The Leader News
BREAKING
Top Ad
පුවත්

'අරගලයේදී ජනතාව උසි ගන්නපු අය රජ වෙලා - තරුණ පිරිසක් පෝරකට ගිහින් - නාමල් රාජපක්ෂ

T

The Leader Desk

February 13, 2026 • 5:11 PM

'අරගලයේදී ජනතාව උසි ගන්නපු අය රජ වෙලා - තරුණ පිරිසක් පෝරකට ගිහින් - නාමල් රාජපක්ෂ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
  • ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පිහිටි පක්ෂ මූලස්ථානයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
  • අපි පැහැදිලිවම අරගලය සම්බන්ධයෙන් සහ ඒ සඳහා විදේශ රටවලින් ආපු මුදල් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරලා ඒ කාරණය පිළිබඳව සොයනවා.
  • මොකද ඇමරිකානු ජනාධිපතිවරයා පවා ලංකාව සහ බංගලදේශය ඇතුළු රටවල් කිහිපයක ආණ්ඩු වෙනස්කරන්න විදේශ මුදල් ආයෝජනය කරපු ආකාරය පිළිබඳව යූඑස්ඒඩ් ආයතනය හරහා මුදල් ආයෝජනය කරා කියන කාරණය සඳහන් කරලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

''අරගලේ මුවාවෙන් තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න එක ජීවිතයක් නැති කරා තරුණ පිරිසක් එල්ලුම් ගස් යැව්වා. අවවාද උපදෙස් දීල ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා දැන් එන්න එළියට බහින්න  ගහන්න අපි බලාගන්නම් කියලා කියපු අය අද රජ වෙලා ඉන්නවා. අර තරුණයෝ එල්ලුම් ගස් ගිහිල්ලා තියෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පිහිටි පක්ෂ මූලස්ථානයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ.

''අපි බයවෙලා ආණ්ඩුව කියන විදියට ඉඳී කියල හිතනවා, හැබැයි එහෙම වෙන්නේ නෑ''

"ආණ්ඩුව තමන් පොරොන්දු වෙච්චදේවල් ජනතාවට දෙන්න බැරි වුණාම, ආණ්ඩුව එක පැත්තකින් බොරු කියලා අහුවෙනකොට, කුණාටුවට සුළි සුලඟට අහුවෙලා අසරණ වෙච්ච ජනතාව රවට්ටලා අද ආණ්ඩුව තමන්ගේ පැවැත්ම සඳහා මර්දනය පාවිච්චි කරනවා. ඒ මර්දනය පාවිච්චි කරනකොට ආණ්ඩුවේ තියෙන හොරකම් ගැන එලියට එනකොට ඒ සම්බන්ධයෙන් සමාජයේ දැනගන්නකොට, කැබ් ගේනකොට ඒ පිළිබඳ සමාජය  කතා කරනකොට අනිත් පැත්තෙන් හාල් මාෆියාව ගැන ආණ්ඩුව නම් කිව්වේ හාල්  මාෆියාව තියෙන්නේ මෝල්කරුවෝ ගාව කියලනේ.

අද හාල් මාෆියාව තියෙන්නේ පිටරටින් හාල් ගෙන ව්‍යාපාරිකයෝ ගාව. ලංකාවෙ ගොවියා ගාව නෙවෙයි. ඉතින් මේවා පිළිබඳව රටේ ඒත්තු ගැන්වෙනකොට ආණ්ඩුව තමන්ගේ සුපුරුදු මර්දනය පාවිච්චි කරන්න උත්සාහ කරනවා. එහෙම කරලා අපි බයවෙලා ආණ්ඩුව කියන විදියට අපි ඊළඟ අවුරුදු ගානේ ඉඳී කියලද කියලා හිතනවා හැබැයි එහෙම වෙන්නේ නෑ. අපි මේ රටේ ජනතාව වෙනුවෙන් පක්ෂයක් විදියට අපි කතා කරනවා පමණක් නෙවෙයි ජනතාවගේ අයිතිය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා.

ගරු විනිශ්චයකාරවරුන්ගේ නඩු තීන්දුව කියවන්න...

