The Leader News
BREAKING
Top Ad
පුවත්

දශක තුනක් තිස්සේ යුක්තිය නොලද සමුහඝාතනයක වින්දිතයන් සැමරේ

T

The Leader Desk

February 13, 2026 • 4:09 AM

දශක තුනක් තිස්සේ යුක්තිය නොලද සමුහඝාතනයක වින්දිතයන් සැමරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චන්ද්‍රිකා කුමාරතුංග පාලනය පැවති 1996 වසරේ පෙබරවාරි 11 දින මුත්තූර්හි කිලිවෙඩ්ඩියේ කුමාරපුරම් ගම්මානයට කඩා වැදී දරුවන්, ගැබිණි මාතාවන් ඇතුළු නිරායුද දෙමළ වැසියන් 24 දෙනකු වෙඩි තබා ඝාතනය කොට තවත් 26 දෙනකුට බරපතළ තුවාල සිදු කළ බවට චෝදනා එල්ල වී ඇත්තේ රජයේ හමුදාව වෙතයි.
  • ප්‍රභාකරන්, එස්.සුභාෂිනී, කුවින්දනී සහ සිත්තලම්පලම් කෝනේෂ්වරන් යන දෙමළ වැසියන්ට ටී 56 ස්වංක්‍රිය ගිනි අවි වලින් වෙඩි තබා ඔවුන් සියලු දෙනා ඝාතනය කර තිබුනි.
  • ඝාතනයට ලක් වුවන් සිහි කිරීම පිනිස ඔවුන්ගේ ජායාරූප මුද්‍රණය කර සකස් කළ බැනරයක් ඉදිරියේ මල් පහන් පුජා කරමින් ඝාතනයට ලක්වුවන්ගේ නෑසියන් හා පුජකයන් විසින් 2026 පෙබරවාරි 11 දින සිය සමීපතමයන් අනුස්මරණය කර තිබේ.
  • ඝාතනයට ලක්වුවන් අතර කාන්තාවන් හයදෙනකු, පිරිමි පහක් සහ ළමුන් 13ක් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


චන්ද්‍රිකා කුමාරතුංග පාලනය පැවති 1996 වසරේ පෙබරවාරි 11 දින මුත්තූර්හි කිලිවෙඩ්ඩියේ කුමාරපුරම් ගම්මානයට කඩා වැදී දරුවන්, ගැබිණි මාතාවන් ඇතුළු නිරායුද දෙමළ වැසියන් 24 දෙනකු වෙඩි තබා ඝාතනය කොට තවත් 26 දෙනකුට බරපතළ තුවාල සිදු කළ බවට චෝදනා එල්ල වී ඇත්තේ රජයේ හමුදාව වෙතයි.

සෙල්ලතුරෙයි පාක්‍ය රාජා, විනයාගමුර්ති සුදාහරන්, ස්ටීවන් පත්තිනි, සංගලිගම් ලක්ෂ්මින්, සිවපාක්‍යම් ප්‍රශාන්තිනි, වඩිවේල් නඩරාජා, තංගෙවිලූ සුමති, අරුනාචලමි දේවි, ආනන්දන් අත්තමිමා, සේතුරාජා සුප්පයියා, අමිර්තලිංගමි රාජිනී කාන්ති, කිනතන් ගෝවින්දන්, පී වසන්තනි, සුබ‍්‍රනියම්  පාක්‍යම්, ඒ. පරමේෂ්වරී, අරුමාතුරෙයි වේලුපිල්ලෙයි, ෂන්මුගනාදන් නිදාහරන්, එස්. සින්නතුරෙයි, රාජයම් පිල්ලෙයි කමලේෂ්වරන්, කනකරාජා කුටිටි, රාජෙන්ද්‍රන් කරුණාකරන්, අරුමාතුරෙයි ධනලක්ෂ්මී, එස්. ප්‍රභාකරන්, එස්.සුභාෂිනී, කුවින්දනී සහ සිත්තලම්පලම් කෝනේෂ්වරන් යන දෙමළ වැසියන්ට ටී 56 ස්වංක්‍රිය ගිනි අවි වලින් වෙඩි තබා ඔවුන් සියලු දෙනා ඝාතනය කර තිබුනි.

ඝාතනයට ලක් වුවන් සිහි කිරීම පිනිස ඔවුන්ගේ ජායාරූප  මුද්‍රණය කර සකස් කළ බැනරයක් ඉදිරියේ  මල් පහන් පුජා කරමින් ඝාතනයට ලක්වුවන්ගේ නෑසියන් හා පුජකයන් විසින් 2026 පෙබරවාරි 11 දින සිය සමීපතමයන් අනුස්මරණය කර තිබේ.

