විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පවසා ඇත්තේ නීතිය හා සාමය පිරිහීම සම්බන්ධයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල වගකිව යුතු බවය.
අදාළ නිවේදනය මගින් මෙම ඝාතන සම්බන්ධයෙන් ගතයුතු තීරණාත්මක ක්‍රියාමාර්ග කිහිපයක් පෙන්වා දෙමින් එම පක්ෂය වැඩිදුරටත් පවසා ඇත්තේ නිල නීතිඥ මණ්ඩලයේ ප්‍රධානී ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර මේ කාරණය විමර්ශනය කිරීම සඳහා සුදුසු පොලිස් කණ්ඩායමක් පත් කළ යුතු අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කැමැත්ත ද ඊට ලබා ගත යුතු බවය.
එමෙන්ම නිසි ආරක්ෂාව ලබාදීම සහතික කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය නීතිඥයින් හට උපරිමයෙන් සහාය ලබාදෙන බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසා ඇත.
සම්පූර්ණ නිවේදනය පහතින්,