පළවෙනි කාරණය තමයි ඔය චෝදනා නගන අය ගරු විනිශ්චයකාරවරුන්ගේ නඩු තීන්දුව කියවන්න ඕන. එක පැත්තකින් ආණ්ඩුව උත්සාහ කරනවා මේ රටේ අධිකරණ පද්ධතියට තමන්ගේ බලපෑම් එල්ල කරන්න.ස්වාධීනත්වයට පහර දෙන්න. අපි සතුටු වෙනවා ගරු අධිකරණය ගරු විනිශ්චකාරවරුන් ස්වාධීනව මේ කරුණු කාරණා දිහා බලලා අතුකෝරල මන්ත්‍රීතුමාගේ ජීවිතයට සාධාරණයක් ඉෂ්ඨ කිරීම පිළිබඳව.

 තව පැත්තකින් මම කණගාටු වෙනවා තවමත් මේ සමාජ මාධ්‍යයේ, මාධ්‍යයේ සජීවීව කරපු ඝාතනයක් සාධාරණීකරණය කරන්න උත්සාහගෙන පිරිසකුත් ඉන්නවා. මේ අමු අමුවේ මහ දවල් කරපු මිනිමරුමක්. ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඔය වගේම සිදුවීමක් අපිට මතකයි එක කාලෙක පකිස්ථානයේ යම් කර්මාන්ත ශාලාවක් ආශ්‍රයෙන් සිද්ධ වුණා. එවකට හිටපු ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යතුමාගේ ක්‍රියා කලාපය මත සාධාරණයක් සිද්ධ වුණා ඒ රටේ.  හැබැයි ඒ වෙලාවේ ඉම්රාන් ඛාන් මහත්තයට හොඳ කියපු අය අද මේ ගරු විනිශ්චකාරවරුන්ට හොඳ කියන්නේ නෑනේ.

අද පැහැදිලිවම මේ අධිකරණ පද්ධතිය තුළ මේ අතුකෝරළ මන්ත්‍රීතුමාට සාධාරණයක් වෙලා තියෙනවා. හැබැයි තවදුරටත් තමන්ගේ අයිතිය දිනාගන්න මිනිහෙක් වුණත් මරන්න විනාශ කරන්න දේපොළ විනාශ කරන ජීවිත නැති කරන්න කියලා සාධාරණීකරණය කරන පිරිසක් ඉතුරු වෙලා ඉන්නවා. ඒක හොඳයි අසූඅට අසු නමයට අද ගැලපෙන්නෙ නෑ ඒක.

''මහදවල් මිනීමරුමක් සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා''

ඕක තමයි අපි මුල ඉඳන්ම කිව්වේ. මේ දරුවෝ බිල්ලට තියලා උසිගන්වලා මේ රටේ තරුණ පරම්පරාව පාවිච්චි කරලා ඒ තරුණ පරම්පරාවේ කරමතෙන් ජීවිත අහිමි කරලා දේපල අහිමි කරලා ආණ්ඩු බලය ලබා ගත්තු අය අද මහදවල් මිනීමරුමක් සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා. ආණ්ඩුවක් කළ යුත්තේ මේක සාධාරණීකරණය කිරීම නෙවෙයි. ආණ්ඩුව කළ යුත්තේ තවත් මෙවැනි දේවල් වලට තරුණයෝ පාවිච්චි නොකර තමන්ගේ දේශපාලන පක්ෂ ඉතිහාසය ගත්තත් අසූ ගණන්වල ඉඳන් මේ පක්ෂ කරලා තියෙන්නේ තරුණයන්ගේ ජීවිත පාවිච්චි කරලා තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගත්ත එක.මේ වෙලාවේ කරෙත් එහෙම දෙයක්. මේ වෙලාවේ කරෙත් අරගලේ මුවාවෙන් තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න එක ජීවිතයක් නැති කරා තරුණ පිරිසක් එල්ලුම් ගස් යැව්වා. අවවාද උපදෙස් දීල ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා දැන් එන්න එළියට බහින්න  ගහන්න අපි බලාගන්නම් කියලා  කියපු අය අද රජ වෙලා ඉන්නවා. අර අහිංසක දරුවෝ එල්ලුම් ගස් ගිහිල්ලා තියෙනවා. මේක තමයි යථාර්ථය ඉතින්. මේ අය කොච්චර හිත් අමනාපෙන් කෑ ගැහුවත් මේ යථාර්ථය තමයි අද ඉෂ්ඨ වෙලා තියෙන්නේ.

