The Leader News
BREAKING
Top Ad
පුවත්

පාර්ලිමේන්තුව තුළදී මන්ත්‍රීවරියන්ට සිදුවන වාචික හිංසනයෙන් වැළැක්වීමට යෝජනාවක්

T

The Leader Desk

February 7, 2026 • 4:14 AM

පාර්ලිමේන්තුව තුළදී මන්ත්‍රීවරියන්ට සිදුවන වාචික හිංසනයෙන් වැළැක්වීමට යෝජනාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තු සන්නිවේදනය අංශය සඳහන් කළේ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඇතුළු සංසදයේ සාමාජිකාවන්ගේ අත්සනින් යුතුව මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවය.
  • වැඩිම කාන්තා නියෝජිතයන් සහිත පාර්ලිමේන්තුව ලෙස දසවන පාර්ලිමේන්තුව කැපී පෙනේ.
  • නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක ජනතාව විසින් තෝරා පත් කරගන්නා ලද නියෝජිතයන් ලෙස, ඔවුහු පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සහ ඉන් පිටත ස්වකීය රාජකාරි ඉටු කරති.
  • සමස්තයක් වශයෙන් සමාජය තුළ දේශපාලනයෙහි කාන්තාවන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වයටද මෙමගින් ඍණාත්මක පූර්වාදර්ශයක් සැපයන බවද එහි වැඩිදුරටත් සඳහන් වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පාර්ලිමේන්තු සන්නිවේදනය අංශය සඳහන් කළේ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඇතුළු සංසදයේ සාමාජිකාවන්ගේ අත්සනින් යුතුව මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවය.

 වැඩිම කාන්තා නියෝජිතයන් සහිත පාර්ලිමේන්තුව ලෙස දසවන පාර්ලිමේන්තුව කැපී පෙනේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක ජනතාව විසින් තෝරා පත් කරගන්නා ලද නියෝජිතයන් ලෙස, ඔවුහු පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සහ ඉන් පිටත ස්වකීය රාජකාරි ඉටු කරති.

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ " ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 ක්‍රියාකාරිත්වයේ" කොටසක් ලෙස වාර්ෂික "තැඹිලි පැහැ දිනය" වැනි සංකේතාත්මක වැඩසටහන් සංසදය විසින් සිදු කර ඇතත්, ඒවා සභා ගර්භයේ ක්‍රියාකාරිත්වය තුළින් හරයාත්මක ලෙස අර්ථ ගැන්වීමට නොහැකි වී ඇති  බව තම නිරීක්ෂණය බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ  සභාපති සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්  ඇතුළු සංසදයේ සාමාජිකාවන්ගේ අත්සනින් ඉදිරිපත් කොට ඇති මෙම ඉල්ලීම තුළ සඳහන්වේ.

විශේෂයෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඉලක්ක කර වාචික හිංසනය ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවක් මෑත කාලයේ නිරීක්ෂණය වී ඇති හෙයින් මෙම ප්‍රකාශවල පවතින අභියෝගය හුදෙක් පුද්ගලයන් ඉලක්ක කරගත් එකක් නොව, ජනතාවගේ ස්වාධිපත්‍ය බලයටද, කාන්තාවන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට සහ දේශපාලනයට සම්බන්ධ වීමට ඇති අයිතියටද එරෙහි අභියෝගයක් බව සංසදය අවධාරණය කරයි. සමස්තයක් වශයෙන් සමාජය තුළ දේශපාලනයෙහි කාන්තාවන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වයටද මෙමගින් ඍණාත්මක පූර්වාදර්ශයක් සැපයන බවද එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

එනිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් යන දෙපාර්ශ්වයම විසින් සිදු කරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ සිදු නොකළ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ යෝජනා කරන අතර එය ස්ථාවර නියෝග යටතේ වන "පාර්ලිමේන්තුව තුළ විනය" කොටස හරහා ක්‍රියාත්මක කළ හැකි බවද යෝජනාවේ සඳහන් වේ.

ඒ අනුව, උක්ත කරුණු සලකා බලා ඒ පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි නව ස්ථාවර නියෝගයක් අන්තර්ගත කිරීමෙන් ස්ථාවර නියෝග සංශෝධනය කරන ලෙසට මන්ත්‍රීවරියන්ගේ සංසදය කථානායකවරයාගෙන් ඉල්ලා සිටී.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...