The Leader News
BREAKING
Top Ad
පුවත්

'බාල ගල් අගුරු නිසා සිදුවන පාඩුව යන්නේ සැපයුම්කරුට නොව විදුලි පා⁣රිභෝගිකයාටයි - විපක්ෂ නායක

T

The Leader Desk

February 12, 2026 • 3:05 PM

 'බාල ගල් අගුරු නිසා සිදුවන පාඩුව යන්නේ සැපයුම්කරුට නොව විදුලි පා⁣රිභෝගිකයාටයි - විපක්ෂ නායක  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගල් අගුරු ගැන ප්‍රශ්න රැසක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (12) මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.
  • ගල් අගුරු නැව්වලින් Direct Feed කරන එක රුසියානු ගල් අගුරුවලට ක්‍රියාත්මක වූයේද යන්නත් දකුණු අප්‍රිකානු ගල් අගුරු කොපමණ ප්‍රමාණයක් ගොඩ බෑවේද යන්නත් දැනට Direct feed ක්‍රියාවලිය හරහා නැව් කීයක ගල් අගුරු දහනය කළේද කිය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.
  • ක් පමණක් ලබා ගත හැකි නිසා මේවායේ ගැටලු රැසක් ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ගල් අගුරු ගැන ප්‍රශ්න රැසක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (12) මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ගේ සභාපතීත්වයෙන් යුත් යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අමතමිනි.

'ගල් අගුරු ගැටලුව ගැන 2026.01.10 පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළත් නිවැරදි ප්‍රතිචාර නොලැබුණු බවත් සාමානයෙන් ගල් අගුරු ගොඩබාන්නේ වාරකන් නොවන කාලයේ බවත් මේ කාලයේ ටෙන්ඩර් දාන්න ඕනි වුවත් එය අගොස්තු වනතුරු  කල් ගියේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් දේශීය සහ ජාත්‍යන්තර නිර්ණායක අනුව එය දවස් 42ක් තිබිය යුතු වුවත් දවස් 21කට අඩු කර තවත් සතියක් වැඩි කිරීමට ⁣හේතුව සහ එය කළ පාර්ශ්වය කවුද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලංකා Coal Company එක මිලදී ගැනිම හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කළත් පසුව එය වෙනස් කළ පාර්ශ්වයන්, පිරිවිතර වෙන් කරන Standard එක වන්නේ මෙට්‍රික් ටොන් මිලියන 1 ගෙන්වන වසර තුනක අත්දැකීමක් තිබිය යුතු බවත් 5900-6150 දක්වා Specification එකක් තිබුණත් මේ මිලියන 1, ලක්ෂය දක්වා අඩු කළ ක්‍රමයට හේතු වූ කරුණු මෙන්ම අලු ප්‍රතිශතය 11-16% අතර තිබිය යුතු වුවත් මෙය 21% දක්වා වීමට හේතු දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.


ගල් අගුරු නැව්වලින් Direct Feed කරන එක රුසියානු ගල් අගුරුවලට ක්‍රියාත්මක වූයේද යන්නත් දකුණු අප්‍රිකානු ගල් අගුරු කොපමණ ප්‍රමාණයක් ගොඩ බෑවේද යන්නත් දැනට Direct feed ක්‍රියාවලිය හරහා නැව් කීයක ගල් අගුරු දහනය කළේද කිය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.


එක් ජනන යන්ත්‍රයකින් මෙගාවෙට් 300 නිපදවන්න හැකි නිසා මෙවර දකුණු අප්‍රිකාවෙන් ලබා ගත් ගල් අගුරුවලින් කොපමණ විදුලිය නිපදවා ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් එසේම වාර්තා අනුව පළමු නැවේ ආ ගල් අගුරු Fail නිසා ඉන් නිපදවු විදුලි ප්‍රමාණය මෙන්ම 3 වැනි නැව පාස් වුවත් ඉන් නිපදවු විදුලි ප්‍රමාණය අවම යැයි වාර්තා වන නිසා සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

හදිසි ප්‍රසම්පාදනයක් ගැන කිව්වත් ගහන දඩයෙන් සිදුවන පාඩුව 2,3, 4 Shipment වලින් කවර් වෙනවාද කියා ප්‍රශ්නයක් ඇති බවත් 2 වැනි shipment එකේ පාඩුව මිලියන 288.5ක් වුවත් නැවත ලබා ගත හැක්කේ 135.1ක් බවත් 3 වැනි shipment එකේ පාඩුව බිලියනය ඉක්මවුවත් නැවත ලබා ගත හැක්කේ මිලියන 150ක් වන අතර 4 Shipment එකේ පාඩුව මිලියන 865ක් වුවත් මි. 107ක් පමණක් ලබා ගත හැකි නිසා මේවායේ ගැටලු රැසක් ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රජයේ සංඛ්‍යා ලේඛන අනුව මේ නැව් ගණනාවකම ඇත්තේ බාල ගල් අගුරු බැවින් මෙහි පිරිවැය යන්නේ විදුලි පාරිභෝගිකයන්ට බවත් බල ගල්අඟුරු නිසා මේ පාඩුව සිදුවන බවත් මෙය 2014 බල ගල් අගුරු සිදු වීමෙන් පසු සිදුවු එකම බාල ගල් අගුරු සිදුවීම බවත් ගල් අගුරු බාල වීම නිසා වැඩිපුර වෙනදා භාවිත කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කිරීමෙන් වාසි වන්නේ සැපයුම්කරුවාට බවත් මේ සියලු දත්ත අපෙ බලාගාරවලින් ලැබු දත්ත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...