The Leader News
BREAKING
Top Ad
පුවත්

අකුරේගොඩ ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

T

The Leader Desk

February 17, 2026 • 10:33 AM

අකුරේගොඩ ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම සැකකරුවන් දෙදෙනා කොට්ටාවේදී ඊයේ (16) පස්වරුවේ බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
  • කෙසේවෙතත් ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ කරන්දෙණියේ සුද්දාගේ උපදෙස් මත ඩුබායි නිපුන හා මල්වානේ ටුටූ නැමැත්තන් විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවය.
  • මේ අතර අදාළ සොහොයුරන් දෙදෙනා විසින් අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳසැල අසල රැඳී සිටි වෙඩික්කරුවන්ට ගිනිඅවි ලබාදෙන අයුරු ඇතුළත් CCTV රූපරාමු පෙළක් ද මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත.
  • ඒ අතරතුරදී අදාළ නීතීඥවරයාද එම මාර්ගයේ පැමිණෙන අතර පසුව අත්අඩංගුවට පත් වූ දෙදෙනා ඒ පිළිබඳව වෙඩික්කරුවන්ට දැනුම්දී ඇති බවද පොලිසිය සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම සැකකරුවන් දෙදෙනා කොට්ටාවේදී ඊයේ (16) පස්වරුවේ බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කෙසේවෙතත් ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ කරන්දෙණියේ සුද්දාගේ උපදෙස් මත ඩුබායි නිපුන හා මල්වානේ ටුටූ නැමැත්තන් විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවය.

මේ අතර අදාළ සොහොයුරන් දෙදෙනා විසින් අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳසැල අසල රැඳී සිටි වෙඩික්කරුවන්ට ගිනිඅවි ලබාදෙන අයුරු ඇතුළත් CCTV රූපරාමු පෙළක් ද මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත.

එහි දැක්වෙන්නේ අත්අඩංගුවට පත් වූ එක් තරුණයෙකු විසින් ඔවුන් පැමිණ මෝටර් රථයෙන් බෑගයක් රැගෙනවිත් වෙඩික්කරුවන් රැඳී සිටි මෝටර් රථයට ලබාදෙන අයුරුය.

අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් හෝකන්දර දෙසට යන ආකාරය ද එහි දැක්වේ.

ඒ අතරතුරදී අදාළ නීතීඥවරයාද එම මාර්ගයේ පැමිණෙන අතර පසුව අත්අඩංගුවට පත් වූ දෙදෙනා ඒ පිළිබඳව වෙඩික්කරුවන්ට දැනුම්දී ඇති බවද පොලිසිය සඳහන් කළේය.

තලංගම අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳැසලක රථ ගාලේදී ඉකුත් සිකුරාදා පස්වරුවේ නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කර තිබුණි.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 12ක් පත්කරනු ලැබීය.

ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නැහැ ! - මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අකුරේගොඩදී පසුගියදා වෙඩි ප්‍රහාරයක් එල්ල වී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය වූ ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

මෙය හුදකලා සිදුවීමක් බවත් ඉන් ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම එම ප්‍රහාරයෙන් මියගිය නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ පවුලේ ඥාතීන් වෙත ශෝකය පලකරන බව ද අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේය.

අද (17) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම සිදුවීම හේතුකොට ගෙන ජාතික ආරක්ෂාවට බලපෑම් එල්ල වී ඇති බවට හුවා දැක්වීමට උත්සාහ ගන්නා බවය.

මෙම ඝාතනය කිසිවිටෙකත් නීතියේ ආධිපත්‍යයට එල්ල වූ තර්ජනයක් ලෙස සැලකිය යුතු කාරණයක් නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

"මේ රටේ කිසිවෙකුගේ ජීවිත, අපි අවතක්සේරු කරන්නේ නෑ. කිසිවෙකු කිසිවෙකු අතින් මියයෑම අපි අනුමත කරන්නේ නෑ. සියලුදෙනාගේ ජීවිත ආරක්ෂා කරන්න අපි රජයක් විදියට කැපවෙනවා. ඒ සඳහා තීන්දු තීරණ රාශියක් රජය බලයට පත්වූ දා සිට, අරන් තියෙනවා. සමාජයේ සැරිසරන විශාල අවි ආයුධ ප්‍රමාණයක් තියෙනවා. පහුගිය කාලයේ දේශපාලනඥයින්ට දුන්න අවි ආයුධ තවම භාරදීලා නෑ. මෙවැනි තත්ත්වයක් තුළ තමා කටයුතු කරමින් යන්නේ. සමහර ආයුධ හමුදා කඳවුරුවලින් පාතාලයට ලබාදුන්න අවි ආයුධ ගැන විමර්ශන සිදුවෙන පරිසරයක් තුළ තමා මෙවැනි ඝාතන සිදුවන්නේ. ඝාතන සංස්කෘතිය අපි හෙළා දකිනවා. ඒ වගේම නැවත නැවතත් අපි කනගාටුව ප්‍රකාශ කරනවා."

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...