The Leader News
BREAKING
Top Ad
පුවත්

ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට ඉඩදීමට එරෙහි පෙත්සමක් - හිටපු ජනපතිවරුන්ට නොතීසි

T

The Leader Desk

February 12, 2026 • 6:58 AM

ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට ඉඩදීමට එරෙහි පෙත්සමක් - හිටපු ජනපතිවරුන්ට නොතීසි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව මෙම පෙත්සම ජූලි මස 20 වනදා අධිකරණය හමුවේ සලකා බලන බව දන්වමින් එහි වග උත්තරකරුවන්ට සතියක් තුළ නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කරුට නියෝග කර ඇත.
  • පෙත්සම්කරු කියා සිටින්නේ ජීව විද්‍යාත්මක පදනමින් බැහැරව වෛද්‍ය සැත්කම් මගින් යම් අයෙකුට ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවයි.
  • එහෙත් 2016 වසරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ චක්‍රලේඛ හා මාර්ගෝපදේශ අනුව මනෝ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ සහතිකයක් මත පුද්ගලයෙකුට සිය ලිංගික අනන්‍යතාවය සැත්කමක් මාර්ගයෙන් වෙනස් කර ගැනීමට ඉඩ සලසා තිබෙන බවත් පෙත්සම්කරු චෝදනා කරයි.
  • මෙවැනි ලිංගික වෙනස් වීමකට භාජනය වන පුද්ගලයින්ට අලුතින් උප්පැන්න සහතික හා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට රජය කටයුතු කරන බව චෝදනා කළ පෙත්සම්කරු එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් කියා සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, මෙරට කාන්තාවන්ට හා පිරිමින්ට ජීව විද්‍යාත්මක පදනමින් බැහැරව තම අභිලාෂය පරිදි සැත්කම් මගින් ලිංගික අනන්‍යතාවය වෙනස් කර ගැනීම සඳහා පහසුකම් සලසමින් පසුගිය රජයන් සහ වර්තමාන රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් හා චක්‍රලේඛ නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට අදාළවයි.

ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත රණවිරුවකු වන ශාන්ත ජයතිලක නමැති අයකු විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව මෙම පෙත්සම ජූලි මස 20 වනදා අධිකරණය හමුවේ සලකා බලන බව දන්වමින් එහි වග උත්තරකරුවන්ට සතියක් තුළ නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කරුට නියෝග කර ඇත.

 

පෙත්සම්කරු කියා සිටින්නේ ජීව විද්‍යාත්මක පදනමින් බැහැරව වෛද්‍ය සැත්කම් මගින් යම් අයෙකුට ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවයි.

 

එහෙත් 2016 වසරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ චක්‍රලේඛ හා මාර්ගෝපදේශ අනුව මනෝ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ සහතිකයක් මත පුද්ගලයෙකුට සිය ලිංගික අනන්‍යතාවය සැත්කමක් මාර්ගයෙන් වෙනස් කර ගැනීමට ඉඩ සලසා තිබෙන බවත් පෙත්සම්කරු චෝදනා කරයි.

මෙවැනි ලිංගික වෙනස් වීමකට භාජනය වන පුද්ගලයින්ට අලුතින් උප්පැන්න සහතික හා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට රජය කටයුතු කරන බව චෝදනා කළ පෙත්සම්කරු එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් කියා සිටියි.

 

පසුගිය රජයන් විසින් ක්‍රියාත්මක කළ මෙවැනි වැඩසටහන්වලට සහාය දෙමින් වර්තමාන රජයද පුද්ගලයින්ට නීති විරෝධී ලෙස ලිංගික පරිවර්තනයන් සිදු කර ගැනීමට අවශ්‍ය සහය දෙමින් කටයුතු කරන බවත් ඔහු සිය පෙත්සම තුළින් චෝදනා කර තිබේ.

 

මේ ආකාරයෙන් සිය කැමැත්ත පරිදි ලිංගික අනන්‍යතාවය වෙනස්කම් සිදු කිරීම හරහා සමලිංගික විවාහවලට මග පෑදෙන බවත් එයද නීතියට පටහැනි ක්‍රියාවක් බවත් ඔහු කියා සිටියි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතකදී නිකුත් කළ තීන්දුවකට අනුව ජනමත විචාරණයකින් තොරව පුද්ගල අභිලාෂය පරිදි ලිංග භේදය තීරණය කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කර ඇතැයි පෙත්සම්කරු සඳහන් කරයි.

මෙම නීතිවිරෝධී ක්‍රියාවට ඉඩ සැලසීම තුළින් වගඋත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර තිබෙන බව පවසන පෙත්සම්කරු, ඒ අනුව ජීව විද්‍යාත්මක පදනමකින් බැහැරව සිය අභිලාෂය පරිදි සැත්කම් මගින් ලිංගික අනන්‍යතාවය වෙනස් කර ගැනීමට අනුමැතිය දෙමින් නිකුත් කර තිබෙන සියලු චක්‍රලේඛ හා රාජ්‍ය වැඩසටහන් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, කාන්තා කටයුතු අමාත්‍යවරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු පිරිසක් නම් කර තිබේ.

( nethnews | උදය කුමාර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...