The Leader News
BREAKING
සමාජ මාධ්‍ය ව්‍යාජ ගිණුම් රැල්ලට එරෙහිව දැල එළෙයි●මෙට්‍රෝ බස් පැමිණීමෙන් මාකුඹුර රථගාල පිරී යයි  ●පාසල් සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර අටක සිරදඬුවම්●අනෝජන් බේරාගැනීමට ලාංකික නීතිඥ කණ්ඩායමකගෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්●ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 තෙක් නවතී●පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්●නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට●පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!●
Top Ad
පුවත්

ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ ගංඟාරාම විහාරස්ථානය වෙත වැඩම කෙරේ

T

The Leader Desk

February 4, 2026 • 2:27 PM

ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ ගංඟාරාම විහාරස්ථානය වෙත වැඩම කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට්හි අරවල්ලි දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික දෙව්නි මෝරි පුරාවිද්‍යාත්මක ස්ථානයේ 60 දශකයේදී බෞද්ධ ආරාම සංකීර්ණයක ස්තූපයක් ආශ්‍රිතව සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීමකින් මෙම ධාතුන් වහන්සේ සොයා ගන්නා ලදී.
  • ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ විහාරස්ථානයේ විශේෂ පිඨිකාවක තැන්පත් කරන ලද ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මහජනතාවගේ වන්දනාමාන සඳහා නිරාවරණය කරමින් ප්‍රථම මල් පූජාව සිදු කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
  • ඒ අනුව, හෙට (05) උදෑසන සිට පෙබරවාරි 11 වන දා දක්වා දින හතක කාලයක් පැය 24 පුරාම ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මෙම සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමිවන අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ගේ මැදිහත්වීමෙන් සහ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද “ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවේ” සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වෙත ප්‍රථම මල් පූජාව සිදු කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් අද (04) පස්වරුවේ සිදු විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට්හි අරවල්ලි දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික දෙව්නි මෝරි පුරාවිද්‍යාත්මක ස්ථානයේ 60 දශකයේදී බෞද්ධ ආරාම සංකීර්ණයක ස්තූපයක් ආශ්‍රිතව සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීමකින් මෙම ධාතුන් වහන්සේ සොයා ගන්නා ලදී.

මෙම ස්ථානයෙන් ධාතු කරඬු දෙකක් හමු වූ අතර, ඉන් එක් ධාතු කරඩුවක තිබි මෙම සර්වඥ ධාතුන් වහන්සේ හමු වී තිබේ. එහි තිබී හමු වූ මංජුසාවේ සටහන් ‘දස බලධාරී බුදුන් වහන්සේගේ ධාතු නිධන් කළ ස්ථානය’ යන වැකිය මෙම ධාතුන් වහන්සේගේ පූජනීයත්වය තහවුරු කරන ප්‍රබලතම සාක්ෂිය වේ.

ඉන්දියාවේ බරෝදා කෞතුකාගාරයේ ඉතා සුරක්ෂිතව තැන්පත් කර තිබූ මෙම සර්වඥධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොමැති අතර, මෙම ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව ප්‍රථමවරට ශ්‍රී ලාංකික ජනතාවට උදා වී තිබේ.

අද (04)  පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවීම සිදු වූ අතර එහි විශේෂ පීඨිකාවක තැන්පත් කර ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව විශේෂ රථ පෙරහැරකින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවීම සිදු විය.

ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ විහාරස්ථානයේ විශේෂ පිඨිකාවක තැන්පත් කරන ලද ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මහජනතාවගේ වන්දනාමාන සඳහා නිරාවරණය කරමින් ප්‍රථම මල් පූජාව සිදු කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ඒ අනුව, හෙට (05) උදෑසන සිට පෙබරවාරි 11 වන දා දක්වා දින හතක කාලයක් පැය 24 පුරාම ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මෙම සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමිවන අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ.

 ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කෙරෙන මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් ගුජරාට් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් මහතා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.

හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමා මාලකයේ අනුරුව සහිත විශේෂ සිහිවටන තිළිණයක් පිළිගන්වන ලදී.

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මෙරට වන්දනාවට අදාළ අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගැනීම ද බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහකොමසාරිස් සත්‍යාංජල් පාණ්ඩේ අතර මෙහිදී සිදු විය.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ මහලේකම් Shartse Khensur Rinpoche Jangchup Choeden හිමිපාණෝද, ඉන්දියාවේ සිට වැඩම කරවන ලද ගෞරවනීය මහා සංඝරත්නයද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,  පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු මැති ඇමතිවරු, ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහකොමසාරිස් සත්‍යාංජල් පාණ්ඩේ ඇතුළු ඉන්දීය රජයේ විශේෂ නියෝජිතයෝද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රෝෂන් ගමගේ, කපිල ජනක බණ්ඩාර සහ අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහූද, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය  සහ ආරක්ෂක අංශ නියෝජිතයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

000dhathu 4

 

000dhathu 5

000dhathu 8

000dhathu 3

000dhathu 6

000dhathu 9

000dhathu 10

000dhathu 11

000dhathu 12

000dhathu 14

000dhathu 13

000dhathu 15

000dhathu 16

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...