හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස පසුගියදා සමන් ඒකනායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබුණි.
ඒ අනුව ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුන්නේය.
සැකකරුට ඇප දෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය 18 දා ඉදිරිපත් කරන බවද දන්වා සිටියේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත පෞද්ගලික සංචාරයක නියැළී රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළ බව කියන සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල විභාග කෙරේ.




