The Leader News
BREAKING
Top Ad
පුවත්

නීතීඥවරු නැතිව නාමල් තනිවම උසාවි ගිහින් !

T

The Leader Desk

February 16, 2026 • 7:19 AM

නීතීඥවරු නැතිව නාමල් තනිවම උසාවි ගිහින් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, නීතිඥවරු අද (16) දින අධිකරණ රාජකාරීවලින් බැහැරවීමට තීරණය කර තිබීම හේතුවෙනි.
  • අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයට නුදුරින් ඇති සුපිරි වෙළෙඳසලක රථ ගාලේදී පෙබරවාරි 13 වන දා පස්වරුවේ නීතිඥ බුද්ධික මල්ලවාරච්චි (44) සහ ඔහුගේ බිරිඳ (42) වෙඩි තබා ඝාතනය සිද්ධියට විරෝධය පළකරමින් නීතිඥයින් අද (19) දිනයේ අධිකරණ කටයුතුවලින් බැහැරවීමට තීරණය කර තිබේ.
  • කෙසේ වෙතත් මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිට ඇත.
  • ඒ අනුව මෙම නඩුව ලබන 19 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, නීතිඥවරු අද (16) දින අධිකරණ රාජකාරීවලින් බැහැරවීමට තීරණය කර තිබීම හේතුවෙනි.

අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයට නුදුරින් ඇති සුපිරි වෙළෙඳසලක රථ ගාලේදී පෙබරවාරි 13 වන දා පස්වරුවේ නීතිඥ බුද්ධික මල්ලවාරච්චි (44) සහ ඔහුගේ බිරිඳ (42) වෙඩි තබා ඝාතනය සිද්ධියට විරෝධය පළකරමින් නීතිඥයින් අද (19) දිනයේ අධිකරණ කටයුතුවලින් බැහැරවීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

ඒ අනුව මෙම නඩුව ලබන 19 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.


'දැන් ජනාධිපතිතුමාගේ ගෙදර ළඟටම ඇවිත් වෙඩි තියලා මරනවා ' -නාමල් රාජපක්ෂ

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පවසන්නේ, දැන් ජනාධිපති වරයාගේ ගෙදර ළඟටම ඇවිත් වෙඩි තියලා මරනවා භයානක තත්ත්වයක් මතුව ඇති බවයි.

'' පහුගිය කාලසීමාව තුළ  ඇමතිවරු කිව්වා දවසේ වෙඩිල්ල අපි නැවැත්තුවා කියලා.  ඉතින් එදා ඇමතිවරුන්ට ඒක කියල නවත්තන්න පුළුවන් උනා නං ඒක පටන් ගන්න ඕනෙත් ඇමති  මැදිහත්වෙලා. මේ අමතිවරු කියන කාරණයක්  මේ ආණ්ඩුව කියන විදිහට ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ සහ ජනාධිපතිවරයා ජීවත් වෙන්නෙත් ඔය ප්‍රදේශයේ. පැලවත්තනේ. ඉතින් ජනාධිපතිවරයාගේ ගෙදර ඉස්සරහට ඇවිල්ලා නීතිඥවරයෙක්ව ඝාතනය කරලා යන්න පුළුවන්නම් බිරිඳ සමග දවාලේ ඉතින් එතනින් එහාට මේ රටේත් පුරවැසියාගේ ආරක්ෂාව පිළිබඳව තව මොකක්ද කතා කරන්නේ තියෙන්නේ,"  යැයි නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  නාමල්‍ රාජපක්ෂ,

ආණ්ඩුව ජනතාව උසිගන්වලා රටේ වෘත්තිකයන්ට පහර දෙන සැලැස්මක !

" පහුගිය කාලේ අපි දැක්කා මෙවැනිම සිදුවීමක්  අධිකරණය ඇතුලේ ඝාතනයක් සිද්ධ වුණා.ඒ වගේම තමයි පහුගිය දිනෙක නීතිඥ වරයේකට පහර දුන්නා උසාවිය ගාව, පොලීසියයි නීතිඥවරු අතරත් ප්‍රශ්නෙකුත් ඇතිවුණා. අපි දැක්කා සෞඛ්‍ය ඇමතිවරයා තර්ජනාත්මක ස්වරූපයෙන්  වෛද්‍යවරුන්ට කියනවා ඔබ ඔබේ  අයිතීන් පිළිබඳ කතා කරලා, අයිතින් පිළිබඳව සටන් කෙරුවොතින් ජනතාව ඔබ ගැන තීන්දු ගනී.ආණ්ඩුව නොකියා කියන්නේනීතිඥවරු මර්දනය කරන්න උත්සාහ කරනවා වගේ වෛද්‍යවරුවත් මර්ධනය කරනවා කියන කාරණය.

එක පැත්තකින් ආණ්ඩුව ජනතාව උසිගන්වලා මේ ජනතාව ලව්වා මේ රටේ වෘත්තිකයන්ට පහර දෙන න්‍යායක් ක්‍රියාත්මක වන බවක් පේනවා. දැන් අපි දැක්කනේ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමාගේ ඝාතනය සම්බන්ධයෙන් නඩු තීන්දුව ලැබුණාම  ආණ්ඩුව සමහරු ඒ නඩු තීන්දුව විවේචනය කරා විතරක් නෙමෙයි. ඝාතකයන් ඝාතනය කිරීම සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය අනුව ආණ්ඩුවේ අවශ්‍යතාවය ඉටු කරන්න මිනිහෙක් වුණත් මැරීම ජනාධිපති සමාවක් ලබා දීමට සුදුසු බවක් බවට පත්කර තිබෙනවා

තවත් පැත්තකින් ජනතාව උසි ගන්නවා වෛද්‍යවරුන්ට නීතිඥවරුන්ට පහරදෙන්න යාපනයේ පහුගිය දිනක සිදුවීමක් සිද්ධ වුණා, පොලිසියටත් අල්ලන් ගැහුවා, ගංජා හේන අල්ලන්න කියපු පොලිසි නිලධාරියාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගැහුවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මීට පෙර ඇඟ බැඳපු කෙනෙක්. මල් පැලයක් නෙවෙයි ගංජ පැලයක්ම තමයි. එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ.

 
මේ ආණ්ඩුව හිතනවා නම් මේ රටේ වෛද්‍යවරු. නීතිඥවරු අධිකරණ පද්ධතිය ,ඒ වගේම මෙරටේ ව්‍යාපාරිකයෝ. දේශපාලන පක්ෂ තමන්ට ඕනි විදිහට මර්දනය කරලා බය කරලා ආණ්ඩුව අරගෙන යෑම තමයි තමන්ගේ න්‍යාය පත්‍රය කියලා ඉතින් ඒක සාර්ථක වෙන්නෙත් නෑ, වගේම ඉතින් ආණ්ඩුවට දැනෙන්නේ ආණ්ඩුව දන්නේ ඒ භාෂාව විතරක් කියලාත් අපි දන්නවා මොකද අසූ අට අසූ නමයේ ගොඩනැගිච්ච අයනේ මේ ආණ්ඩුවේ ඉන්නේ.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...