නිකුත් කිරීම අද (12) පස්වරුවේ නැවත ආරම්භ කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (12) පෙරවරුවේ අත්හිටුවූ අතර ඒ අනුව පැය 4 කට අධික කාලයක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි වූ බවත් ඊයේ දින කාර්යාල පරිශ්‍රයට පැමිණි අයදුම්කරුවන්ට ලබන සඳුදා (16) පැමිණ විදේශ ගමන් බලපත්‍ර ගන්නා ලෙස ඉල්ලීමක් කළ බව ද එම නිලධාරියා කීය.
පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂය යථා තත්වයට පත්කර ඇති බැවින් සාමාන්‍ය පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කළහැකි බව කී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එම උසස් නිලධාරියා මෙම බිඳවැටීමට හේතුව නිෂ්චිත හදුනාගෙන නොමැති බව ද සඳහන් කළේය.
මෙම පරිගණක පද්ධතියේ බිඳවැටීම පෙර දින රාත්‍රී සිදුවන්නට ඇතැයි සැක කරන්නේ යැයි බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයෙක් පැවසූ අතර ඒ හේතුවෙන් වූ ප්‍රමාදය යථා තත්වයට පත්වීමට අවම වශයෙන් දින හතරක් හෝ ගතවනු ඇති බව ද සඳහන් කළේය.
(lankadeepa | යොහාන් භාසුර)
පාස්පෝට් පරිගණක පද්ධතිය යථාතත්වයට
T
The Leader Desk
February 12, 2026 • 3:37 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- නිකුත් කිරීම අද (12) පස්වරුවේ නැවත ආරම්භ කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
- පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂය යථා තත්වයට පත්කර ඇති බැවින් සාමාන්‍ය පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කළහැකි බව කී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එම උසස් නිලධාරියා මෙම බිඳවැටීමට හේතුව නිෂ්චිත හදුනාගෙන නොමැති බව ද සඳහන් කළේය.
- මෙම පරිගණක පද්ධතියේ බිඳවැටීම පෙර දින රාත්‍රී සිදුවන්නට ඇතැයි සැක කරන්නේ යැයි බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයෙක් පැවසූ අතර ඒ හේතුවෙන් වූ ප්‍රමාදය යථා තත්වයට පත්වීමට අවම වශයෙන් දින හතරක් හෝ ගතවනු ඇති බව ද සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



