පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාවේ 'ෆුල්මන්' ශාලාවේ පැවති මෙම වැඩසටහනට සජබ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර සහ හර්ෂණ රාජකරුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක්ව සිටියේය.
මෙම හමුවේ අරමුණ වූයේ වෙන් වෙන්ව සිටින ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක යළි ඒකාබද්ධ කිරීම බව මරික්කාර් මන්ත්‍රීවරයා කියා සිටියේය.
රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග විසිරී සිටීමෙන් ඵලක් නොවන බව එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.
එජාප - සජබ සන්ධානයක් වෙනුවෙන් සියළුදෙනා අත් ඔසවයි


පක්ෂ දෙකේම ක්‍රියාකාරීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී වඩාත් වැදගත් පියවරක් ලෙස “එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි එක්විය යුතුයි” යන යෝජනාව ඒකමතිකව සම්මත කරගනු ලැබීය.
මෙම හමුව හරහා ගම් මට්ටමින් පක්ෂ දෙකේ පාක්ෂිකයින් අතර පවතින දුරස්ථභාවය නැති කරමින්, ඉදිරි මැතිවරණ ඉලක්ක කරගත් පුළුල් සන්ධානයක් ගොඩනැගීමේ මූලික අඩිතාලම වැටී ඇති බව ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසති.








