The Leader News
BREAKING
සමාජ මාධ්‍ය ව්‍යාජ ගිණුම් රැල්ලට එරෙහිව දැල එළෙයි●මෙට්‍රෝ බස් පැමිණීමෙන් මාකුඹුර රථගාල පිරී යයි  ●පාසල් සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර අටක සිරදඬුවම්●අනෝජන් බේරාගැනීමට ලාංකික නීතිඥ කණ්ඩායමකගෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්●ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 තෙක් නවතී●පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්●නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට●පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!●
Top Ad
පුවත්

චරිතලාගේ ඩලස්ලාගේ මූණ බලාගෙනම, වාසු මාලිමාවේ ආණ්ඩුව ගැන කියපු කතාව

T

The Leader Desk

February 4, 2026 • 10:18 AM

චරිතලාගේ ඩලස්ලාගේ මූණ බලාගෙනම, වාසු මාලිමාවේ ආණ්ඩුව ගැන කියපු කතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මේ බව ඊයේ (03) කොළඹදී පැවති වැඩසටහනක් අතරතුර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
  • මෙම වැඩසටහන සඳහා හිටපු ඇමතිවරු වන චර්ත හේරත්, ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
  • ජාතිවාදය ඇති නොවෙන්න මේ ආණ්ඩුව කටයුතු කරන්න හිතාගත්තු සිතුවිල්; ඒක ආරම්භයක්.
  • ඒක කරන්න දැනටමත් ඒගොල්ලන්ගේ අදහස ප්‍රකාශ කරලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මේ බව ඊයේ (03) කොළඹදී පැවති වැඩසටහනක් අතරතුර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

මෙම වැඩසටහන සඳහා හිටපු ඇමතිවරු වන චර්ත හේරත්, ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

ප්‍රශ්නය – වත්මන් දේශපාලන තත්වය ගැන මොකද හිතෙන්නේ?

පිළිතුර – බලාපොරොත්තු සහගතයි. ජාතිවාදය ඇති නොවෙන්න මේ ආණ්ඩුව කටයුතු කරන්න හිතාගත්තු සිතුවිල්; ඒක ආරම්භයක්. රට එක්සත් කරන්න පුළුවන පසුබිමක් මේ ආණ්ඩුවෙ තියෙනවා කියලා මට පේනවා. ඒක කරන්න දැනටමත් ඒගොල්ලන්ගේ අදහස ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව ක්‍රියාකරලත් තියෙනවා.

දැන් අපේ ජනාධිපතිතුමා සිංහලයෙක් වීම ඒකට බාධාවක් නෙවෙයි. එතුමා සිංහලයෙක් කියන වර්ගයට අයිති වුනත් එතුමා පැහැදිලිව කියලා තියෙනවා ජාතිවාදීව අපි මොකක්වත් ගැන කියන්නෙත් නැහැ කරන්නෙත් නැහැ. දැන් එතුමාගේ ඒ ප්‍රකාශය ක්‍රියාවට නැගීමට තියෙන ඉඩකඩයි බලන්න ඕනා. මොකද ඒකට විරුද්ධ කණ්ඩායම් ඉන්නවනේ, ඒගොල්ලො කොයිතරම් දුරට මේ ප්‍රශ්නය අවුල් කරාවිද එහෙම නැත්නම් මේ ප්‍රශ්නය කොයිතරම් දුරට මේ අදහස නොදරණ අය කොච්චර මේ වැඩේට ඉඩ දෙයිද? අවුල් කරයිද?

මම හිතන්නේ අපි ආපු දුර හොඳටම ඇති. දැන් ඉතිං මේ වෙහෙස වී මහන්සි වී අපිට ලැබුණ අලුත් තත්වය, අලුතෙන් බලයට පැමිණි අය සහ ඒ අයගේ පසු තලය, ඒ ගොල්ලන්ගේ මතවාදය, ඒ ගොල්ලන් එන්නා වූ පසුබිම; මේ ඔක්කොම ගත්තාම අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.

ප්‍රශ්නය – ජනාධිපතිතුමාට සැලියුට් එකක්?  

පිළිතුර – ජනාධිපතිතුමා ඇතුළු ඒ කණ්ඩායමට. අඩුපාඩු පැත්ත පැත්තකින් තියමු. සාධනීය පැත්ත උඩට ගණිමු. සුභවාදීව හිතනවා. මේ ආණ්ඩුව අනික් ආපු ඔක්කොම ආණ්ඩුවලට වඩා වෙනස්නේ. ඉතිං මේ වෙනස අපි සාධනීය වෙනසකට ගෙනියන්න බලමු.


ප්‍රශ්නය – මොකක්ද ඒ වෙනස?

පිළිතුර – අමේ ආණ්ඩුව ආවේ ගැමි පහළ මධ්‍යම පන්තියෙන්, ප්‍රභූ පන්තියෙන් නෙවෙයි. ඒක තමයි ලොකුම වෙනස.


ප්‍රශ්නය – දැන් ශිරන්ති මැඩම්වයි නාමල් බේබිවයි CID එකට ගෙන්නලා තියෙනවා. ඔවුන් ඔබතුමාගේ හිතවත්තු.

පිළිතුර – ඔවු හිතවත්තු තමයි පුද්ගලිකව. නමුත් පිළිතුරු දියයුතු ප්‍රශ්න ඉදිරිපත් කරපුවාම ඒ ගොල්ලන්ට මගඇරලා යන්න බැරිවෙයි. නමුත් ඉතිං CID එකට කරන්න තියෙන වැඩේ මට මෙතන කරන්න බැහැනේ.


ප්‍රශ්නය – ඔබතුමා වැඩි හිතවත්කමක් දැක්වූවේ රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුත් එක්ක. දැන් ඔබතුමා මේ ආණ්ඩුව ගැන….

පිළිතුර – මම මේ ආණ්ඩුව ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. මෙහෙම ආණ්ඩුවක් එයි කියලා අපි ඒ වෙලාවේ හිතුවේ නැහැනේ.

| lankatruth 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...