The Leader News
BREAKING
Top Ad
පුවත්

නිදහස් දා හමුදාව අවතක්සේරු කළා ද? විපක්‍ෂයේ චෝදනාවට ආණ්ඩුවෙන් පිළිතුරු

T

The Leader Desk

February 6, 2026 • 6:12 AM

නිදහස් දා හමුදාව අවතක්සේරු කළා ද? විපක්‍ෂයේ චෝදනාවට ආණ්ඩුවෙන් පිළිතුරු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුව ණයට ගත් මුදලින් රටට ගෙනෙන අවි ආයුධ නිදහස් දින ප්‍රදර්ශනය කිරීම ජාතික අභිමානයට හේතුවක් නොවේ යයි රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න කළ ප්‍රකාශය ද විපක්ෂයේ විවේචනයට ලක්වෙමින් ඇත.
  • ණයට ගත්තු යුධ උපකරණ ජාතික නිදහස් උත්සවයේදී පෙන්නන්න බැරි බව කියන ආණ්ඩුවක නියෝජිතයින් අනුන්ගෙන් ඇඳුම් ඉල්ලාගෙන ඇඳගත්තේ ඇයිද කියා තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
  • ආරක්ෂක හමුදාවට අවමන් “රණවිරුවන් සෙබළුන් බවට පත් කිරීම” මෙවර “නිදහස් දින සැමරුම” බෞද්ධ විරෝධී සහ ආරක්ෂක හමුදාවලට අවමන් කිරීමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
  • ඔහු එබව කියා සිටියේ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ ඊයේ (05) මාධ්‍ය හමුවක් කැඳවමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


ආණ්ඩුව ණයට ගත් මුදලින් රටට ගෙනෙන අවි ආයුධ නිදහස් දින ප්‍රදර්ශනය කිරීම ජාතික අභිමානයට හේතුවක් නොවේ යයි රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න කළ ප්‍රකාශය ද විපක්ෂයේ විවේචනයට ලක්වෙමින් ඇත.

ණයට ගත්තු යුධ උපකරණ ජාතික නිදහස් උත්සවයේදී පෙන්නන්න බැරි බව කියන ආණ්ඩුවක නියෝජිතයින් අනුන්ගෙන් ඇඳුම් ඉල්ලාගෙන ඇඳගත්තේ ඇයිද කියා තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

'' අපි දෙමළ ජනතාව එක්ක යුද්ධ කරේ නෑ. ලෝකයේ කාටවත් පරාජය කරන්න බෑ කියපු ත්‍රස්තවාදය තමයි අපේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය පරාජය කළේ. අපේ රටේ නිදහස් දිනයේ රටේ රාජ්‍ය නායකයාට ඒක අභිමානයෙන් කියන්න කොන්දක් නෑ. ආණ්ඩුවට රාජ්‍ය නායකයට ඒක පිළිගන්න හයියක් නෑ . යයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසිය.  

'' ඔබතුමන්ලා හිතනවානම් ඔබතුමන්ලාගේ ආණ්ඩුව විසින් දකුණේ බහුතරය විවේචනය කරන ගමන් ඩයස්පෝරාවයි උතුරේ ජනතාවගේ හදවත දිනාගන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නැහැ '' යයි ද ඔහු කියා සිටියේය.



ආරක්ෂක හමුදාවට අවමන් “රණවිරුවන් සෙබළුන් බවට පත් කිරීම”
 

මෙවර “නිදහස් දින සැමරුම” බෞද්ධ විරෝධී සහ ආරක්ෂක හමුදාවලට අවමන් කිරීමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ඔහු එබව කියා සිටියේ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ ඊයේ (05) මාධ්‍ය හමුවක් කැඳවමිනි.

නිදහස් දින පෙළපාලියේදී ආරක්ෂක හමුදාවේ අවි ආයුධ ප්‍රදර්ශනය නොකිරීම ඔහු එම මාධ්‍ය හමුවේදී දැඩි ලෙස විවේචනය කළේය.

 “අවි ආයුධ පෙන්නන්න බැහැලු ණයට ගත්තු ඒවා කියලා. එහෙනම් ජනාධිපති සහ ඇමතිවරු ආවේත් ණයට ගත් වාහනවලද? මේක ආරක්ෂක හමුදාවට වෛරය පිට කිරීමක්,” යයි ද ඔහු කියා සිටියේය.



විපක්ෂයේ චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා - නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

මෙසේ ත්‍රිවිධ හමුදාව අවතක්සේරු කර ඇති බවට විපක්‍ෂය ආණ්ඩුවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කරන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසිය.

මෙවර නිදහස් උත්සවය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් එල්ල කරන විවේචනවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ තව දුරටත් ප්‍රකාශ කළේ, රජය මෙවර නිදහස් දිනය සැමරුවේ ජනතාවගේ බදු මුදල් ඉතාමත් අවම ලෙස වියදම් කරමින් බවයි.

උත්කර්ෂවත් බව යන්නෙන් අදහස් කරන්නේ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරමින් අහසට වෙඩි තැබීම හෝ මහ දවල් වායුසමීකරණ යන්ත්‍ර භාවිත කරමින්, ලක්ෂ ගණන් වැය කර ජංගම වැසිකිළි සවි කිරීම නොවන බව ඔහු  අවධාරණය කර සිටියේය.

එවැනි අනවශ්‍ය වියදම් කපා හරිමින්, ඉතා කෙටි එහෙත් අභිමානවත් සහ සැලසුම් සහගත ජාතික නිදහස් උත්සවයක් කොළඹදී මෙන්ම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පැවැත්වීමට රජය කටයුතු කළ බව ඔහු පැවසිය.

මෙවර නිදහස් දින පණිවිඩය වූයේ “යළි ගොඩනගමු” යන්න බවත්, රට යළි ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ජවය රටේ ජනතාව වෙත ලබාදීමට මෙම උත්සවය සමත් වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

විපක්ෂය සහ විවිධ කණ්ඩායම් එල්ල කරන විවේචන පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, සුන්බුන් විපක්ෂය කුමන විවේචන එල්ල කළද, රටේ ජනතාව මෙම උත්සවයේ අභිමානවත් සහ චාම් බව වටහාගෙන ඇති බවයි.

ජාතික සමගිය ඔප්නැංවෙන අයුරින් ඉතා සාර්ථකව මෙම සැමරුම පවත්වා අවසන් කිරීමට හැකි වීම පිළිබඳව රජය නිහතමානීව ආඩම්බර වන බවද මහින්ද ජයසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.


සබැඳි ලිපි :

නිදහසේ අද අර්ථය...| Mahesh Hapugoda

මෙවර නිදහස... | Mahesh Hapugoda

sarath pathrinaa

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...