ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව සඳහා සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලිපියක් නිකුත්කර ඇති බවට චෝදනා කරමින් එම ලිපිය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කර තිබේ.
ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මෙම පෙත්සම මාර්තු මස 04 වැනිදා කැඳවන ලෙසත් අධිකරණය නියම කර ඇත.
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබිණ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විදේශ අමාත්‍ය විජිත හේරත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්, ඊක්වල් ග්‍රවුන්ඩ් (Equal Ground) නමැති රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ යන අය නම් කර තිබේ.
''සමලිංගිකත්වය ප්‍රචාරණය කිරීමේ අරමුණක් නැහැ''
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මගින් සමලිංගිකත්වය ප්‍රචාරණය නොවන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය පවසයි.
විදේශීය සමලිංගික ප්‍රජාව ඉලක්ක කර ගනිමින් LGBTQ ප්‍රවර්ධනයක් මෙරට තුළ සිදු කිරීමට සංචාරක මණ්ඩලය සූදානම් වන බවට සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් ඇතිව තිබිණි. ඒ, සංචාරක මණ්ඩලය සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වෙත යොමු කළ ලිපියක් හේතුවෙනි.
මෙලෙස එල්ල වූ විරෝධයට මහ නාහිමිවරුන් , කාදිනල් මැල්කම් රංජිත් හිමියන් මෙන් ම විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් ද එක්ව සිටියේය.
එම විරෝධය හමුවේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණක් රජය තුළ නොමැති බව අවධාරණය කර සිටියාය.




