The Leader News
BREAKING
Top Ad
පුවත්

හදිසි නීතියට විරුද්ධ වීමට සජබ තීරණය කරයි - රන්ජිත් මද්දුම බණ්ඩාර දැනුම්දේ

T

The Leader Desk

February 6, 2026 • 11:55 AM

හදිසි නීතියට විරුද්ධ වීමට සජබ තීරණය කරයි - රන්ජිත් මද්දුම බණ්ඩාර දැනුම්දේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වී සිටින පිරිස්වලට සහන සැලසීම සඳහා සියලු දෙනාම එකඟ බවත් හදිසි නීතිය ඒ සඳහා අවශ්‍යම ද යන්න කියා තමා ප්‍රශ්න කරන බවද රජිත් මද්දුමබණ්ඩාර ආණ්ඩුවෙන් විමසා සිටියේය.
  • දිට්වා සුළි කුණාටුව පැමිණ මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් තවමත් රට යථා තත්ත්වයට පත් වී නොමැති නිසා හදිසි නීතිය ගෙන එන්නේද කියා මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
  • '' එදා 1988 දී ජනතා විමුක්ති පෙරමුණ මිනී මරණ කොට ඊට එරෙහිව හදිසි නීතිය ගෙනාවා.
  • දැන් පොලිසිය කියනවා ඔවුන්ට විරුද්ධව ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවත් කරගන්නවා නම් විතරයි හාමුදුරුවන්ට ඇප දෙන්නේ කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):


දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වී සිටින පිරිස්වලට සහන සැලසීම සඳහා සියලු දෙනාම එකඟ බවත් හදිසි නීතිය ඒ සඳහා අවශ්‍යම ද යන්න කියා තමා ප්‍රශ්න කරන බවද රජිත් මද්දුමබණ්ඩාර ආණ්ඩුවෙන් විමසා සිටියේය.

දිට්වා සුළි කුණාටුව පැමිණ මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් තවමත් රට යථා තත්ත්වයට පත් වී නොමැති නිසා හදිසි නීතිය ගෙන එන්නේද කියා මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

'' එදා 1988 දී ජනතා විමුක්ති පෙරමුණ මිනී මරණ කොට ඊට එරෙහිව හදිසි නීතිය ගෙනාවා. ඒ වගේම එල්ටීටීඊ සංවිධානය මිනී මරණ කොට ඊට එරෙහිව හදිසි නීතිය ගෙනාවා.

''ස්වාමීන් වහන්සේ හතර නමක් සිරගත කරලා තියෙන්නේ හදිසි නීතිය යොදාගෙන''

"ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ හතර නමක් සිරගත කරලා තියෙන්නේ හදිසි නීතිය යොදාගෙන. ඒ නීතිය අනුව තමයි ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගත්තේ. දැන් පොලිසිය කියනවා ඔවුන්ට විරුද්ධව ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවත් කරගන්නවා නම් විතරයි හාමුදුරුවන්ට ඇප දෙන්නේ කියලා. මේකද රටේ නීතිය කියලා අපි ආණ්ඩුවෙන් අහනවා.

විරුද්ධ පක්ෂයේ පිරිස්, ආණ්ඩුවට එරෙහි පිරිස් මර්දනය කිරීමට ආණ්ඩුව සූදානම් වන නිසා තමයි හදිසි නීතියට එරෙහිව ඡන්දය දීමට අපි තීරණය කළේ," යයි ද රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


හදිසි නීතිය පැනවීම ගැන කනස්සල්ල


රටේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.

ඒ අනුව, ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ අත්‍යවශ්‍ය සේවා නඩත්තු කිරීම, පවත්වාගෙන යාම සහතික කිරීමේ අරමුණ ඇතිව නොවැම්බර් 28 වන දා සිට මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරිණි.

රට තුළ සිදුවන මානුෂිය ව්‍යසනයකදී ආපදා වැනි තත්ත්වයන්වලදී භාවිත කිරීමට, ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත තිබියදී පවතින ආපදා තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පැනවීම ගැන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය දිගින් දිගටම ආණ්ඩුව වෙත විරෝධය පළකරමින් සිටියි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පෙන්වා දෙන්නේ, 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත සුනාමි ව්‍යසනයෙන් පසුව හඳුන්වා දෙනු ලැබුවේ ගංවතුර, නායයාම්, සුළි කුණාටු ඇතුළු ස්වාභාවික විපත්වලදී නැවත යථා තත්ත්වය පත්වීමට සහ මානුෂීය ගැටලු විසඳා ගැනීමට බව ය.

ආර්ථික, දේශපාලනික හෝ ස්වාභාවික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම අර්බුදයන්ට පෙර නිමිති ප්‍රතිචාරය බවට පත්වන චක්‍රයකට රට නැවත නොයා යුතු බව අවධාරණය කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ජාතික වශයෙන් ඇතිව තිබෙන දුෂ්කරතා මධ්‍යයේ වුව ද, ක්‍රම වෙනසක් වෙනුවෙන් පොරොන්දු දුන් නව රජය නීතියේ අධිපත්‍යය, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් ආරක්ෂා කරනු ඇතැයි බලාපොරොත්තු පළ කරයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...