The Leader News
BREAKING
Top Ad
පුවත්

කන්ටේනර් සිද්ධියේ විමර්ශන කමිටුවෙන් ඇමති අනුර කරුණාතිලක ඉවත් වෙයි

T

The Leader Desk

February 13, 2026 • 4:29 PM

කන්ටේනර් සිද්ධියේ විමර්ශන කමිටුවෙන් ඇමති අනුර කරුණාතිලක ඉවත් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක ඉල්ලා අස්ව තිබේ.
  • එහිදී අමාත්‍යවරයා මෙම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්ව ඇති බවට දැනුම් දී ඇති අතර ඒ අනුව වෙනත් සාමාජිකයෙන් ඉදිරියේදී ඒ සඳහා පත් කරනු ඇති බවත් කාරක සභා සභාපතිවරයා සාක්ෂි විමසීම ආරම්භයට පෙර කාරක සභාවට දැනුම් දී තිබේ.
  • මෙම කාරක සභාව සඳහා ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ ඇතුළු ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් පිරිසක් කාරක සභාව වෙත කැඳවා තිබූ අතර සිද්ධියට අදාළ සාක්ෂි ලබා ගැනීම සිදුවිය.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක ඉල්ලා අස්ව තිබේ.

කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තෙවැනි දිනටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර ගේ සභාපතීත්වයෙන් පසුගිය 11 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්විය.

එහිදී අමාත්‍යවරයා මෙම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්ව ඇති බවට දැනුම් දී ඇති අතර ඒ අනුව වෙනත් සාමාජිකයෙන් ඉදිරියේදී ඒ සඳහා පත් කරනු ඇති බවත් කාරක සභා සභාපතිවරයා සාක්ෂි විමසීම ආරම්භයට පෙර කාරක සභාවට දැනුම් දී තිබේ.

මෙම කාරක සභාව සඳහා ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ ඇතුළු ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් පිරිසක් කාරක සභාව වෙත කැඳවා තිබූ අතර සිද්ධියට අදාළ සාක්ෂි ලබා ගැනීම සිදුවිය.

කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ලේකම් ඉල්යාස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ දයාසිරි ජයසේකර, අජිත් පී. පෙරේරා, ඩී. වී. චානක, මුජිබුර් රහුමාන්, වෛද්‍ය නජිත් ඉන්දික සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර  මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

| aruna

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...