The Leader News
BREAKING
Top Ad
පුවත්

මේ රටේ ජනතාවට ධනය ලැබීමේ ක්‍රම නිර්මාණය කළ යුතුයි - දිලිත්

T

The Leader Desk

February 11, 2026 • 4:49 PM

මේ රටේ ජනතාවට ධනය ලැබීමේ ක්‍රම නිර්මාණය කළ යුතුයි - දිලිත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
  • ඔහු මේ බව පැවසුවේ අද (11) කොටගල පැවති ජන හමුවකට එක්වෙමිනි.
  • දැන් එහෙනම් මොකක්ද කරන්න තියෙන්නේ, මිනිස්සුන්ට ඇත්ත කියන්න ඕන.
  • ඔබ හිතන් ඉන්නවා මෙවර පඩි වැඩිවෙයි කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):

සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (11) කොටගල පැවති ජන හමුවකට එක්වෙමිනි.

"කොච්චර අසරණ වෙලාද මේ දිස්ත්‍රික්කේ. කිව්ව දේ කරන්න බෑ. දැන් එහෙනම් මොකක්ද කරන්න තියෙන්නේ, මිනිස්සුන්ට ඇත්ත කියන්න ඕන. ඒ වෙනුවට ජනපති දැන් මොනවාද දිගින් දිගටම කියාගෙන යන්නේ? මේ රටේ ජාතිවාදයක් තියෙනවාලු, අන්තවාදයක් තියෙනවාලු, ඒකට හිස ඔසවන්න ඉඩදෙන්නේ නැහැලු. මේ ජනාධිපතිවරයාට ඕනේ වෙලා තියෙනවා එයාගේ බලය තියාගන්න නැති ජාතිවාදයක් මේ පොළොවේ හදන්න.

මේ රටේ හැම මනුස්සයෙක්ගේ අතටම සල්ලි යන්න ඕන. ඔබ හිතන් ඉන්නවා මෙවර පඩි වැඩිවෙයි කියලා. මම එක දෙයක් කියන්නම් - ලංකාවේ පඩි වැඩිවෙනවා නම් හරි අස්වැසුම වැඩිවෙලානම් හරි එක දෙයයි කරන්න තියෙන්නේ. ඊට සතියකට කලින් කඩේට ගිහින් බඩුවල ගණන් ලියාගන්න පඩි වැඩිවුණාට පසු නැවත කඩේට ගිහින් ගණන් ලියාගන්න අනිවාර්යයෙන් බද්දක් ගහලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩවලට.

ධනය ලැබෙන්න ක්‍රමයක් ඕන - ඒ ක්‍රමය තමයි අපි කියන මේ ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය. ඒ විදියට තමයි ලෝකේ රටවල් රැසක් දියුණු වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට සල්ලි එන ක්‍රමයක්, දුප්පත්කම නැතිවෙන ක්‍රමයක් සොයාගත යුතුයි. ඒකට තමා අපි මේ මහන්සි වෙන්නේ. අපි සර්වජන සභාවක් හදමු මේ කොටගල කොට්ඨාසයේ. එකා එකා ‍ගොඩ අරගෙන. විශේෂයෙන්ම මේ කාන්තා ව්‍යවසායකත්වය ගොඩඅරගෙන අපි ගොඩඑන්න ඕන."

මේ අතර දිට්වා සුළි කුණාටුව හමුවේ දැඩිව විනාශ වූ කොත්මලේ නියම්ගම්දොර පුරාණ රජමහා විහාරස්ථානය ඇතුළු එම ප්‍රදේශයේ ගැටලු විමසා බැලීමටද දිලිත් ජයවීර කටයුතු කළේය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ, නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ, නිව් වැලිගම දියසිරිගම නොර්වුඩ් කොට්ඨාසයේ සර්වජන සභාව පිහිටුවීම, සර්වජන බලය නුවරඑළිය සංවිධායක සුරංග සේනාජිත, නොර්වුඩ් කොට්ඨාස කළමණාකාරිනි ප්‍රමිතා මාලනි විරසේකර ඇතුලු ප්‍රාදේශීය නායකයින්ගේ සංවිධානයෙන් සහ සර්වජන බලය කෑගල්ල දිස්ත්‍රික් නායක ආචාර්ය සමන් එදිරිසිංහ ගේ සහභාගිත්වයෙන් සිදුවිය.

23323fgdgsg

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...