The Leader News
BREAKING
Top Ad
පුවත්

ෆයිසර් මුස්තාපා ගෙන් මුස්ලිම් විවාහ හා දික්කසාද (සංශෝධන) පනත් සංශෝධනයක්

T

The Leader Desk

February 5, 2026 • 10:55 AM

ෆයිසර් මුස්තාපා ගෙන් මුස්ලිම් විවාහ හා දික්කසාද (සංශෝධන) පනත් සංශෝධනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට පුද්ගලික නීති පද්ධතියේ පවතින අඩුපාඩු මඟහරවා ගනිමින් පුරවැසියන්ගේ, විශේෂයෙන්ම කාන්තාවන්ගේ සහ දරුවන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙමගින් අපේක්ෂා කරන බව යෝජනාවේ සදහන්.
  • විවාහය නොවැළැක්විය හැකි ලෙස බිඳවැටීම මත විවාහය විසිරුවා හැරීමේ පනත: විවාහයක් තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි අවස්ථාවකදී (Irretrievable breakdown) දික්කසාදය ලබා ගැනීමට නීතිමය ඉඩකඩ සැලසීම සහ දෙපාර්ශවයේ එකඟතාව මත දික්කසාද වීමේ ක්‍රියා පටිපාටියක් හඳුන්වා දීම මෙහි අරමුණයි.
  • මුස්ලිම් විවාහ හා දික්කසාද (සංශෝධන) පනත: අවම විවාහ වයස අවුරුදු 18 ලෙස නියම කිරීම, විවාහ ලේඛනවල මනාලියගේ අත්සන අනිවාර්ය කිරීම, සුදුසුකම් ලත් කාන්තාවන්ට කාසි (Quazi) තනතුරු දැරීමට ඉඩ ලබා දීම සහ අලුතින් පත් කරන කාසිවරුන් නීතිඥවරුන් විය යුතු බවට වන සංශෝධන මෙයට ඇතුළත් වේ.
  • මෙම ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලංකාවේ විවාහ නීතිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නවීකරණය වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා විශ්වාසය පළ කලේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙරට පුද්ගලික නීති පද්ධතියේ පවතින අඩුපාඩු මඟහරවා ගනිමින් පුරවැසියන්ගේ, විශේෂයෙන්ම කාන්තාවන්ගේ සහ දරුවන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙමගින් අපේක්ෂා කරන බව යෝජනාවේ සදහන්.

යෝජිත පනත් කෙටුම්පත්:

1.  විවාහය නොවැළැක්විය හැකි ලෙස බිඳවැටීම මත විවාහය විසිරුවා හැරීමේ පනත: විවාහයක් තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි අවස්ථාවකදී (Irretrievable breakdown) දික්කසාදය ලබා ගැනීමට නීතිමය ඉඩකඩ සැලසීම සහ දෙපාර්ශවයේ එකඟතාව මත දික්කසාද වීමේ ක්‍රියා පටිපාටියක් හඳුන්වා දීම මෙහි අරමුණයි.

2.  මුස්ලිම් විවාහ හා දික්කසාද (සංශෝධන) පනත: අවම විවාහ වයස අවුරුදු 18 ලෙස නියම කිරීම, විවාහ ලේඛනවල මනාලියගේ අත්සන අනිවාර්ය කිරීම, සුදුසුකම් ලත් කාන්තාවන්ට කාසි (Quazi) තනතුරු දැරීමට ඉඩ ලබා දීම සහ අලුතින් පත් කරන කාසිවරුන් නීතිඥවරුන් විය යුතු බවට වන සංශෝධන මෙයට ඇතුළත් වේ.

මෙම ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලංකාවේ විවාහ නීතිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නවීකරණය වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා විශ්වාසය පළ කලේය.

Muslim_Marriage_and_Divorce_Amendment_Bill_FINAL.pdf

Marriage_Breakdown_FINAL.pdf

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...