The Leader News
BREAKING
Top Ad
පුවත්

'ගොවි ජනතාව අතර බෙදීම් ඇති කර ගන්න එපා' - විපක්ෂ නායක කියයි

T

The Leader Desk

February 15, 2026 • 4:14 PM

'ගොවි ජනතාව අතර බෙදීම් ඇති කර ගන්න එපා' - විපක්ෂ නායක කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (15) වලව වම් ඉවුර ගොවි සංවිධානය, හම්බන්තොට සූරියවැව, අන්දර වැව සංවිධානය කර තිබූ ගොවි හමුව අමතමිනි.
  • ගොවි ජනතාව අතරම ගැටලු, අමනාපකම් ඇතිව තිබෙන බවත්, වන අලි ගම්වැදීම නිසා වගා හානි ඇති වීමත් ගැටුම්වලට හේතුවී ඇති බවත්, පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස, වන සතුන්ට වෙන් වූ රක්ෂිත කලාපවල සිදුවන විවිධ ක්‍රියාකාරකම් නිසා ගොවි ජනතාව පවා අසරණ වී ඇති බවත් අවධාරණය කළේය.
  • එවැනි විවිධ හේතු මත ගොවි ජනතාව අතර මතවාදී බෙදීම්, ගැටුම් ඇති කර නොගන්නා ලෙස ඉල්ලා සිටින බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී පැවසිය.
  • මෙම ගොවි හමුවේදී වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සමිතියේ සභාපති මහින්ද සමරවික්‍රම ප්‍රදේශයේ අක්කර 1000 සෝලා ව්‍යපෘතියක් සඳහා යොදා ගැනීමේ සූදානමක් ගැන ඉදිරිපත් කළ අදහසක් මත තවත් ගොවීන් පිරිසක් අතර මතගැටුමක් ඇතිවී තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):



ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (15) වලව වම් ඉවුර ගොවි සංවිධානය, හම්බන්තොට සූරියවැව, අන්දර වැව සංවිධානය කර තිබූ ගොවි හමුව අමතමිනි.

ගොවි ජනතාව අතරම ගැටලු, අමනාපකම් ඇතිව තිබෙන බවත්, වන අලි ගම්වැදීම නිසා වගා හානි ඇති වීමත් ගැටුම්වලට හේතුවී ඇති බවත්, පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස, වන සතුන්ට වෙන් වූ රක්ෂිත කලාපවල සිදුවන විවිධ ක්‍රියාකාරකම් නිසා ගොවි ජනතාව පවා අසරණ වී ඇති බවත් අවධාරණය කළේය.

එවැනි විවිධ හේතු මත ගොවි ජනතාව අතර මතවාදී බෙදීම්, ගැටුම් ඇති කර නොගන්නා ලෙස ඉල්ලා සිටින බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මෙහිදී පැවසිය.

මෙම ගොවි හමුවේදී වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සමිතියේ සභාපති මහින්ද සමරවික්‍රම ප්‍රදේශයේ අක්කර 1000 සෝලා ව්‍යපෘතියක් සඳහා යොදා ගැනීමේ සූදානමක් ගැන ඉදිරිපත් කළ අදහසක් මත තවත් ගොවීන් පිරිසක් අතර මතගැටුමක් ඇතිවී තිබිණ.


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...