The Leader News
BREAKING
සමාජ මාධ්‍ය ව්‍යාජ ගිණුම් රැල්ලට එරෙහිව දැල එළෙයි●මෙට්‍රෝ බස් පැමිණීමෙන් මාකුඹුර රථගාල පිරී යයි  ●පාසල් සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර අටක සිරදඬුවම්●අනෝජන් බේරාගැනීමට ලාංකික නීතිඥ කණ්ඩායමකගෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්●ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 තෙක් නවතී●පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්●නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට●පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!●
Top Ad
පුවත්

හිටපු ජනපති මෛත්‍රීට නිකුත් කළ සිතාසිය බලරහිත කරයි

T

The Leader Desk

February 3, 2026 • 4:43 PM

හිටපු ජනපති මෛත්‍රීට නිකුත් කළ සිතාසිය බලරහිත කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉදිරිපත් වූ පුද්ගලික පැමිණිල්ලකට අදාළව හිටපු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2022 වසරේ කළ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණය අද රිට් ආඥාවක් නිකුත් කර තිබේ.
  • මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ධම්මික ගනේපොල ,මායාදුන්නේ කොරයා, පී.
  • කෙසේවෙතත් නව සාක්ෂි ඉදිරිපත් වන්නේ නම් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින අදාළ පුද්ගලික පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යාමට මෙම නඩු තීන්දුව බාධාවක් නොවන බව විනිසුරු මඩුල්ල පැවසීය.
  • මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සිරිල් ගාමිණී පියතුමා සහ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයකු බවට පත් වූ ජේසුරාජ් ගනේෂන් යන අය නම් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉදිරිපත් වූ පුද්ගලික පැමිණිල්ලකට අදාළව හිටපු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2022 වසරේ කළ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණය අද රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක තීන්දුව දෙමින් පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ධම්මික ගනේපොල ,මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා ගෙන් සමන්විත  අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

කෙසේවෙතත් නව සාක්ෂි ඉදිරිපත් වන්නේ නම් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින අදාළ පුද්ගලික පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යාමට මෙම නඩු තීන්දුව බාධාවක් නොවන බව විනිසුරු මඩුල්ල පැවසීය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සිරිල් ගාමිණී පියතුමා සහ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයකු බවට පත් වූ ජේසුරාජ් ගනේෂන් යන අය නම් කර තිබේ.

පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා කියාසිටින්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස මිනීමැරීමේ චෝදනා එල්ල කරමින් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු වග උත්තරකරුවන් විසින් තමන්ට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ 2022 වසරේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවය.


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් ඉදිරිපත් කළ නිගමන පදනම් කරගෙන මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව පෙත්සම්කාර මෛත්‍රිපාල සිරිසේන කියා සිටියි.


එම පුද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් සෑහීමකට පත්වූ මහෙස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත සිතාසි නිකුත් කර තිබෙන බවත් ඔහු චෝදනා කරයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිගමන සාක්ෂි වශයෙන් සැලකිය නොහැකි බව පෙන්වා දෙන පෙත්සම්කරු ඒවා පදනම් කරගෙන මෙම පෞද්ගලික පැමිණිල්ල පවත්වාගෙන යාමට මහෙස්ත්‍රාත්වරයා ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවත් සඳහන් කරයි.

ඒ අනුව තමන්ට එරෙහිව වග උත්තරකරුවන් විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළව සිතාසි නිකුත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා කර තිබෙන නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...