The Leader News
BREAKING
Top Ad
පුවත්

ටිල්වින් සහ ජයශංකර් අතර නිල හමුවක්

T

The Leader Desk

February 7, 2026 • 4:32 AM

ටිල්වින් සහ ජයශංකර් අතර නිල හමුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙරට අතර සම්බන්ධතාවය තව දුරටත් ශක්තිමත් කළ යුතු බවත් සංවර්ධන අවස්ථා මෙන්ම සුබසාධන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම පිළිබඳව එහිදී දීර්ඝ වශායන් අදහස් හුවමාරු වී ඇත.
  • දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මොහොතේ ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය සිහිපත් කර ඇති ටිල්වින් සිල්වා, ඒ සම්බන්ධව සිය ස්තුතිය පළ කර ඇත.
  • ශ්‍රී ලංකාවට ඉන්දියාව සැම විටම විශ්වාස කළ හැකි හිතවත් මිතුරෙකු ලෙස පවතිනු ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
  • මෙම සාකච්ඡාවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම, අනාගත වර්ධන අවස්ථා ගවේෂණය කිරීම සහ සමාජ සුබසාධන වැඩසටහන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙරට අතර සම්බන්ධතාවය තව දුරටත් ශක්තිමත් කළ යුතු බවත් සංවර්ධන අවස්ථා මෙන්ම  සුබසාධන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම පිළිබඳව එහිදී දීර්ඝ වශායන් අදහස් හුවමාරු වී ඇත.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මොහොතේ ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය සිහිපත් කර ඇති ටිල්වින් සිල්වා, ඒ සම්බන්ධව සිය ස්තුතිය පළ කර ඇත.

 ශ්‍රී ලංකාවට ඉන්දියාව සැම විටම විශ්වාස කළ හැකි හිතවත් මිතුරෙකු ලෙස පවතිනු ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මෙම සාකච්ඡාවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම, අනාගත වර්ධන අවස්ථා ගවේෂණය කිරීම සහ සමාජ සුබසාධන වැඩසටහන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත.

මෙම හමුව සම්බන්ධයෙන් X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත පිරිස සමඟ ඉතා සුහදශීලී සහ ඵලදායී අදහස් හුවමාරුවක නිරත වූ බවය.

දෙරට අතර පවතින ගැඹුරු සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට මෙම සාකච්ඡාව මනා පිටිවහලක් වූ බව ද ඔහු එහි දක්වා ඇත.

Screenshot 2026 02 07 094944
tilvin india
 

ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ  ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් ඉන්දියානු සංචාරයක් සඳහා පසුගිය 05දා නවදිල්ලි නුවර බලා පිටත් වූහ.

මෙම සංචාරයේදී නවදිල්ලියට අමතරව ගුජරාට් හා කේරළ ප්‍රාන්තවලද සංචාරය කිරීමට නියමිත අතර එම ප්‍රන්තයන්හි මහ ඇමතිවරුන් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඊට අමතරව ඉන්දියාවේ කෘෂිකර්මාන්ත, කාර්මික සහ තාක්ෂණික සංවර්ධනයට අදාළ මධ්‍යස්ථාන නැරඹීමටද මෙහිදී කටයුතු යොදා ඇත.

මෙම සංචාරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමග අන්තර් සමාගම් සේවක සංගමයේ  ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරී, පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානාදන් ඉලන්කුමරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ්, ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයේ සාමාජික හේමතිලක ගමගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකා නීතිඥ කල්පනා මධුභාශිනීද සම්බන්ධ වී සිටිති.

post  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...