The Leader News
BREAKING
Top Ad
පුවත්

වෙඩි තබා දරුවකු මැරූ බව යටපත් කිරීමට වෙර දරන පොලිස් මෙහෙයුමක් එළිවේ

T

The Leader Desk

February 13, 2026 • 8:40 AM

වෙඩි තබා දරුවකු මැරූ බව යටපත් කිරීමට වෙර දරන පොලිස් මෙහෙයුමක් එළිවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මරුමුවට පත් සිත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයාස් 2008 නොවැම්බර් මස 09 වැනි දින උපත ලද්දකු බව ඔහුගේ උප්පැන්නයේ මෙන්ම මරණ පරීක්ෂණ වාර්තාවේ ද සඳහන් වෙතත් පොලිසිය පවසන්නේ ඔහු 19 හැවිරිදි වැඩිහිටියකු බවයි.
  • මහත් ශෝකාතුර මෑණියන් ප්‍රමුඛ පවුලේ ඥාතීන් දරුවාගේ දේහය සුසාන භුමිය කරා ගෙන යන අවමංගල පෙරහැර විරෝධතාවකට පෙරලා ගනිමින් බල කර සිටියේ දරුවාගේ ඝාතනයට වගකිව යුතු පොලිසියේ නිලධාරීන් වහා අත් අඩංගුවට ගෙන යුක්තිය ඉටු කරන ලෙසයි.
  • පෙබරවාරි 10 වැනිදා පොලීසිය විසින් වෑන් රථයට සිදු කළ වෙඩ් තැබීමකින් වෑන් රථයේ ගමන් ගත් අවුරුදු 19 ක තරුණයකු තුවාල ලබා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙබරවාරි 11 වැනිදා පැය 0400 ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
  • ඔහු සමග ඒ මොහොතේ වෑන් රථයේ ගමන් ගත් අනෙක් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් විසි පන් දහස බැගින් වන ඇප මත මුදා හැරීමට කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය 2026 පෙබරවාරි 12 වැනි බදාදා නියෝග කර තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):


මරුමුවට පත් සිත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයාස් 2008 නොවැම්බර් මස 09 වැනි දින උපත ලද්දකු බව ඔහුගේ උප්පැන්නයේ මෙන්ම මරණ පරීක්ෂණ වාර්තාවේ ද සඳහන් වෙතත් පොලිසිය පවසන්නේ ඔහු 19 හැවිරිදි වැඩිහිටියකු බවයි.

මහත් ශෝකාතුර මෑණියන් ප්‍රමුඛ පවුලේ ඥාතීන් දරුවාගේ දේහය සුසාන භුමිය කරා ගෙන යන අවමංගල පෙරහැර විරෝධතාවකට පෙරලා ගනිමින් බල කර සිටියේ දරුවාගේ ඝාතනයට වගකිව යුතු පොලිසියේ නිලධාරීන් වහා අත් අඩංගුවට ගෙන යුක්තිය ඉටු කරන ලෙසයි.

 001

පෙබරවාරි 10 වැනිදා පොලීසිය විසින් වෑන් රථයට සිදු කළ වෙඩ් තැබීමකින් වෑන් රථයේ ගමන් ගත් අවුරුදු 19 ක තරුණයකු තුවාල ලබා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු  මිය ගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙබරවාරි 11 වැනිදා  පැය 0400 ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

 

"2026.02.10 වන දින අළුයම් කාලයේ කයිට්ස් පොලිස් වසමේ අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේ දී සැකකටයුතු වෑන් රථයක් නැවැත්වීම සදහා පොලීසිය විසින් සංඥා කළ අවස්ථාවේදී එම වෑන් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය වෑන් රථයට සිදු කළ වෙඩ් තැබීමෙන් වෑන් රථයේ ගමන් ගත් වයස අවුරුදු 19 ක තරුණයකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු  මිය යන ලදි."

මිය ගිය සැකකරු මත් ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරියා විසින් දන්වා ඇති බවටත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙබරවාරි 11 වැනිදා පැය 0400 ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයයේ  සදහන්ව තිබුනි. මියගිය දරුවාගේ නමවත් පොලිස් නිවේදනයේ නැත.

