The Leader News
BREAKING
සමාජ මාධ්‍ය ව්‍යාජ ගිණුම් රැල්ලට එරෙහිව දැල එළෙයි●මෙට්‍රෝ බස් පැමිණීමෙන් මාකුඹුර රථගාල පිරී යයි  ●පාසල් සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර අටක සිරදඬුවම්●අනෝජන් බේරාගැනීමට ලාංකික නීතිඥ කණ්ඩායමකගෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්●ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 තෙක් නවතී●පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්●නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට●පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!●
Top Ad
පුවත්

මොබිටෙල් ආයතනයේ ප්‍රධානීන් සේවකයකුට කළ අමානුෂික වැඩක් !

T

The Leader Desk

February 5, 2026 • 3:54 AM

මොබිටෙල් ආයතනයේ ප්‍රධානීන් සේවකයකුට කළ අමානුෂික වැඩක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහ රෑ මැරයන් සමග නිවසට ගොස් ජාතික රූපවාහිනියේ සේවයේ නියුතු බිරිඳගේ දුරකථනයත් බලෙන් රැගෙන ගිහින්.
  • ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය සතු දුරකථන සේවා සපයන්නෙකු වන මොබිටෙල් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය විසින් බලය අනිසි ලෙස භාවිත කරමින්, සේවකයෙකුගේ නිවසට කඩා වැදී ඔහුගේ බිරිඳ සතු ජංගම දුරකථනය සහ සේවකයාගේ පෞද්ගලික උපකරණ බලහත්කාරයෙන් ලබා ගැනීමේ පුවතක් වාර්තා වේ.
  • මෙලෙස බලහත්කාරයෙන් අත්පත් කරගත් ජංගම දුරකථනයේ හිමිකාරිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවයේ නියුතු වීම මෙම සිදුවීමේ බැරෑරුම්කම වැඩිකරයි.
  • මොබිටෙල් සමාගමේ රහස් තොරතුරු එහි ඇතැයි පවසමින් අදාළ දුරකථනය ලබාගෙන පසුව එය තෙවන පාර්ශ්වීය පෞද්ගලික ආයතනයකට දත්ත පරීක්ෂාව සඳහා යොමු කර ඇති අතර, එහිදී කිසිදු ආයතනික තොරතුරක් එම සේවකයාගේ පරිගණකය තුළ හෝ දුරකථනයේ නොමැති බව තහවුරු වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


* මහ රෑ මැරයන් සමග නිවසට ගොස් ජාතික රූපවාහිනියේ සේවයේ නියුතු බිරිඳගේ දුරකථනයත් බලෙන් රැගෙන ගිහින්.


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය සතු දුරකථන සේවා සපයන්නෙකු වන මොබිටෙල් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය විසින් බලය අනිසි ලෙස භාවිත කරමින්, සේවකයෙකුගේ නිවසට කඩා වැදී ඔහුගේ බිරිඳ සතු ජංගම දුරකථනය සහ සේවකයාගේ පෞද්ගලික උපකරණ බලහත්කාරයෙන් ලබා ගැනීමේ පුවතක් වාර්තා වේ.

කිසිදු අධිකරණ වරෙන්තුවක් හෝ නීතිමය අවසරයකින් තොරව සිදු කළ මෙම ක්‍රියාව හේතුවෙන් වෘත්තීයවේදීන් සහ මාධ්‍ය ප්‍රජාව අතර දැඩි කැළඹීමක් හටගෙන තිබේ.

මෙලෙස බලහත්කාරයෙන් අත්පත් කරගත් ජංගම දුරකථනයේ හිමිකාරිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවයේ නියුතු වීම මෙම සිදුවීමේ බැරෑරුම්කම වැඩිකරයි. මොබිටෙල් සමාගමේ රහස් තොරතුරු එහි ඇතැයි පවසමින් අදාළ දුරකථනය ලබාගෙන පසුව එය තෙවන පාර්ශ්වීය පෞද්ගලික ආයතනයකට දත්ත පරීක්ෂාව සඳහා යොමු කර ඇති අතර, එහිදී කිසිදු ආයතනික තොරතුරක් එම සේවකයාගේ පරිගණකය තුළ හෝ දුරකථනයේ නොමැති බව තහවුරු වී ඇත.

මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා සහ මානව සම්පත් අංශයේ ප්‍රධානියාගේ මෙහෙයවීම මත මෙම සේවකයා පැය දහයකට අධික කාලයක් කාමරයක සිරකර තබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වේ. ඔහු සතු පෞද්ගලික ලැප්ටොප් පරිගණකය ද අත්පත් කරගෙන ඇති අතර, ආයතනයේ සභාපතිවරයා වෙත පෙත්සමක් යොමු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ලෙස මේ ආකාරයට අනීතිකව එම කටයුත්ත සිදු කර තිබේ.

කෙසේ වෙතත් එම පරීක්ෂණවලින් ද අදාළ සේවකයා නිවැරදිකරු බව තහවුරු වී තිබේ.

මෙම සිදුවීමෙන් පසු ඇති වූ දැඩි මානසික සහ ශාරීරික ආතතිය හේතුවෙන් අදාළ මොබිටෙල් සේවකයා මේ වන විට රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී. සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අතුරුගිරිය පොලිසියට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කළ ද, මෙතෙක් වගකිවයුත්තන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට චෝදනා එල්ල වේ.

මේ අතර, රෝහල් ගතව සිටින සේවකයාගේ සුවදුක් බැලීමට පැමිණි මොබිටෙල් ආයතනයේ සභාපතිවරයා, මෙම මුළු සිදුවීම සම්බන්ධයෙන් වහාම ඉහළ මට්ටමේ විමර්ශනයක් ආරම්භ කරන ලෙස නියෝග කර ඇත.

රාජ්‍ය අනුබද්ධිත ආයතනයක නිලධාරීන් විසින් මාධ්‍ය නිදහස සහ පුරවැසි අයිතිවාසිකම් මෙලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇතැම් සිවිල් සංවිධාන සිය විරෝධය පළ කර තිබේ. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...