 



ඝාතනයට ලක්වුවන් අතර කාන්තාවන් හයදෙනකු, පිරිමි පහක් සහ ළමුන් 13ක් වේ.

ඒ කාන්තාවන් අතර නව මස් ගැබිණි මාතාවක් සහ දුෂණය කොට ඝාතනය කරන ලද දහසය හැවිරිදි දැරියක්ද සිටි බව ප්‍රදේශවාසීහු පවසති.

කුමාරපුරම් ගම්මානයට යන කිලිවෙට්ටි-මුතුර් මාර්ගයේ 58 හන්දිය අසල හමුදා සෙබළුන් දෙදෙනකු වෙඩි තබා මරා දමා තිබෙනු දැකීමෙන් පසු යුද භටයන් හා ග්‍රාමාරක්ෂකයන් පිරිසක් ගම් වැදී එම අපරාධය කළ බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන එකල වාර්තා කර තිබුනි. මෙම සමූහඝාතනය පිළිබඳ විමර්ශනයකදී ගමේ ප්‍රධානියා සාක්ෂි දෙමින් කියා සිටියේ තමන් රාසේන්ද්‍රන් කරුණාහරන් සමග කතාබහ කරමින් සිටියදී ඇස් ඉදිරිපිටදී ම ඔහුට වෙඩි තබා ඝාතනය කර දැමූ බවයි.

නාගරාසා නම් තවත් ගම් වැසියෙකුගේ ඇස් පෙනීම මේ  වෙඩි ප්‍රහාරය හේතුවෙන් නැතිවී ගිය බවද ඔහු කියා තිබේ.

සිය අට හැවිරිදි සහෝදරයා බයිසිකලයෙන් රැගෙන යමින් සිටි 16 හැවිරිදි අරුමෙයිතුරෙයි ධනලක්ෂ්මී, වෙඩි හඬ ඇසීමෙන් බියපත්ව තම මලනුවන් සමග වෙළෙඳසලක සැඟවී ඇත.

ඉන් පිටතට ඇය ඇද කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් වෙත ගෙන ගිය හමුදා භටයන් විසින් සමූහ දූෂණයට ලක් කරනු ලැබූ බව හමුදා සාක්කි වලින්ම හෙළිවී තිබේ. සිද්ධිය අවසන එතැනට පැමිණ සිටි ලංකාණ්ඩුවේ සොල්දාදුවකු වන කුමාර නම් කෝප්‍රල්වරයකු පාපොච්චාරණය කර ඇත්තේ තමා එතැනදීම ඇය වෙඩි තබා ඝාතනය කළ බවයි.

අධිකරණ තීන්දු

කුමාරපුරම් සමුහඝාතනය සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි යුද හමුදා සාමාජිකයන් හය දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට 2016 වසරේ  අනුරාධපුර මහාධිකරණය තීන්දු කළේය.

සත් පුද්ගල ජූරි සභාවක් ඉදිරිපිටදී විභාගයට ගත් නඩුව අවසනදි උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් විවෘත අධිකරණයේදී එම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුනි.

මුතූර්, දෙහිවත්ත හමුදා කඳවුරේ සේවය කළ කෝප්‍රල්වරුන් වන එස්.ජී.නිශාන්ත, එන්.එම් අජිත් සිසිර කුමාර, එම්.පී කපිල දර්ශන, එච්.එම් අබේසිංහ, පී.පී උපසේන හා එච්.එම් අබේරත්න යන විත්තිකරුවන් මෙසේ නිදොස් කොට නිදහස් කර තිබේ.

යුද හමුදා කෝප්‍රල්වරුන් හයදෙනාට එරෙහිව නගාතිබූ අධි චෝදනා 101ට නිවැරදිකරුවන් බව එහිදී  ප්‍රකාශ වී තිබු අතර දෙමළ වැසියන්ට ටී 56 ස්වංක්‍රිය ගිනි අවි වලින් වෙඩි තබා ඔවුන් සියලූ දෙනා ඝාතනය කර ඇති බවට නීතිපතිවරයා විසින් චෝදනා 101 ක් යටතේ වෙන් වෙන්ව  සියලූ විත්තිකරුවන්ට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණි.

