The Leader News
BREAKING
Top Ad
පුවත්

කොළඹ මහ නගර සභාව ආදාහන ගාස්තු අහෝසි කරයි

T

The Leader Desk

February 12, 2026 • 5:20 AM

කොළඹ මහ නගර සභාව ආදාහන ගාස්තු අහෝසි කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව දේහයක් ආදාහනය කිරීම සඳහා මෙතෙක් අය කරන ලද ගාස්තුව වන රුපියල් දහදාහක මුදල සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කොට තිබේ.
  • මෙවර අයවැය යෝජනා මගින් ඒ සම්බන්ධයෙන් යෝජනා වී තිබූ අතර පෙරේදා (10 වැනිදා) පැවැති මහා සභා රැස්වීමේදී පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් විසින් මේ බව දන්වා සිටියාය.
  • ඒ අනුව ඉස්ලාම් ආගමික දේහයන් භුමදානය කිරීම සඳහා අය කරන ලද රුපියල් හත් දහස් පන්සීයක ගාස්තුවද අහෝසි කර තිබේ.
  • මින් ඉදිරියට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට නොමිලේ දේහයන් ආදාහනය කිරීමේ අවස්ථාව සැලසෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව දේහයක් ආදාහනය කිරීම සඳහා මෙතෙක් අය කරන ලද ගාස්තුව වන රුපියල් දහදාහක මුදල සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කොට තිබේ.

මෙවර අයවැය යෝජනා මගින් ඒ සම්බන්ධයෙන් යෝජනා වී තිබූ අතර පෙරේදා (10 වැනිදා) පැවැති මහා සභා රැස්වීමේදී පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් විසින් මේ බව දන්වා සිටියාය.

ඒ අනුව ඉස්ලාම් ආගමික දේහයන් භුමදානය කිරීම සඳහා අය කරන ලද රුපියල් හත් දහස් පන්සීයක ගාස්තුවද අහෝසි කර තිබේ.

මින් ඉදිරියට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට නොමිලේ දේහයන් ආදාහනය කිරීමේ අවස්ථාව සැලසෙනු ඇත.


| aruna

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...