සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම අභියෝගයට ලක් කරමින් දයාසිරි ජයසේකර විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව දිසා අධිකරණය විසින් එම නියෝග නිකුත් කරනු ලැබීය.
කෙසේ වෙතත් දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වශයෙන් කටයුතු කිරීමට බාධා කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි එම පැමිණිල්ල තුළින් කෙරුණු ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
දයාසිරි කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වේ
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා සහ මහ ලේකම් ලෙස දුමින්ද දිසානායක දෙදෙනාට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස දයාසිරි ජයසේකර සිය පැමිණිල්ල තුළින් කළ ඉල්ලීමද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
එම ඉල්ලීම් මෙම නඩුකරය තුළින් ඉල්ලා තිබෙන අවසාන සහනය හා බැඳී පවතින කරුණු බැවින් ඊට අදාළ අතුරු තහනම් නියෝග මෙම අවස්ථාවේදී නිකුත් කළ නොහැකි බවත් විනිසුරුවරයා පැවසීය.
ඉන් අනතුරුව මෙම නඩුකරයට අදාළ උත්තර ගොනුකිරීම සඳහා අවසර දෙන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් අධිකරණය මෙම නඩුව යළි මැයි මස 4 වෙනි දා කැඳවීමට නියෝග කළ අතර එදිනට උත්තර ගොනුකිරීමට පියවර ගන්නා ලෙසත් විත්තියට නියම කළේය.




