The Leader News
BREAKING
Top Ad
පුවත්

හදිසි ගල්අඟුරු මිලදී ගැනීමකට කැබිනට් අනුමැතිය

T

The Leader Desk

February 16, 2026 • 4:14 AM

හදිසි ගල්අඟුරු මිලදී ගැනීමකට කැබිනට් අනුමැතිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව ගල්අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් හදිසි මිලදී ගැනීම් යටතේ ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව ඔහු පැවැසුවේය.
  • ඉකුත් පෙබරවාරි 12 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැති යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී එම සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.
  • මරික්කාර් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මෙසේ කියා සිටියේය.
  • දකුණු අප්‍රිකාවෙන් මිලදී ගත් ගල්අඟුරු තොග ගුණාත්මක පරීක්ෂණවලින් අසමත්වීම හේතුවෙන් මැයි මාසයේ මෝසම් වැසි ආරම්භ වීමට පෙර ප්‍රමාණවත් ගල්අඟුරු සැපයුම් සුරක්ෂිත කළ නොහැකි වුවහොත් අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බැවින් මෙම හදිසි මිලදී ගැනීම සඳහා කටයුතු කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව ගල්අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් හදිසි මිලදී ගැනීම් යටතේ ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව ඔහු පැවැසුවේය.

ඉකුත් පෙබරවාරි 12 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැති යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී එම සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම්. මරික්කාර් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මෙසේ කියා සිටියේය.

දකුණු අප්‍රිකාවෙන් මිලදී ගත් ගල්අඟුරු තොග ගුණාත්මක පරීක්ෂණවලින් අසමත්වීම හේතුවෙන් මැයි මාසයේ මෝසම් වැසි ආරම්භ වීමට පෙර ප්‍රමාණවත් ගල්අඟුරු සැපයුම් සුරක්ෂිත කළ නොහැකි වුවහොත් අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බැවින් මෙම හදිසි මිලදී ගැනීම සඳහා කටයුතු කර තිබේ.

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී වැඩිදුරටත් අනාවරණය වූයේ ලක්විජය ගල්අඟුරු බලාගාරයට පැමිණි පළමුවැනි අඟුරු නැව් තුනම ප්‍රමිතියෙන් තොර බවට විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම කාරක සභාවට ලිපියක් එවා තිබෙන බවත් එහි සඳහන්ව තිබුණේ පළමුවැනි නැවේ තිබූ ගල්අඟුරු ප්‍රමාණයේ ප්‍රමිතියවත් තුන්වැනි ගල්අඟුරු නැවේ නොමැති බවත් එය මේ ගල්අඟුරු නැව් දෙකටම වඩා ප්‍රමිතියෙන් අඩු බවය.

මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ලිඛිතව එවා ඇති මෙම දත්ත ඇතුළත් ලිපිය අදාළ කර නොගන්නා ලෙස නැවත දන්වා ඇති බවයි.

( aruna | අශිකා ජයවීර)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හදිසි ගල්අඟුරු මිලදී ගැනීමකට කැබිනට් අනුමැතිය | The Leader