The Leader News
BREAKING
Top Ad
පුවත්

චෙම්මනි සමූහ මිනීවලේ ඉදිරි කැනීම් සඳහා තවත් මුදල් අවශ්‍යයි

T

The Leader Desk

February 12, 2026 • 3:47 AM

චෙම්මනි සමූහ මිනීවලේ ඉදිරි කැනීම් සඳහා තවත් මුදල් අවශ්‍යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ කැනීම් කටයුතු වෙනුවෙන් පසුගිය වසරේ ලබා දී තිබු මුදල් එම වසර තුලදී භාවිතයට ගැනීමට නොහැකි වීම නිසා ආපසු හරවා යවන්නට සිදු වීම නිසාවෙනි.
  • පළාත් බද මාධ්‍යවේදීන්ට දැන ගන්නට ලැබී ඇත්තේ එලෙස කැනීම් කටයුතු වෙනුවෙන් අලුතින් ඉල්ලුම් කර ඇති මුදල රුපියල් මිලියන විසි එකක් පමණ වන බවයි.
  • අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.
  • දින 45 ක් තිස්සේ සිදු කළ දෙවැනි අදියරේ කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා දහවල් නිමා කරන විට සමුහ සුසානයෙන් මතු කරගෙන තිබු ළමා ලපටින්ගේ ද ඇතුළු මිනිස් අස්ථි 240 අතුරින් එකක් හැර සියලු ඇටසැකිලි ගොඩ ගෙන තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ කැනීම් කටයුතු වෙනුවෙන් පසුගිය වසරේ ලබා දී තිබු මුදල් එම වසර තුලදී භාවිතයට ගැනීමට නොහැකි වීම නිසා ආපසු හරවා යවන්නට සිදු වීම නිසාවෙනි.

වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් පවසන්නේ යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය සම්බන්ධ නඩු විභාගය 2026 පෙබරවාරි 09 වැනිදා  යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන් මුදල් ඇස්තමේන්තුවක් අලුතින් අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

පළාත් බද මාධ්‍යවේදීන්ට දැන ගන්නට ලැබී ඇත්තේ එලෙස කැනීම් කටයුතු වෙනුවෙන් අලුතින් ඉල්ලුම් කර ඇති මුදල රුපියල් මිලියන විසි එකක් පමණ වන  බවයි.

සමූහ සුසානයේ තවත් මාස දෙකක කාලයක් කැනීම් කටයුතු සදහා පසුගිය වසරේ ඉල්ලා තිබු රුපියල් මිලියන 19 ක මුදල අධිකරණ අමාත්‍යාංශයෙන් ලබා දී තිබුනත් ප්‍රදේශයේ ඒ වන විට පැවැති වැසි තත්වය හමුවේ කැනීම් කටයුතු මේ වන තෙක්ම  ආරම්භ කිරීමට නොහැකි වු අතර 2025 වසර අවසන් වීම හේතුවෙන් එම මුදල් ආපසු හරවා යවන්නට සිදුව තිබුනි.

104 3

පලාත්බද මාධ්‍යවේදීන් පවසන්නේ ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ මිනීවලේ පිරී ඇති වැසි වතුර නල්ලූර් ප්‍රාදේශීය සභාවේ සහ යාපනය මහනගර සභාවේ උපකාරයෙන් පොම්ප කිරීම 2026 පෙබරවාරි 9 වැනිදා ආරම්භ කළ අතර චෙම්මනි සමූහ මිනීවලේ කැනීම් නැවත ආරම්භ කිරීම පිළිබඳව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය  මාර්තු 16 දා තිරණය කරනු ඇති බවයි.

අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025  මැයි 15 වැනිදායි.

දින 45 ක් තිස්සේ සිදු කළ දෙවැනි අදියරේ කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා දහවල්  නිමා කරන විට සමුහ සුසානයෙන් මතු කරගෙන තිබු  ළමා ලපටින්ගේ ද ඇතුළු මිනිස් අස්ථි 240 අතුරින් එකක් හැර සියලු ඇටසැකිලි ගොඩ ගෙන තිබුනි.

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක්  ගොඩගන්නා ලද පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් ද වෙයි.

ශ්‍රී  ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි. 

 chemmani 02.12

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...