අපි පැහැදිලිවම අරගලය සම්බන්ධයෙන් සහ ඒ සඳහා විදේශ රටවලින් ආපු මුදල් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරලා ඒ කාරණය පිළිබඳව සොයනවා. මොකද ඇමරිකානු ජනාධිපතිවරයා පවා ලංකාව සහ බංගලදේශය ඇතුළු රටවල් කිහිපයක ආණ්ඩු වෙනස්කරන්න විදේශ මුදල් ආයෝජනය කරපු ආකාරය පිළිබඳව යූඑස්ඒඩ් ආයතනය හරහා මුදල් ආයෝජනය කරා කියන කාරණය සඳහන් කරලා තියෙනවා. පැහැදිලිවම මේ අයට විදෙස් වලින් මුදල් ආවා. ඒ හින්දනේ අර අරගලයේ හිටපු සමහර අය අද සමාජයට ඇවිල්ලා කියන්නේ අපි වාහන ගත්තා අපි ගෙවල් ගත්තා අපි රට ගියා මේ එක්කම තමන්ට වාහන ගන්න තමන්ට ගෙවල් ගන්න තමන්ට රට යන්න බිල්ලට ලක්වෙච්චි දරුවෝ අද  එල්ලුම් ගස් ගියා.

අරගලේම එක කොට්ඨාසයක් වාහන ගන්නයි එක කොට්ඨාසයක් මැති ඇමතිවරු වෙන්නයි එක කොට්ඨාසයක් ගෙවල් ගන්නයි තවත් කොට්ඨාසයක් පිටරට ගිහිල්ලා පදිංචි වෙන්නයි තවත් දොළොස් දෙනෙක්  එල්ලුම් ගස් යන්නයි බෑනේ. ඒ කියන්නේ පැහැදිලිවම මේ මේ කාරණය සම්බන්ධයෙන් මෙහෙයවපු අය රජ වුණා. අනිත් අය එල්ලුම් ගස් ගියා.ඒක තමයි අවසාන සිද්ධ වුණේ.

වහන එක නෙමෙයි විසඳුම....

තමන්ට පාලනය කරගන්න බැරි වෙනකොට ඊළඟට දෙන විසඳුම වහන එක. පාසල් වලටත් එහෙමයි. ආණ්ඩුවත් වහන්න ඕනි කියලා කියයිද දන්නෑ ඉතින් නලින්ද ජයතිස්ස මැතිතුමා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක. එතුමා හිතනවා නම් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා විදියට එතන වාඩිවෙලා තර්ජනාත්මකව මාධ්‍ය ආමන්ත්‍රනය කිරීම තුළින් රාජ්‍ය පාලනය කරගෙන යන්න පුළුවන් තමන්ගේ ඩියුටිය හරියට කරනවා කියලා එතුමාට වැරදිලා.

තැපැල් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් යම් ගැටළුවක් තියනවනම් ඒක විසඳන්න ආණ්ඩුව යම් මැදිහත් වීමක් කළ යුතුයි. ඒ වගේම ලාබ ආයතනයක් බවට, සමහර ඒවා සේවාවක් තැපැල් කියන්නේ සේවාවක් ඒ සේවාව පවත්වාගැනීම සඳහා ආණ්ඩුවට වගකීමක් තියෙනවා. සමහර කාරණා වලදී පෞද්ගලික අංශය ඒකරාශී කර ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් නෑ.හැබැයි තැපැල් සේවාව තිබිය යුතු කාරණයක්. ඉතින් මේ සඳහා යම් නිශ්චිත වැඩපිළිවෙලක් ඕන. වහන එක නෙමෙයි විසඳුම.වහන්න අවශ්‍යයි නම් ඒකට හේතු දක්වන්න ඕන ඇයි මේක වහන්නේ.ආණ්ඩුව උවමනාවට නැත්නම් පැලවත්තේ උවමනාවට නැත්තං ජේවීපී එකේ කොට්ඨාස මන්ත්‍රීවරයාගේ උවමනාවට තීන්දු ගන්නවනම් ඉතින් ඒ තුළ සාධාරණයක් වෙන්නේ නෑ.නලින්ද ජයතිස්ස වෛද්‍යවරයෙක් හැබැයි එතුමා හිතන්නේ තර්ජනය කරලා බය කරලා මාධ්‍යවේදින්වත් බය කරගෙන වැඩේ කරගන්න පුළුවන් කියලා.

