The Leader News
BREAKING
Top Ad
පුවත්

නීතිඥවරුන් පිරිසක් විරෝධතා පා ගමනක

T

The Leader Desk

February 16, 2026 • 9:52 AM

නීතිඥවරුන් පිරිසක් විරෝධතා පා ගමනක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (15) පස්වරුවේ සිය සියලු සාමාජිකයින් කොළඹට කැඳවූ අතර එහිදී තිරණය කර ඇත්තේ දිවයිනේ සියලු නීතිඥයින් අද දිනයේදී වෘත්තිය කටයුතුවලින් ඉවත්වීමටයි.
  • ඒ අනුව දිවයින පුරා නීතිඥයින් අද (16) අධිකරණ කටයුතුවලින් ඉවත්ව තිබේ.
  • මේ හේතුවෙන් නීතිඥ සේවා ලබාගැනීමට පැමිණි ජනතාව අපහසුතාවට පත්ව ඇති බවද සඳහන් වෙයි.‍ අධිකරණ ඉදිරිපිට කළු කොඩි.
  • මේ අතර ඇතැම් අධිකරණ ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධය පළකර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (15) පස්වරුවේ සිය සියලු සාමාජිකයින් කොළඹට කැඳවූ අතර එහිදී තිරණය කර ඇත්තේ දිවයිනේ සියලු නීතිඥයින් අද දිනයේදී වෘත්තිය කටයුතුවලින් ඉවත්වීමටයි.

ඒ අනුව දිවයින පුරා නීතිඥයින් අද (16) අධිකරණ කටයුතුවලින් ඉවත්ව තිබේ.

මේ හේතුවෙන් නීතිඥ සේවා ලබාගැනීමට පැමිණි ජනතාව අපහසුතාවට පත්ව ඇති බවද සඳහන් වෙයි.‍



අධිකරණ ඉදිරිපිට කළු කොඩි ....

මේ අතර ඇතැම් අධිකරණ ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධය පළකර තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් මියගිය නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳගේ දේහයන් ඊයේ කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තැබීමෙන් පසු ඊයේ පස්වරුවේම පිටිගල , ගොඩාමූණ ප්‍රදේශයේ පිහිටි නිවසට රැගෙන ගොස් තිබේ.

මේ වනවිට දේහයන් එම නිවසේ තැන්පත් කර ඇති අතර නීතිඥවරුන් ප්‍රදේශවාසීන් ඇතුළු පාර්ශ්ව රැසක් දේහයන්ට අවසන් ගෞරව දැක්වීමට එහි පැමිණෙමින් ඇත.

මෘතදේහ පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

තලංගම, අකුරේගොඩ යුධ හමුදා මූලස්ථානයට කිලෝමිටරයක් පමණ ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලේ ඉකුත් සිකුරාදා පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් නීතිඥයකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්වුණි.

මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් තිබුණි.

ඝාතනයට ලක්වූයේ 44 හැවිරිදි නීතීඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ 42 හැවිරිදි ඩබ්ලිව්.ඒ. නිසංසලා යන අයයි.

වෙඩික්කරුවන් පලා ගිය බවට සැකකෙරෙන මෝටර් රථය ගාල්ල බද්දේගම අගලිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගිනි ගනිමින් තිබියදී සොයාගැනීමට පොලීසිය සමත් වී තිබේ.

වෙඩික්කරුවන් හා ඝාතනයට සම්බන්ධවූවන් සොයා පොලිස් කණ්ඩායම් 12ක් යොදවා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව සඳහන් වෙයි.

මේ අතර, පොලීසිය දැනටමත් ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ඊයේ පස්වරුවේ ප්‍රකාශ කළේය.

මෙම ඝාතනය කිරීමට සම්බන්ධ තුවක්කුකරුවන් දෙදෙනාට අමතරව තවත් සැකකරුවන් සිව් දෙනෙකු හඳුනාගෙන ඇතැයි සිදුවීම පිළිබඳව පරීක්ෂණ කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

"දවසක් දෙකක් ඇතුළත මෙය විසඳගන්න බොහෝ දුරට පුළුවන් වේවි කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා," ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් සඳහන් කළේ ය.

ඝාතනයට ලක් වූ මෙම නීතිඥවරයාට මරණ තර්ජන තිබී ඇති බවට අනාවරණය වී ඇත්දැයි යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, ඒ පිළිබඳව පොලිසියට වාර්තා වී නැති බව ය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...