The Leader News
BREAKING
Top Ad
පුවත්

කතානායකගේ පෞද්ගලික ලේකම්ට විරුද්ධවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

T

The Leader Desk

February 11, 2026 • 12:02 PM

කතානායකගේ පෞද්ගලික ලේකම්ට විරුද්ධවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කතානායකවරයාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව දූෂණ චෝදනා පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති අවස්ථාවක ඊට අදාල සාක්ෂි වසන් කිරීමට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඔහු උත්සහ දරා ඇතැයි එම පැමිණිල්ලේ සඳහන්වේ.
  • එම පැමිණිල්ලට අදාළ චෝදනා සම්බන්ධයෙන් කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් තොරතුරු වාර්තාවක් කතානායකවරයාට ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරියට පසුගියදා ලිඛිතව දැනුම් දෙමින් මෙම බලපෑම කර ඇති බවද පැමිණිල්ලේ දැක්වේ.
  • චමින්ද කුලරත්න ගේ පැමිණිල්ලේ සඳහන් චෝදනා සම්බන්ධයෙන් එම චෝදනා එල්ල වී ඇති අය විසින්ම වාර්තාවක් කැඳවනු ලැබීමට කටයුතු කිරීම කොම්ෂන් සභාවේ කටයුතුවලට අයුතු බලපෑමක් කිරීමක් බව හැඟීම යැයිද එම මන්ත්‍රීවරු කියා සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):


කතානායකවරයාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව දූෂණ චෝදනා පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති අවස්ථාවක ඊට අදාල සාක්ෂි වසන් කිරීමට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඔහු උත්සහ දරා ඇතැයි එම පැමිණිල්ලේ සඳහන්වේ.

කනායකවරයාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට මෙම දූෂණ චෝදනා පැමිණිල්ල අල්ලස් කොමිසමට බාර දෙනු ලැබුවේ දැනට වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න විසිනි.

එම පැමිණිල්ලට අදාළ චෝදනා සම්බන්ධයෙන් කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් තොරතුරු වාර්තාවක් කතානායකවරයාට ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරියට පසුගියදා ලිඛිතව දැනුම් දෙමින් මෙම බලපෑම කර ඇති බවද පැමිණිල්ලේ දැක්වේ.

චමින්ද කුලරත්න ගේ පැමිණිල්ලේ සඳහන් චෝදනා සම්බන්ධයෙන් එම චෝදනා එල්ල වී ඇති අය විසින්ම වාර්තාවක් කැඳවනු ලැබීමට කටයුතු කිරීම කොම්ෂන් සභාවේ කටයුතුවලට අයුතු බලපෑමක් කිරීමක් බව හැඟීම යැයිද එම මන්ත්‍රීවරු කියා සිටිති.

 WhatsApp Image 2026 02 11 at 4.46.48 PM

WhatsApp Image 2026 02 11 at 4.46.49 PM

චමීර ගාල්ලගේ විසින් යොමුකළ ලිපිය

 

චමීර ගාල්ලගේ ගේ එම ලිපිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකර ඔහුට එරෙහිව නිත්‍යානුකූල පියවර ගන්නා ලෙසත් කතානායකවරයාට එරෙහි පැමිණිල්ලට අදාල තොරතුරු කිසිදු පාර්ශවයකට නිකුත් නොකරන ලෙස සහ ඒවා සුරක්ෂිතව තබා ගන්නා ලෙසට පාර්ලිමේන්තුවේ මහලේකම් වරියට නියෝගයක් නිකුත් කරන ලෙසත් එම මන්ත්‍රීවරු අල්ලස් කොමිසමෙන් වැඩිදුරටත්  ඉල්ලා සිටිති.

මෙම පැමිණිල්ල බාර දීමේ අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, මුජිබර් රහුමාන්, චමින්ද විජේසිරි සහ චතුර ගලප්පත්ති ද එම පක්ෂයේ නීතිඥවරු දෙදෙනෙක්ද සහභාගි වූහ.

(lankadeepa | සුජිත් හේවාජුලිගේ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...