එහෙත් වෙඩි පහරින් ඝාතනය වු  දරුවාගේ සිරුරේ කිසිදු මත්ද්‍රව්‍යයක් තිබු බවක් මරණ පරීක්ෂණ වාර්තාවේ නොතිබීමෙන්, ‘මියගිය සැකකරු වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමේදී ඔහු අයිස් සහ හෙරොයින් භාවිතා කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරියා විසින් දන්වා ඇත,” යි පොලිස් මාධ්‍ය කොට්ඨාසය  විසින් පෙබරවාරි 11 වැනිදා කරන ලද නිවේදනය අභියෝගයට ලක්ව තිබේ.

 

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි  රුද්‍රපසුපති මයෝරදන් විසින් මහේස්ත්‍රාත් MNN හුසේන් වෙත පෙබරවාරි 10 දා යවන ලද මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ පොලිස් වෙඩිල්ලෙන් මරුමුවට පත් 17 හැවිරිදි ඇල්පිනෝ අරුල් ෆයාස් ගේ මරණයට හේතුව “රයිෆල් ගිනි අවියකින් පිටවූ උණ්ඩයකින් මෂ්තිෂ්කය විදාරණය වීම” බවයි.

 

ඔහු සමග ඒ මොහොතේ වෑන් රථයේ ගමන් ගත් අනෙක් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  එක් අයෙකුට රුපියල් විසි පන් දහස බැගින් වන ඇප මත මුදා හැරීමට කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය 2026 පෙබරවාරි 12 වැනි බදාදා නියෝග කර තිබුනි.

 

002
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ අරුල් ෆයාස්ගේ ඝාතනයට යුක්තිය ඉල්ලා ඔහුගේ පවුලේ ඥාතීන් විරෝධතා දියත් කළ හැකි ස්ථාන සදහන් කරමින් එම විරෝධතා මහජනතාවගේ සාමාන්‍ය ජීවිතයට බාධා වන බැවින් ඒවා තහනම් කරන ලෙස පොලීසිය අධිකරණයෙන් තහනම්  නියෝගයක් ද ඉල්ලා තිබු බවයි.

මහජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තම අදහස් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය පිළිගත් අධිකරණය යාපනය පොලිස් කොට්ඨාශය තුළ පිහිටි  යාපනය ශික්ෂණ රෝහල් ඉදිරිපස මාර්ගය, බස් නැවතුම්පොළ සහ පලාලි මාර්ගය වසා දැමීමෙන් තොරව විරෝධතා දැක්වීමට අවසරය ලබා දී තිබුනි.

 005

පොලිස් වෙඩි පහරින් ඝාතනය වු  17 හැවිරිදි සිත්තන්කේනියේ අරුල් ෆයාස් දරුවාගේ නිසල දේහය ඔහුගේ මව ඇතුළු  ඥාතීන් විසින් පෙබරවාරි 12 වැනිදා නවාලි හින්දු සුසාන භූමියට ගෙනයන ලද්දේ යුක්තිය ඉල්ලන සටන් පාඨ වැලපුම් අතරින් හඬ නගමිනි.

 

006

004

 

"අම්මාගේ කදුළු වලට යුක්තිය ඕන " යනුවෙන් සදහන් බැනරයක්ද එහිදී දැක ගත හැකි අතර අත්අඩංගුවට ගන්න -  අත්අඩංගුවට ගන්න-  පොලීසිය අත්අඩංගුවට ගන්න, අපිට යුක්තිය අවශ්‍යයි,  අපේ දරුවා නරක දරුවෙක් නෙමෙයි” ආදී සටන් පාඨ කියනු ඇසිනි.

එදින පැවැත්වු මාධ්‍ය හමුවකදී ද පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී FUK වුට්ලර් රජයේම නිල ලේඛනවලින් සහතික වන අරුල් ෆයාස්ගේ වයස නොතකමින් නැවතත් තහවුරු කරන්නට වීරිය දැරුවේ තිබුනේ පොලීසිය සිදු කළ වෙඩ් තැබීමෙන් මියගියේ වයස අවුරුදු 19 ක තරුණයකු බවයි.

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...