැටලු රැසකට මුහුණදී සිටින බව මෙහිදී එම නියෝජිතයෝ සඳහන් කළහ.
පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව සම්බන්ධව මෙහිදී දීර්ඝ සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා එම සියලු දෙනාගේ වෘත්තිය අභිමානය සහ ගරුත්වය ආරක්ෂා කිරීම රජයේ අරමුණ බව සඳහන් කළේය.
පාසල් තුළ සේවය කර අත්දැකීම් ඇති උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කර ගැනීම රජයේ අපේක්ෂාව බවත්, එබැවින් ගුරු ව්‍යවස්ථාවට අනුව විභාගයට පෙනී සිටින ලෙස තමා ඔවුන්ට ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.





