The Leader News
BREAKING
Top Ad
පුවත්

පක්⁣ෂයට ගත් පඩි සල්ලි ඉල්ලා හිටපු ජවිපෙ මන්ත්‍රීලා නඩු මඟට.. !

T

The Leader Desk

February 8, 2026 • 6:17 AM

පක්⁣ෂයට ගත් පඩි සල්ලි ඉල්ලා හිටපු ජවිපෙ මන්ත්‍රීලා නඩු මඟට.. !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති නීතිඥවරුන් පිරිසක් ඔවුන්ගේ එම නීතිමය කටයුතුවලට සහයෝගය දක්වන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
  • තමන් පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ සමයේදී මන්ත්‍රී වැටුප් සියල්ල ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදලට ලබාගත් බවත් එසේ ගැනීම නීති විරෝධී බවත් එම මන්ත්‍රීවරු පෙන්වා දෙති.
  • මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සඳහන් කරන්නේ පක්ෂ අරමුදලට ගත් තමන්ගේ එම මුදල් නැවත ලබා ගැනීමට දිගටම සටන් කරන බවයි.
  • තමන්ගේ වැටුප් සල්ලි කෝටි ගණනක මුදලක් පක්ෂ අරමුදලට එසේ නීති විරෝධී ආකාරයට ලබා ගත් බවට චෝදනා කරන ප්‍රේමසිරි මානගේ තමන්ගේ වැටුප් සල්ලි පක්ෂ අරමුදලට ලබාගෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීම අන්ත අසාධාරණ බවද කියා සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපති නීතිඥවරුන් පිරිසක් ඔවුන්ගේ එම නීතිමය කටයුතුවලට සහයෝගය දක්වන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

තමන් පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ සමයේදී මන්ත්‍රී වැටුප් සියල්ල ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදලට ලබාගත් බවත් එසේ ගැනීම නීති විරෝධී බවත් එම මන්ත්‍රීවරු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සඳහන් කරන්නේ පක්ෂ අරමුදලට ගත් තමන්ගේ එම මුදල් නැවත ලබා ගැනීමට දිගටම සටන් කරන බවයි.

තමන්ගේ වැටුප් සල්ලි කෝටි ගණනක මුදලක් පක්ෂ අරමුදලට එසේ නීති විරෝධී ආකාරයට ලබා ගත් බවට චෝදනා කරන ප්‍රේමසිරි මානගේ තමන්ගේ වැටුප් සල්ලි පක්ෂ අරමුදලට ලබාගෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීම අන්ත අසාධාරණ බවද කියා සිටියි.

මන්ත්‍රීලාගේ ’’පැන්ෂන්’’ කපා දාන පනත් කෙටුම්පත 17 විවාදයට

මේ අතර සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ලබන 17  වෙනිදා විවාදයට ගෙන එදිනම සම්මත කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවයි.

එම පනත් කෙටුම්පතේ කිසිම වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයද කථානායකවරයාට දැනුම් දී ඇත.

පනත් කෙටුම්පත සම්මත වීමෙන් හිටපු මන්ත්‍රීවරුන් පන්සිය දොළොස් දෙනකුගේ විශ්‍රාම වැටුප අහෝසිවී යනු ඇත.

ඊට හිටපු මන්ත්‍රීවරුන්ගේ කලත්‍රයන් (බිරිඳ හෝ සැමියා) 150ක්ද ඇතුළත් වෙති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ජාතික ජන බලවේගය පසුගිය මහ මැතිවරණ සහ ජනාධිපතිවරණ කාලයේදී ජනතාවට දුන් පොරොන්දුවක්  ඉටුකිරීමකි.

(මුලාශ්‍රය | lankalokaya)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...