''අද ආණ්ඩුවට විරුද්ධව අරගල කරන්නේ ආණ්ඩුවේ පාර්ශවවකරුවන්මයි''

මං හිතන්නේ ආණ්ඩුවට විරුද්ධව අරගල කරන්නේ ආණ්ඩුවේ පාර්ශවවකරුවන්මයි. මොකද ඒ අයට තමයි පුරුදු ගහලා මරලා ගිනි තියලා.අපිට නෙවෙයි.අපි ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ දේශපාලනය කරන අය. එදා දෙගොල්ලෝ එකට ඉඳලා අද දෙගොල්ලෝ වෙන් වුණාම ඒ දෙගොල්ලෝ අතර යම් හිත් අමනාපකමක් තියෙනවා. ඉතින් ඒකට අපි පලි නෑ. අපි පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළේ මේ රටේ ආණ්ඩු වෙනස් විය යුතුයි කියන මතය ඇතුළේ ඉන්නවා. ව්‍යවස්ථානුකූලව සහ ජනාධිපතිවරයාට අයත් බලතල සහ මැතිවරණ කොමිසට තියෙන බලතල අනුව වෙලාවට නිශ්චිත කාලයට මැතිවරණ තියෙයි. ඒ අනුව අපි පක්ෂයක් විදිහට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ වලට මුහුණ දෙනවා මිසක් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පාර දිගේ  ඇදගෙන ගිහිල්ලා මරලා ඒ මිනිය උඩින් මැතිවරණ වලට යන්න අපි සූදානම් නෑ.

අපේ පක්ෂයේ විශේෂයෙන්ම අනුබද්ධ සංවිධාන රාශියක් තියෙනවා ඒ අනුබද්ධ සංවිධානවල කැඳවුම්කරුවන්ව  අපි පත් කරා. ඒ කැඳවුම්කරුවන්ගේ සහයට අද අපි කාර්ය මණ්ඩලයක් සහ ලේකම්වරු පත් කරලා තවදුරටත් ඒ කාරණා ඉතාමත් සාර්ථකව ඉස්සරහට අරගෙන යන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක් අපි හැදුවා. ඉදිරි කාල සීමාවව තුළ ගම්මට්ටමෙන් නිශ්චිත වශයෙන් අපි ශාඛා සමිති බල මණ්ඩල කැඳවනවා. මේ කැඳවන අතරේ පක්ෂෙත් එක සම්බන්ධ අනුබද්ධ සංවිධාන සියල්ලම නැවත සක්‍රීයව ඉදිරියට අරගෙන යන්න අපි කටයුතු කරනවා.සංගම් තාමත් තියෙනවා. ඒ සංගම වෙනදාටත් වඩා සක්‍රීයව ඉදිරියට එනවා.

''බලයේ ඉන්නකොට එක කතාවකුයි බලය නැතිවෙනකොට තව කතාවකුයි අපට නෑ''

අපි එකක් පැහැදිලිව කියන්න ඕන මේ රටේ හැම සංස්කෘතියක්ම ආරක්ෂා කරන්න ඕන කියන තැන අපි ඉන්නවා. ඒ වගේම  මේ රටේ හැම සම්ප්‍රදායක්ම ආරක්ෂා කරන්න ඕන කියන තැන අපි ඉන්නවා. අපි පක්ෂයක් විදියට මේ රටේ හැම ජන කොට්ඨාසයක්ම හැම වෘත්තිකයෙක්ම හැම කම්කරුවෙක්ම හැම ව්‍යාපාරිකයෙක්ම හැම ක්ෂේත්‍රයක්ම නියෝජනය වන දේශපාලන පක්ෂයක්. ඒ හින්දා අපේ පක්ෂයේ විශාල අනුබද්ධ සංවිධානන තියෙනවා.

අපි බලයේ ඉන්නකොට එක කතාවකුයි බලය නැතිවෙනකොට තව කතාවකුයි නෑ. දැන් බලේ නැති කාලේ මාධ්‍ය අරගෙන පන්සල් දළදා හාමුදුරුවෝ වඳින්නේ ඇයි කියලා අහපු අය බලයට ආවම මාධ්‍ය අරගෙන අද දළඳා හාමුදුරුවෝ වදින්න යන්න සිද්ධවෙලා තියෙනවා. මේක තමයි බුද්ධ ධර්මයේ තියෙන යථාර්ථය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...