The Leader News
BREAKING
Top Ad
පුවත්

අමරකීර්ති ඝාතනයේ සැකකරුවන්ට දුන් මරණ දඬුවම ගැන පොහොට්ටුවේ ප්‍රසාදය

T

The Leader Desk

February 12, 2026 • 3:57 PM

අමරකීර්ති ඝාතනයේ සැකකරුවන්ට දුන් මරණ දඬුවම ගැන පොහොට්ටුවේ ප්‍රසාදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.
  • අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතන නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
  • මෙම නඩු තීන්දුව මඟින් නීතිය වල් වැදී නැති බවත්, අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත වී ඇතැයි තහවුරු වූ බව ලක්ෂ්මන් යාපා අබේවර්ධනකියා සිටියේය.
  • ම්ලේච්ඡ ලෙස මිනිස් ජීවිත නසා දමන්නන්ට මෙය ප්‍රබල පණිවිඩයක් වන බව පැවසූ ඔහු මෙවැනි අපරාධවලට පොළඹවන ලද සියලු දෙනා මෙම වගකීම භාරගත යුතු බව ද අවධාරණය කර සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතන නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙම නඩු තීන්දුව මඟින් නීතිය වල් වැදී නැති බවත්, අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත වී ඇතැයි තහවුරු වූ බව ලක්ෂ්මන් යාපා අබේවර්ධනකියා සිටියේය.

ම්ලේච්ඡ ලෙස මිනිස් ජීවිත නසා දමන්නන්ට මෙය ප්‍රබල පණිවිඩයක් වන බව පැවසූ ඔහු මෙවැනි අපරාධවලට පොළඹවන ලද සියලු දෙනා මෙම වගකීම භාරගත යුතු බව ද අවධාරණය කර සිටියේය.  

එමෙන්ම මෙම තීන්දුව හේතුවෙන් මිනීමරු පුත්තු හැදූ දෙමාපියන්ට මෙන්ම ඥාතීන්ටත් ද කඳුළු උරුම වී ඇති බවත් අමරකීර්ති මන්ත්‍රීතුමාගේ බිරිඳ සහ දරුවන්ද විඳූ වේදනාවම මේ වන විට මේ ඝාතකයන්ගේ පවුල්වලටත් විඳීමට සිදු වී ඇති බව ඔහු පැවසිය.

මෙම නඩු තීන්දුව වැදගත් පූර්වාදර්ශයක්...

මේ අතර අරගල සමයේදී නිවාස සහ දේපළ ගිනිබත් කිරීමේ සිද්ධීන් සඳහා ද මෙම නඩු තීන්දුව වැදගත් පූර්වාදර්ශයක් සපයන බව ඔහු කියා සිටියේය.

ආරක්ෂිත කැමර දර්ශන සහ සාක්ෂි මඟින් දේපළ විනාශ කළ අය පිළිබඳවත් තොරතුරු ඇති බව පැවසූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන, 1983 සහ 1989 කාලවලදීත් හානි වූ දේපළවලට වන්දි ලැබු බවත් එබැවින් අරගලයේදී විනාශ වූ දේශපාලඥයන්ගේ සහ මහජනතාවගේ නිවාස සඳහා වන්දි ගෙවීමට ආණ්ඩුව පියවර ගත යුතු බවත් අවධාරණය කළේය.

එමෙන්ම අරගලකරුවන්ට නොමිලේ නීති සහාය දෙන බව කී නීතිඥයන් පවා අද ආණ්ඩුවට විරුද්ධව පෙළ ගැසී ඇති බවත්, වරදක් කළ ඕනෑම අයෙකුට දඬුවම් ලැබිය යුතු බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන තව දුරටත් කියා සිටියේය.

කඩවුණු පොරොන්දු සහ පාර්ලිමේන්තු ජෝක්ස්

වත්මන් පාලනය සහ පාර්ලිමේන්තුවේ හැසිරීම විවේචනය කළ ලක්ෂ්මන් යාපා, එය චිත්‍රපටයක ජවනිකා පෙළකට සමාන කරමින් කියා සිටියේ, මැතිවරණයට පෙර සූරයන්ගෙන් සූරයන් ලෙසත්, මැතිවරණ කාලයේ චණ්ඩින් ලෙසත් පෙනී සිටි පිරිස් දැන් කඩවුණු පොරොන්දු සහ පාර්ලිමේන්තු ජෝක්ස් සපයන තත්ත්වයට පත්ව ඇති බවයි.

විශේෂයෙන්ම කථානායකවරයාගේ කාර්යභාරය ද අද විහිළුවක් බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.

(news19 | ෆාතිමා සුමෙයිහා)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...