අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් අද (09) විභාගය සඳහා කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මෙම දැනුම්දීම සිදු කළේය.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත පිළිබඳව අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පෙබරවාරි මස 03 වනදා සිට මාසයක කාලයක් ලබා දී තිබෙන බවත් ඔහු අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම පෙත්සම් විභාගය අවසන් කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.




