The Leader News
BREAKING
සමාජ මාධ්‍ය ව්‍යාජ ගිණුම් රැල්ලට එරෙහිව දැල එළෙයි●මෙට්‍රෝ බස් පැමිණීමෙන් මාකුඹුර රථගාල පිරී යයි  ●පාසල් සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර අටක සිරදඬුවම්●අනෝජන් බේරාගැනීමට ලාංකික නීතිඥ කණ්ඩායමකගෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්●ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 තෙක් නවතී●පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්●නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට●පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!●
Top Ad
පුවත්

විදුලිබලය ගබඩා කිරීම සදහා බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය!

T

The Leader Desk

February 4, 2026 • 8:09 AM

විදුලිබලය ගබඩා කිරීම සදහා බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුව ටෙන්ඩර් කාලය 2025-10-14 දක්වා දිගුකර ඇති අතර ග්‍රිඩ් උපපොළවල් 16ක් සදහා ටෙන්ඩර් 153ක් වැනි විශාල ප්‍රමාණයක් ලැබී තිබුණි.
  • ඒ අනුව එක් එක් ග්‍රිඩ් උපපොළකට අදාළ වන පරිදි තාක්ෂණික හා අනෙකුත් පිරිවිතරයන් සලකා බලා ස්වාධීන ටෙන්ඩර් කමිටු විසින් ඉදිරිපත් කළ නිර්දේශ වලට අනුව මෙම කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
  • Build Own and Operate හෙවත් ඉදිකිර හිමිකරගෙන හා ක්‍රියාත්මක කිරීම යන ක්‍රමවේදය යටතේ 2025-04-28 දින කැබිනට් මණ්ඩලය රැස්වීමේදී ගත් තීරණයකට අනුව අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් සම්පුර්න කිරීමෙන පසු පෙරේදා (02) දින මෙම අනුමැතිය දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


සූර්ය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට උපරිම අයුරින් ලබාගැනීම සම්බන්ධයෙන් තිබූ ප්‍රධානතම බාධාවක් මගහරවාලමින් එකී විදුලිබලය ගබඩා කිරීම සදහා බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමට අදාළව ඉදිරිපත් කල අමාත්‍ය මණ්ඩල සංදේශය සලකා බලා ඉහත ටෙන්ඩර් ප්‍රදානය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව රටපුරා විදුලි උපපොළවල් 16ක් ආශ්‍රිතව මෙගාවොට් 10/ මෙගාවොට් පැය 40 බැගින් වන ස්වාධීන බැටරි බලශක්ති ගබඩා කරන පද්ධති (සමස්ත වශයෙන් මෙගාවොට් 160/ මෙගාවොට් පැය 640ක) ස්ථාපනය කිරීම සදහා නව රජය විසින් දියත් කළ වැඩපිළිවෙලට අනුව පසුගිය 2025-07-30 දින ටෙන්ඩර් පත් කැදවන ලද අතර ටෙන්ඩර් විවෘත කිරීමේ දිනය 2025-09-16 විය. පසුව ටෙන්ඩර් කාලය 2025-10-14 දක්වා දිගුකර ඇති අතර ග්‍රිඩ් උපපොළවල් 16ක් සදහා ටෙන්ඩර් 153ක් වැනි විශාල ප්‍රමාණයක් ලැබී තිබුණි.

ඒ අනුව එක් එක් ග්‍රිඩ් උපපොළකට අදාළ වන පරිදි තාක්ෂණික හා අනෙකුත් පිරිවිතරයන් සලකා බලා ස්වාධීන ටෙන්ඩර් කමිටු විසින් ඉදිරිපත් කළ නිර්දේශ වලට අනුව මෙම කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

 Build Own and Operate හෙවත් ඉදිකිර හිමිකරගෙන හා ක්‍රියාත්මක කිරීම යන ක්‍රමවේදය යටතේ 2025-04-28 දින කැබිනට් මණ්ඩලය රැස්වීමේදී ගත් තීරණයකට අනුව අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් සම්පුර්න කිරීමෙන පසු පෙරේදා (02) දින මෙම අනුමැතිය දී ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...