The Leader News
BREAKING
Top Ad
පුවත්

විදේශයක උසස් පෙළ හැදෑරූ ශිෂ්‍යයෙකු මෙරට වෛද්‍ය පීඨයට ඇතුළත් කරගන්නා ලෙස නියෝගයක්

T

The Leader Desk

February 6, 2026 • 4:00 AM

විදේශයක උසස් පෙළ හැදෑරූ ශිෂ්‍යයෙකු මෙරට වෛද්‍ය පීඨයට ඇතුළත් කරගන්නා ලෙස නියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ඉසුල දම්සිත් ජයරත්න නමැති සිසුවා විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණ.
  • එය විභාග කිරීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
  • එහිදී ඉන්දියානු, පකිස්ථානු හා බංග්ලාදේශ සිසුන් ඉගෙනුම ලබන පාසලකින් ජේෂ්ඨ පාසල් සහතික පත්‍ර විභාගය සමත් වූ බවත් එය ශ්‍රී ලංකාවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සමාන විභාගයක් බවත් පෙත්සම්කරු කියා සිටියි.
  • ඉන් පසුව තමා විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මෙරට රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා අයඳුම් පතක් ඉදිරිපත් කළ අතර ඊට අදාල නිර්ණායකයන්ට තමා අයත් නොවන බව සඳහන් කරමින් අදාළ අයදුම්පත මෙරට විදේශ කටයුතු අමාත්‍යශය විසින් ප්‍රතික්ෂේප කළ බවට ඔහු චෝදනා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


 බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ඉසුල දම්සිත් ජයරත්න නමැති සිසුවා විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණ.

එය විභාග කිරීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

 කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි තමන් එම විභාගයෙන් සමත් වූ බවත්, තම පියා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගෲප් කපිතාන්වරයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක තනතුරක් ලැබීමෙන් අනතුරුව තමා රුසියාව බලා පිටත්ව ගිය බවත් පෙත්සම්කරු කියා සිටියි.

එහිදී ඉන්දියානු, පකිස්ථානු හා බංග්ලාදේශ සිසුන් ඉගෙනුම ලබන පාසලකින් ජේෂ්ඨ පාසල් සහතික පත්‍ර විභාගය සමත් වූ බවත් එය ශ්‍රී ලංකාවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සමාන විභාගයක් බවත් පෙත්සම්කරු කියා සිටියි.

ඉන් පසුව තමා විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මෙරට රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා අයඳුම් පතක් ඉදිරිපත් කළ අතර ඊට අදාල නිර්ණායකයන්ට තමා අයත් නොවන බව සඳහන් කරමින් අදාළ අයදුම්පත මෙරට විදේශ කටයුතු අමාත්‍යශය විසින් ප්‍රතික්ෂේප කළ බවට ඔහු චෝදනා කරයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් එම සිසුවා සිය පෙත්සම තුළින් සඳහන් කර තිබිණ.

| nethnews
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...