The Leader News
BREAKING
Top Ad
පුවත්

හිටපු ඇමති ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට

T

The Leader Desk

February 14, 2026 • 4:09 AM

හිටපු ඇමති ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අදාළ මිනී මැරුමෙන් අගතියට පත් වූවන් විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබූ බවට වාර්තාවේ.
  • එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බවට කළ දැනුම්දීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, එහි විභාගය සැප්තැම්බර් 4 දක්වා කල් තැබීමට දින නියම කළේය.
  • අභියාචනාදීකරණයේ එම තීරණය නීතියට පටහැනි බැවින් එය බල රහිත කර දඩුවම් පැමිණවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම සිද්ධියෙන් අගතියට පත් වූවන් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


අදාළ මිනී මැරුමෙන් අගතියට පත් වූවන් විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබූ බවට වාර්තාවේ.

මෙම අභියාචනය ඒ.එච්.එම්.ඩී. නවාස් ප්‍රමුඛ ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බවට කළ දැනුම්දීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, එහි විභාගය සැප්තැම්බර් 4 දක්වා කල් තැබීමට දින නියම කළේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ගේ දේශපාලන රැස්වීමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම මඟින් පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ප්‍රේමලාල් ජයසේකර ට රත්නපුර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

එම මරණීය දණ්ඩනයට එරෙහිව ප්‍රේමලාල් ජයසේකර ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ අභියාචනාධිකරණය ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට නියම කර තිබුණි.

අභියාචනාදීකරණයේ එම තීරණය නීතියට පටහැනි බැවින් එය බල රහිත කර දඩුවම් පැමිණවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම සිද්ධියෙන් අගතියට පත් වූවන් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

| aruna

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...