The Leader News
BREAKING
Top Ad
පුවත්

'හදිසි නීතිය කිසිම මර්ධන කාර්යකට භාවිත කරලත් නෑ, කරන්නෙත් නෑ' - අමාත්‍ය විජිත හේරත්

T

The Leader Desk

February 6, 2026 • 4:32 PM

'හදිසි නීතිය කිසිම මර්ධන කාර්යකට භාවිත කරලත් නෑ, කරන්නෙත් නෑ' - අමාත්‍ය විජිත හේරත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු එබව කියා සිටියේ හදිසි නීතිය දීර්ඝ කිරීම පිළිබඳව අද (02/06) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.
  • '' ''හදිසි නීතිය පැනවීම නිසා සංචාරක කර්මාන්තය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම හේතුවෙන් පහුගිය දෙසැම්බර් සහ ජනවාරි මාස ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පැමිණි මාස බවට පත් කරන්න අපිට හැකි වුණා.'' යයි ද අමාත්‍යවරයා පැවසිය.
  • යෝජනා සම්මතයට පක්ෂව ඡන්ද 106ක් ලැබුණ අතර ඊට විරැද්ධව ලැබුණේ ඡන්ද 02 ක් පමණි.
  • ජී.ජී පොන්නම්බලම් සහ අර්චුනා රාමනාදන් යන මන්ත්‍රීවරු මහජන ආරක්ෂක පනතේ යෝජනා සම්මතයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු එබව කියා සිටියේ හදිසි නීතිය දීර්ඝ කිරීම පිළිබඳව අද (02/06) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.

''වත්මන් ආණ්ඩුව හදිසි නීතිය කිසිම මර්ධන කාර්යකට භාවිත කරලත් නෑ, භාවිත කරන්නෙ නෑ'' යයි ඔහු එහිදී අවධාරණය කළේය.

'' අපි පොරොන්දු වූ පරිදි ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් ජනතාවාදී පනතක් ගෙන්න මහජන අදහස් සඳහා විවෘත කර තිබෙනවා. ''

''හදිසි නීතිය පැනවීම නිසා සංචාරක කර්මාන්තය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම හේතුවෙන් පහුගිය දෙසැම්බර් සහ ජනවාරි මාස ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පැමිණි මාස බවට පත් කරන්න අපිට හැකි වුණා.''  යයි ද අමාත්‍යවරයා පැවසිය.

 
'හදිසිය’ වැඩි ඡන්දයෙන් අනුමතයි - සජබ විරෝධය පා සභාවෙන් යයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු රට පුරා පැනවූ හදිසි තත්වය මාසයක් දීර්ඝ කිරීම( මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය) සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී හදිසි තත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්ද 104කින් පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ සම්මත විය.

යෝජනා සම්මතයට පක්ෂව ඡන්ද 106ක් ලැබුණ අතර ඊට විරැද්ධව ලැබුණේ ඡන්ද 02 ක් පමණි.

ජී.ජී පොන්නම්බලම් සහ අර්චුනා රාමනාදන් යන මන්ත්‍රීවරු මහජන ආරක්ෂක පනතේ යෝජනා සම්මතයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

හදිසි තත්වය දීර්ඝ කිරීමට ඡන්දයක් අවශ්‍ය බව සමස්ත ලංකා ද්‍රවිඩ සන්ධානයේ නායක පොන්නම්බලම් ඉල්ලීමක් කළේය. ඡන්ද විමසීම පැවැත්වුණෙ ඒ අනුවය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක පැවසුවේ මේ අවස්ථාවේදී රටට හදිසි නීතිය අවශ්‍ය නොවන හෙයින් ඊට විරෝධය පළ කරන බවයි. එම විරෝධය සටහන් කර කරගන්නා ලෙසද ඔහු ඉල්ලීමක් කළේය.

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය පිළිබද විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරැ රැසක් අදහස් දැක්වූහ.

හදිසි නීතිය යොදාගෙන විපක්ෂය මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන හෙයින් හදිසි නීතියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය තීරණය කළ බව එම පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

 

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් - අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්!

මේ අතර සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින් අදත් (06) දවස පුරා අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක් පැවැත්විය.

විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් ක්‍රියාකාරිකයින් ඇතුළු පාර්ශවයන්හි සහභාගීත්වයෙන් එය සංවිධානය කර තිබුණි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මෙන්ම ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත නව සංශෝධිත පනතද වහා හකුළා ගන්නා ලෙස එහිදී විරෝධතා කරුවන් ආණ්ඩුවට බලකර සිටියේය.

පසුගිය 30 වැනිදා ද අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට දී මෙම විරෝධය පැවති අතර ඔවුන් අඛණ්ඩව ඉදිරියට මෙම විරෝධතාවය පවත්වාගෙනයාමට තීන්දුකර ඇතැයි වාර්තාවේ.

000PTA 1000PTA 2000PTA 3000PTA 4000PTA 5000PTA 6000PTA 7000PTA 8

 (images - LNW)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...