පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ දුරකථන සංවාදයෙන් අනතුරුව බව පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Syed Mohsin Raza Naqvi පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදීය.
එහිදී අමාත්‍යවරයා විසින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය කෘතඥතාව පළ කර තිබුණි.
කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ ඊයේ (15) පැවති ලෝක කුසලාන විස්සයි20 ඉන්දු - පකිස්තාන ක්‍රිකට් තරගය නැරඹීම සඳහා, පාකිස්තානයේ අභ්‍යන්තර සහ මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය Syed Mohsin Raza Naqvi, විදේශගත පාකිස්තානු ජාතිකයින් සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය chaudhry Salik Hussain ඇතුළු නියෝජිත පිරිසක් මෙරටට පැමිණ සිටියේය.
එම පිරිස අද (16) පෙරවරුවේ මෙලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී සාකච්ඡාවක් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එහිදී, ශ්‍රී ලංකා රජය විසින් තම ක්‍රිකට් කණ්ඩායම ඇතුළු පිරිසට පිරිනමන ලද සුහදශීලී ආගන්තුක සත්කාරය පිළිබඳව මෙන්ම ශ්‍රී ලාංකික ජනතාව දැක් වූ මිත්‍රශීලි සහයෝගය පිළිබඳවද පාකිස්තාන අමාත්‍යවරයා වැඩිදුරටත් කෘතඥතාව පළ කර තිබේ.
එමෙන්ම, ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් කලාපය තුළත් ඉන් පිටතදීත් සහයෝගයෙන් කටයුතු කිරීම පාකිස්තානයේ අභිප්‍රාය බව සඳහන් කර ඇති නියෝජිත පිරිස, එහිදී ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහාය අගයමින් විශේෂයෙන් දෙරට අතර ආයෝජන, ශ්‍රම වෙළෙඳපොළ සහ සංචාරක කර්මාන්තයට අදළ කරුණු පිළිබඳ ඉදිරියේදී වඩාත් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කර ඇත.
මේ අතර, පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ සංචාරය සහ පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඉල්ලීම පිළිගෙන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම පිළිබඳව ජනාධිපතිවරයා එහිදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ද සිය කෘතඥතාව පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
දිට්වා සුළි කුණාටුව ඇතුළු ශ්‍රී ලාංකික ජනතාව අසීරුතාවට මුහුණ දුන් සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට පාකිස්තානය ලබාදුන් සහාය ද එහිදී ජනපතිවරයා වැඩිදුරටත් කෘතවේදීව අගය කර තිබේ.





