The Leader News
BREAKING
සමාජ මාධ්‍ය ව්‍යාජ ගිණුම් රැල්ලට එරෙහිව දැල එළෙයි●මෙට්‍රෝ බස් පැමිණීමෙන් මාකුඹුර රථගාල පිරී යයි  ●පාසල් සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර අටක සිරදඬුවම්●අනෝජන් බේරාගැනීමට ලාංකික නීතිඥ කණ්ඩායමකගෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්●ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 තෙක් නවතී●පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්●නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට●පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!●
Top Ad
පුවත්

'මොන සිහින කුමාරවරු හිටියත් ඒ අය මහ පොළොවට එන්න ඕන' - දිනන දකුණ සාමූහිකය

T

The Leader Desk

February 4, 2026 • 3:12 PM

'මොන සිහින කුමාරවරු හිටියත් ඒ අය මහ පොළොවට එන්න ඕන' - දිනන දකුණ සාමූහිකය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යයි දිනන දකුණ සාමූහිකය විධායක සභික නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පවසයි.
  • එකල සිටි නායකයින් දූරදර්ෂි ලෙස වැඩ කළ බැවින් රට නොබෙදී ඉතිරි වූ බවත්, ඒකීය ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට හැකි වූ බවත්.
  • එබැවින් අද 78වන නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරිය යුතු යැයි ඔහු කියා සිටියි.
  • ඔහු මෙම අදහස් පළ කළේ දිනන දකුණ සාමූහිකය අද (04) කැඳවා තිබූමාධ්‍ය හමුවේ දී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

යයි දිනන දකුණ සාමූහිකය විධායක සභික නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පවසයි.

එකල සිටි නායකයින් දූරදර්ෂි ලෙස වැඩ කළ බැවින් රට නොබෙදී ඉතිරි වූ බවත්, ඒකීය ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට හැකි වූ බවත්. එබැවින් අද 78වන නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරිය යුතු යැයි ඔහු කියා සිටියි..

ඔහු මෙම අදහස් පළ කළේ දිනන දකුණ සාමූහිකය අද (04) කැඳවා තිබූමාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ...

තවමත් බුද්ධි ගලනය නතර වෙලා නැහැ

''අද 78 වන ජාතික නිදහස් දින උත්සවය, මේ නිදහස් උත්සවය අපි අභිමානවත් ලෙස සමරන්න ඕන.1948 මේ නිදහස ලබා ගන්න පුනරුදය ඇති කරන්න මුල පිරූ අය ඉන්නවා. ඒ අය ගෞරවයෙන් සිහිපත් කරනවා. එවකට නායකයෝ දූරදර්ෂි ලෙස වැඩ කළා. ඒ නිසා රට නොබෙදී ඉතිරි වුණා. ඒකීය ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න එදා පුළුවන් උණා. ඒ නිසා අද අභිමානවත් ලෙස මේ නිදහස සමරන්න ඕන.76 වසරක ශාපයක් කියලා කිව්වට මේ කාලය තුළ අපි සැලකිය යුතු ජයග්‍රහණ ලබා තිබෙනවා. මේ නිදහස පහත හෙළන්න හදනවා නම් ඒක වැරදියි. දැන් සංස්කෘතික විරෝධීන් ඉන්නවා. මේ සැමරුම් අවශ්‍ය නෑ කියලා ඇතැම් අය මතවාද ගොඩනගන්න හදනවා. ඒක වැරදියි. ශ්‍රී ලංකා රාජ්‍ය ලේසියෙන් බිඳ දාන්න පුළුවන්කමක් නෑ. 

මාලිමා පාලනයට දැන් වසර එකහමාරක් ගත වෙලා. දැන් වෘත්තීයවේදී පුහුණු ශ්‍රමිකයන් පසුගිය වසරේ පමණක් 310000 ක් පමණ ‍රට අතහැර ගිහින් තිබෙනවා. මාලිමාව කිව්වේ නම් ඉන්න හිතෙන රටක් හදනවා කියලයි. එසේ නම් මේ අය කියපු විදියේ රටක් හෝ ලස්සන ජීවිතයක් මේ රටේ නිර්මාණය වෙලා නෑ. කිව්වේ නම් මේ අය ආවාම බුද්ධි ගලනය නතර වෙනවා කියලයි. නමුත් එහෙම නතර වෙලා නෑ. මිනිස්සු රට අතෑරලා යනවා.