 හඳුනා ගත්තත් නිදහස්

“අපි වෙඩි තියපු කෙනාව පෙරෙට්ටුවේදී අඳුරගත්තා. අපි ඊට පස්සේ යන්න කියපු හැම උසාවියකටම ගිහින් කිව්වා,” යි නිවසට කඩා වැදී තම මව මරා දමනු දැක තිබු එක් කුමාරපුරම් කාන්තාවක් ප්‍රකාශ කර තිබුනි.

ඇය ඇතුළු හතළිහකට අධික පිරිසක් කුමාරපුරම් සමුහඝාතනය පිළිබඳව සාක්ෂි දී තිබුණි.

කෙසේවෙතත්, සැකකාර සෙබළුන් නිදහස් කළ සර්ව සිංහල ජුරිය ප්‍රකාශ කර තිබුනේ ඇසින් දුටු සාක්ෂි මත පමණක්  පදනම්  චූදිතයන් ට දඬුවම් දිය නොහැකි බවයි.

නඩු  බඩු විනාශ වීම

රජයේ රස පරීක්ෂක භාරයේ තිබු කුමාරපුරම් සමුහ ඝාතනයට අදාල අවි ආයුධ ඇතුළු නඩු භාණ්ඩ 2004 ගින්නකින් විනාශ වී ඇති හෙයින් සාක්ෂි මත පමණක් පදනම් වී නඩුව මෙහෙයැවීමට රජයේ නීතිඥවරයා 2006 දී අධිකරණ අවසරය ගෙන තිබුනි.

නඩුව මුලින්ම විභාග කෙරුනේ මුතුර් මහේස්ත්‍රාත් අධිකරණයේ සහ ත්‍රිකුණාමල මහාධිකරණයේය.

සැකකරුවන්ගේ ඉල්ලීම පරිදි අභියාචනාධිකරණය විසින් නඩුව 2006 දී අනුරාධපුර අධිකරණයට මාරුකර යවන ලදී.

මෛත්‍රීගෙන් යුක්තිය ඉල්ලීම

දෙමළ විසිහය දෙනකු මරා දැමූ බවට තමන් විසින් හඳුනාගනු ලැබූ යුද හමුදා නිලධාරීන් කිසිදු දඬුවමකින් තොරව නිදහස් කර හැරීම නිසා රටේ අධිකරණ පද්ධතිය කෙරේ තබන ලද විශ්වාසය බිඳ වැටී ඇතැයි පවසන ත්‍රිකුණාමලයේ කුමාරපුරම් ගම්වාසීන් පිරිසක් යුක්තිය පසිඳලීම සඳහා එම දිස්ත්‍රික්කයේම ඉදිකරන ලද  මන්දිරයක් විවෘත කිරීමට පැමිණි එවකට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  හමුවී තමන්ට සාධාරණය  ඉටු කිරීම වෙනුවෙන්  මැදිහත්වන ලෙස එකල  ඉල්ලා තිබුනි.

අනුරාධපුර මහාධිකරණය ලබා දුන් තීන්දුව පිළිගත නොහැකි බව මුතූර්හිදී  ජනාධිපතිවරයාට පෙන්වා දුන් ගම්වාසීන් ඉල්ලා තිබුනේ  නඩුව නැවත විභාග කිරීමට නීතිපතිවරයාට උපදෙස් දෙන ලෙසයි.

මුතුර් දිසා අධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණය වෙනුවෙන් ඉදිකෙරුනු නව ගොඩනැගිල්ල විවෘත කරමින් එවකට  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උත්සව සභාවට සිහිපත් කර දුන්නේ නීතියේ ස්වාධීනත්වය රැකීම තමන් බලයට පත්කළ ලක්ෂ සංඛ්‍යාත ජනකායක ප්‍රධාන අරමුණක් වූ බවයි.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ නිරායුද ගම් වැසියන් වෙඩි තබා ඝාතනය කර විසි හය වසරක් ගතව ඇතත්  තමන්ට මේ දක්වා යුක්තිය ඉටු වී නොමැති බවයි.

අතීතයේ සිදු කරන ලද මහා පරිමාන අපරාධ වලට චෝදනා ලබන ආරක්ෂක අංශ සාමාජිකයන්ට දණ්ඩ මුක්තිය සැලසීමෙන් වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම පැහැර හැර ඇති බවට මෙතෙක් පැවති ආණ්ඩු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහකොමසාරිස් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වල විවේචනයට ලක්වී සිටී.

කුමරපුරම් සමූහඝාතනය අලලා නිමකළ වාර්තා චිත්‍රපටයක් මේ :  

 

 

cele 260213

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දශක තුනක් තිස්සේ යුක්තිය නොලද සමුහඝාතනයක වින්දිතයන් සැමරේ | The Leader