The Leader News
BREAKING
Top Ad
පුවත්

අපි 'හෝඩි හෙලෙයියා' සංස්කෘතිය රැක ගත යුතුයි - ධීවර නියෝජ්‍ය ඇමති

T

The Leader Desk

February 10, 2026 • 8:08 AM

අපි 'හෝඩි හෙලෙයියා' සංස්කෘතිය රැක ගත යුතුයි - ධීවර නියෝජ්‍ය ඇමති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුයේ, ධීවර අමාත්‍යංශයේදී ඊයේ (9) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.
  • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ධීවර අමාත්‍යවරුන් මෙම විනාශකාරී තත්ත්වය පිළිබඳ අවබෝධයකින් තොරව ධීවරයන් නොමඟ යවන බවටද ඔහු මෙම මාධ්‍ය හමුවේදී චෝදනා කළේය.
  • යහපාල රජය සමයේ 2015 වසරේ ධීවර ඇමතිවරයා විශේෂ සටහනකින් (මිනිට් එකක්) රිය මාදැල් 72කට ට්‍රැක්ටරය පාවිච්චි කර ‘වින්ච්’ එක දමා ඇදීමට අවසර දී ඇති බවත් ‘වින්ච්’ එක දමා මාදැල අදින විට කිලෝමීටර 4කට 5කට ඈතට දැල දාමා බරුව එල්ලන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
  • එහිදී ආතතියත් සමඟ පහළ ඇති කොරල්පර, ප්‍රවාංග සහ පෙද පාසි පවා ඇදගෙන එන බව කී නියෝජ්‍ය අමාත්‍ය ගමගේ, මහින්ද අමරවීර සහ දිලිප් වෙඳආරච්චි යන අමාත්‍යවරුන් ධිවර ඇමතිවරුන්ව සිටියදී ‘බොටම් ට්‍රැව්ලින්’ ක්‍රමවේදයට අහිසක ධීවරයන් අනියමින් කොටුකර ඇති බව ද සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුයේ, ධීවර අමාත්‍යංශයේදී ඊයේ (9) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ධීවර අමාත්‍යවරුන් මෙම විනාශකාරී තත්ත්වය පිළිබඳ අවබෝධයකින් තොරව ධීවරයන් නොමඟ යවන බවටද ඔහු මෙම මාධ්‍ය හමුවේදී චෝදනා කළේය.

යහපාල රජය සමයේ 2015 වසරේ ධීවර ඇමතිවරයා විශේෂ සටහනකින් (මිනිට් එකක්) රිය මාදැල් 72කට ට්‍රැක්ටරය පාවිච්චි කර ‘වින්ච්’ එක දමා ඇදීමට අවසර දී ඇති බවත් ‘වින්ච්’ එක දමා මාදැල අදින විට කිලෝමීටර 4කට 5කට ඈතට දැල දාමා බරුව එල්ලන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

එහිදී ආතතියත් සමඟ පහළ ඇති කොරල්පර, ප්‍රවාංග සහ පෙද පාසි පවා ඇදගෙන එන බව කී නියෝජ්‍ය අමාත්‍ය ගමගේ, මහින්ද අමරවීර සහ දිලිප් වෙඳආරච්චි යන අමාත්‍යවරුන් ධිවර ඇමතිවරුන්ව සිටියදී  ‘බොටම් ට්‍රැව්ලින්’ ක්‍රමවේදයට අහිසක ධීවරයන් අනියමින් කොටුකර ඇති බව ද සඳහන් කළේය.  

මෙම ගැටලුකාරී තත්වයට යහපාලන ආණ්ඩුව මෙයට වගකිවයුතු ද ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ වැඩි දුරටත් සඳහන් කළේය.

ටැක්ටර් භාවිතයෙන් මා දැල් ඇදීම අහිතකර බව පරිසරවේදීන් පවා පෙන්වා දී ඇති බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් දැනට අධිකරණ ක්‍රියාවලියක් පවතින බැවින් ලබන 27 වනදායින් පසුව ධීවරයන් සමඟ සාකච්ඡා කර පරිසරයත් ධීවරයාත් ආරක්ෂා වන ස්ථිර විසඳුමකට එළඹීමට රජය සූදානම් බව වැඩිදුරටත් පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරන මා දැල් ධීවර සමිති නියෝජිතයන් පෙන්වා දෙන්නේ මේ වන විට මා දැල් ඇදීම සඳහා වන ශ්‍රමිකයන් ගේ හිඟය මත මෙම පියවර ගත් අතර එසේ නම් යන්ත්‍ර මඟින් ගොයම් කැපීම ද තහනම් කොට නැවත “රන් දෑකැති ගෙන” ආදී ගොයම් කවි කියමින් දෑකැති වලින් ගොයම් කැපීම ද රට පුරා ව්‍යාප්ත කළ යුතු බවකි.

ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය අඛණ්ඩව අද (10) හයවන දිනටත් ක්‍රියාත්මක කෙරෙයි.


| vinivida.lk





සබැඳි ලිපියක් :

මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය 06 වනදිනටත් අඛණ්ඩව - විපක්ෂ නායකත් එක්වේ

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...