The Leader News
BREAKING
Top Ad
පුවත්

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මෙන්න

T

The Leader Desk

February 6, 2026 • 5:22 AM

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම තීරණය දැනුම් දෙමින් කථානායකවරයා මෙසේද පැවසීය.
  • "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි.
  • මෙම පනත් කෙටුම්පතෙහි කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිඳු විධිවිධානයකට අනනුකූල නොවන බවත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
  • ඒ අනුව, ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීමට මෙයින් යෝජනා කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම තීරණය දැනුම් දෙමින් කථානායකවරයා මෙසේද පැවසීය.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද  “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි.

මෙම පනත් කෙටුම්පතෙහි කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිඳු විධිවිධානයකට අනනුකූල නොවන බවත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය  තීරණය කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි."



යළි සලකා බලන්නැයි කරුගෙන් ඉල්ලීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ යෝජනාවට අදාළ පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් ජනවාරි 7 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව, ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීමට මෙයින් යෝජනා කර ඇත.

එමෙන් ම එම පනතේ විධිවිධාන ප්‍රකාරව 1982 අංක 1 දරන පනතේ 9 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව හෝ 1990 අංක 47 දරන පනතේ 9 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව විශ්‍රාම වැටුපක් ලබන යම් තැනැත්තෙකු, මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ ඉන් පසුව එම විශ්‍රාම වැටුප ලැබීම නතර විය යුතු බව ද එම කෙටුම්පතේ සඳහන් කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති තීන්දුව ගැන නැවත සලකා බලන මෙන් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී රජයෙන් ඉල්ලීමක් කර තිබිණි.

විශ්‍රාමික මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් 490ක් පමණ මෙම විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබන බවත් අතර ප්‍රධාන පෙළේ පක්ෂ නායකයන් 4 දෙනෙකු ද ඊට අයත් බවත් ඔහු එම ඉල්ලීමේ සඳහන් කර තිබිණ.

මීට පෙර කළ ඉල්ලිමට රජය පාර්ශවයෙන් ප්‍රතිචාරයක් නොලැබුණ බවත් මේ පිළිබඳව යළි ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කරන බවත් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය පැවසිය. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...