පාසල් 1505 වහන්න යෝජනා කරලා
වැඩිම විදෙස් ප්‍රේෂණ ලැබිලා තියෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයෙන්. ඒ කියන්නේ මේ මිනිස්සු ගිහින් තියෙන්නේ UAE. ඒ නිසා රට ස්ථාවර කළා කියන පුරාජේරුව කියන්න බෑ. රට අරාජික වෙමින් තියෙනවා. රටේ වැදගත් ආයතන දේශපාලනීකරණය වෙමින් තිබෙනවා. නිදහස් අධ්‍යාපනයේ පාසල් 1505 වහන්න දැන් යෝජනා කරලා. මේක ඒ විදියට කරන්න සූදානම් වෙන්න එපා කියලා අපි කියනවා. මේක ගැන තීන්දුවක් ගන්න කලින් අදාළ අංශ එක්ක සාකච්ඡා කරන්ම ඕන. මේ පාසල් වහන්න දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට ඉඩ දෙන්න බෑ.''

cxfgf| දිනන දකුණ මාධ්‍ය ප්‍රකාශක  තුෂාර වීරරත්න
හිටපු බන්ධනාගාර කොමසාරිස් තවමත් ගෙදරට වෙලා පඩි ගන්නවා
''අද ජනාධිපතිතුමා ජාතිය අමතා කතා කළා. තනියෙන් වේගයෙන් යනව ද එකට වැඩි දුරක් යනව ද තීරණය කරන්න ඕන රජයයි. අද ජනාධිපතිතුමා සිරකරුවන් 49 කට නිදහස ලබා දුන්නා. හැබැයි මීට පෙර 2025 දී අනුරාධපුර රැඳවියෙක් නිදහස් කිරීම ගැන පරීක්ෂණ ආරම්භ කළා. ඒ වෙලාවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ගේ වැඩ තහනම් කළා. ඒ තනතුරු පුරප්පාඩු උණා. අදටත් උපුල්දෙණිය ගෙදරට වෙලා පඩි ගන්නවා. ඒ වගේම ජනාධිපති පොදු සමාව සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් සකස් කරලා නෑ. 
 
නිදහසට කලින් යන්තම් විගනකාධිපති තනතුරට පත් කළා. කොහොම හරි මාස 6ක් විතර වැඩ බලන විගනකාධිපති ලෙස වැඩ කළ කෙනා විගනකාධිපති කළේ නෑ. ධර්මපාල ගම්මන්පිල මහතාට කිසිම චෝදනාවක් නෑ. නමුත් එයා විගනකාධිපති කළේ නෑ. අද මේ රටේ රාජ්‍ය මාධ්‍යයට නිදහසක් තිබෙනවාද සැකයි. අනුර කුමාර විපක්ෂයේ ඉදන් මාධ්‍ය නිදහස ගැන කතා කළා. නමුත් දැන් රාජ්‍ය මාධ්‍යයේ නිදහස අහිමිවෙලා.''

vbdfgg| දිනන දකුණ නායකත්ව මණ්ඩල සභික නදීෂ ද සිල්වා
ආණ්ඩුවත් පුරවැසියොත් සිස්ටම් චේන්ජ් දන්නෙ නැහැ
''අපි සැබැවින්ම නිදහස ලබලා දැයි අපි අහන්න ඕන. දැන් ලංකාවේ තනි පුද්ගලයෙක්ට නිදහස තියනවා ද කියන එක ප්‍රශ්නයක්. ආර්ථික නිදහසක් නෑ. ඉලක්කම්වලින් ගත්තම ස්ථාවරයි වගේ පෙනුනට පුද්ගලයා නිවස තුළ ආර්ථික වශයෙන් ඒ නිදහස විදින්නේ නෑ. මේ තිබෙන්නේ අපේක්ෂා භංගත්වයක්. මිනිස්සු අවස්ථා 3ක සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් ආණ්ඩු පත් කළා. නමුත් පුරවැසියා දන්නෙත් නෑ ආණ්ඩු දන්නෙත් නෑ සිස්ටම් චේන්ජ් එකක් කියලා ඉල්ලන්නේ මොකක්ද කියලා. අපි විපක්ෂයට යෝජනා කරනවා තමන් ගේ භූමිකාව මොකක්ද කියලා තේරුම් ගන්න කියලා.''

මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නවලට දුන් පිළිතුරු සැපයූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
''මේ විගනකාධිපති පත් වීම ගැන 100%ක් අපිට එකග වෙන්න බෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලණීකරණය වෙලා. මේ ආණ්ඩුව රාජ්‍ය අත්පත් කරගනිමින් ඉන්නවා.''

නායකත්ව මණ්ඩල සභික නදීෂ ද සිල්වා
''ඔව් විපක්ෂ නායකතුමාත් එයා ගේ භූමිකාව හඳුනාගෙන නෑ. මේ විපක්ෂය තේරුම් අරන් නෑ අරගලයෙන් මිනිස්සු ඉල්ලපු දේ. අපේ උත්සාහය විපක්ෂයට පාර පෙන්වීම. ලංකාවේ පක්ෂ දේශපාලනය ඉවරයි. නාමල් CID එද්දී ආවේ බයියෝ කියන කාඩර් එක විතරයි. නාමල් රාජපක්ෂට කවදාවත් පාපොච්චාරණයකට යන්නේ නැතුව මේ රටේ බලය ගන්න බෑ.''
 
 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'මොන සිහින කුමාරවරු හිටියත් ඒ අය මහ පොළොවට එන්න ඕන' - දිනන දකුණ සාමූහිකය | The Leader