The Leader News
BREAKING
Top Ad
පුවත්

ප්‍රභාත් චන්ද්‍රකීර්ති ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරයට

T

The Leader Desk

February 16, 2026 • 11:00 AM

ප්‍රභාත් චන්ද්‍රකීර්ති ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඔහු වෙත භාර දෙනු ලැබීය.
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ වන විට වසර 26 ක කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කරනු ලබයි.
  • වර්ෂයේ පෙබරවාරි 15 වන දින ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ ප්‍රභාත් චන්ද්‍රකීර්ති, 2010 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I වන ශ්‍රේණියට උසස් වූ අතර 2019 වර්ෂයේදී විශේෂ ශ්‍රේණියට උසස්වීම් ලැබීය.
  • ඌව පළාත් සභාවේ අධ්‍යාපන හා සංචාරක අමාත්‍යාංශයේ සහකාර ලේකම් ලෙස 2001 වර්ෂයේදී මුල් පත්වීම ලැබු ඔහු 2003 වර්ෂයේදී බියගම සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස රාජකාරී භාර ගන්නා ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඔහු වෙත භාර දෙනු ලැබීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ වන විට වසර 26 ක කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කරනු ලබයි.
 2000 වර්ෂයේ පෙබරවාරි 15 වන දින ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ ප්‍රභාත් චන්ද්‍රකීර්ති, 2010 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I වන ශ්‍රේණියට උසස් වූ අතර 2019 වර්ෂයේදී විශේෂ ශ්‍රේණියට උසස්වීම් ලැබීය.

ඌව පළාත් සභාවේ අධ්‍යාපන හා සංචාරක අමාත්‍යාංශයේ සහකාර ලේකම් ලෙස 2001 වර්ෂයේදී මුල් පත්වීම ලැබු ඔහු  2003 වර්ෂයේදී බියගම සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස රාජකාරී භාර ගන්නා ලදී.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ සහකාර ලේකම්වරයෙකු ලෙස 2006 වර්ෂයේදී පත්වීම් ලද අතර 2010 වර්ෂයේදී එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස උසස් වීම් ලැබ එම ධූරයේ 2015 වර්ෂය දක්වා කටයුතු කළේය.

ඉන්පසු 2015 අප්‍රේල් සිට 2020 ඔක්තෝබර් දක්වා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ඔහු,  2020 ඔක්තෝබර් සිට 2023 දෙසැම්බර් දක්වා කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලෙසද කටයුතු කළේය.

2024 ජනවාරි මස පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරුණු ප්‍රභාත් චන්ද්‍රකීර්ති,  2024 නොවැම්බර් සිට මේ දක්වා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළ අතර මේ වන විට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙසද කටයුතු කරයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...