''පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත'' මගින් නිවාස හිමියන් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය දැඩි අනතු රකට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා කියා සිටියි.
අද (05) පාර්ලිමේන්තුවේදී ඔහු එබව අවධාරණය කළේය.
මෙරට දළ ජාතික නිෂ්පාදනයෙන් 10.4% ක් නියෝජනය කරන ඉදිකිරීම් ක්ෂේත්‍රය මෙවැනි නීති මගින් අඩපණ විය හැකි බවත්, "නෛතික පදිංචිකරු" යනු කවුදැයි නිසි ලෙස අර්ථ දක්වන තෙක් මෙයට විරෝධය පළ කරන බවත් ඔහු තව දුරටත් පවසා සිටියේය.
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත නමින් කෙටුම්පතක් මේ වන විට සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
මෙය බදු කුලී පදනම මත පරිශ්‍රයක පදිංචිව සිටින තැනැත්තන් නෙරපීම වළක්වා ගැනීම සහ ඊට සම්බන්ධ හෝ ඊට අනුශාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වන නීතියක් බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පසුගියදා ප්‍රකාශකර තිබිණ.
ගෙවල් කුලී සම්බන්ධයෙන් ගෙන ආ නව පනත් කෙටුම්පත මගින් කුලී නිවැසියන් නීත්‍යානුකූලව ඉවත් කිරීමට කිසිම තහනමක් පැනවෙන්නේ නැති බවත්, එම පනතින් නතර කර ඇත්තේ කුලී නිවැසියන්ට හිරිහැර කර අනීතිකව පන්නා දැමීම පමණක් බවත් අමාත්‍ය හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේ දී පෙරේදා (පෙබ. 03) පැවැසීය.
සබැඳි පුවත් :
ගෙවල් කුලී අලුත් පනත 'යකෙක්' නොවේ - අධිකරණ ඇමති
ගෙවල් කුලී සම්බන්ධ ඇත්ත ප්‍රශ්න හා බොරු විසඳුම් | අජිත් පැරකුම් ජයසිංහ
වැඩි දුරටත් විස්තර :
අලුතින් එන කුලී නිවාස නීතිය ගැන ඔබ දැනගත යුතු කරුණු 5ක්




