The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනපති හමුවීමෙන් පසු මා දැල් ධීවර විරෝධයත් ඉවරයි !

T

The Leader Desk

February 13, 2026 • 5:03 PM

ජනපති හමුවීමෙන් පසු මා දැල් ධීවර විරෝධයත් ඉවරයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව සියලු පාර්ශ්වයන් එක්ව කෙටි කාලයකදී සාකච්ඡා මාර්ගයෙන් වඩාත් සුදුසුම විසඳුම් යෝජනා කර ගැනීමට මෙහිදී එකඟතාව පළ කෙරිණි.
  • ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත මාදැල් ධීවරයන් අතර සාකච්ඡාව අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
  • එමෙන්ම, තමන් මුහුණ දී තිබෙන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව ලබා දීම පිළිබඳවද ධීවර නියෝජිතයෝ ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළහ.
  • එසේම, මෙම ගැටලුවට විසඳුම් සෙවීමේදී පොදු ධීවර ජනතාවගෙන් ලැබෙන පැමිණිලි, පරිසර සංවිධාන මෙන්ම මේ සම්බන්ධව විද්‍යාත්මක පර්යේෂණයන්හි නිරත වන රාජ්‍ය ආයතන, ධීවර අමාත්‍යාංශයට අයත් ආයතන සහ අනෙකුත් ආයතන මගින් ලබා දී ඇති වාර්තාද සැලකිල්ලට ගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව සියලු පාර්ශ්වයන් එක්ව කෙටි කාලයකදී සාකච්ඡා මාර්ගයෙන් වඩාත් සුදුසුම විසඳුම් යෝජනා කර ගැනීමට මෙහිදී එකඟතාව පළ කෙරිණි.

අදාළ සාකච්ඡා සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් එළැඹෙන සඳුදා දින ආරම්භ කිරීමටද මෙහිදී තීරණය විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක  සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත මාදැල් ධීවරයන් අතර සාකච්ඡාව අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

විරෝධතාවයේ නිරත ධීවරයන්හට ජනාධිපති කාර්යාලය වෙත ආරාධනා කළ ජනාධිපතිවරයා ඔවුන් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වූ අතර  2010 වසරේ ආරම්භ කර, ශ්‍රමික ගැටලුව හේතුවෙන් 2013 වසරේ සිට වින්ච් ක්‍රමවේදය භාවිතා කරමින් ඉදිරියට පත්වාගෙන ආ මාදැල් ධීවර කර්මාන්තය ආශ්‍රිතව මේ වන විට මතුව ඇති තත්ත්වය පිළිබඳ ඔවුහු ජනාධිපතිවරයා දැනුවත් කළහ.

එමෙන්ම, තමන් මුහුණ දී තිබෙන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව ලබා දීම පිළිබඳවද ධීවර නියෝජිතයෝ ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළහ.


ධීවර නියෝජිතයන්ගේ අත්දැකීම් අනුව මතු කළ සියලු කරුණුවලට සාවධානව ඇහුම්කන් දුන් ජනාධිපතිවරයා, මාදැල් කර්මාන්තය සම්බන්ධයෙන් පැණ නැඟී ඇති  ගැටලුවට විසදුම් සෙවීමේදී ආර්ථික වශයෙන් කිසිවෙකුගේ ජීවන තත්ත්වයන් අඩාල කිරීමට රජයට අවශ්‍යතාවක් නොමැති බවත්, රජය  පෙනී සිටින්නේ සියලු දෙනාගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් බවත් අවධාරණය කළේය.


එසේම, මෙම ගැටලුවට විසඳුම් සෙවීමේදී පොදු ධීවර ජනතාවගෙන් ලැබෙන පැමිණිලි, පරිසර සංවිධාන මෙන්ම මේ සම්බන්ධව විද්‍යාත්මක පර්යේෂණයන්හි නිරත වන රාජ්‍ය ආයතන, ධීවර අමාත්‍යාංශයට අයත් ආයතන සහ අනෙකුත් ආයතන මගින් ලබා දී ඇති වාර්තාද සැලකිල්ලට ගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව ධීවර ජනතාවගේ ආර්ථික හානියක් නොවන ලෙසත්, පරිසර සුරක්ෂිතභාවය තහවුරු වන ලෙසත්, අන්තර්ජාතික සම්මූතීන්ට අනුකූලව සහ මතු පරම්පරාව වෙනුවෙන්ද ධීවර කර්මාන්තය සහ සාගර සම්පත් ආරක්ෂාවන ලෙසත්, තහනම් පන්න ක්‍රම භාවිතයට පැමිණීම වැළැක්වෙන ලෙසත් කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

සාකච්ඡා පැවැත්වෙන කාලයේ දැනට මෙම ක්‍රමය යටතේ ධීවර කර්මාන්තයේ නියතු වූවන් මුහුණ දෙන කල්බදු  ආදී ගෙවීම් ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යාංශය සමගද සාකච්ඡාවක් ලබා දීමටත් මෙහිදී වැඩිදුරටත් එකඟතාව පළ කෙරිණි.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් කෝලිත කමල් ජිනදාස, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ ද, මාදැල් ධීවර ප්‍රජාව නියෝජනය කරමින් නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 cvdsdfd

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...